(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වංසගතයෙන් ආරක්ෂවීමට දුම්රිය කාර්ය මණ්ඩලවලට සෞඛ්‍ය පහසුකම් ලබානොදීම විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම් කීපයක් මූලික කරගෙන අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට හෙට (13) මධ්‍යම රාත්‍රීය දක්වා එක්දින සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් එස්. කසුන් චාමර මහතා පවසයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වේගයෙන් ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්වුව ද ක්‍රමවත් නිරෝධායන වැඩපිළිවෙළක් නොමැති වීමෙන් ඔවුන්ගේ ජීවිත අවදානමට පත්ව තිබීම, සෞඛ්‍ය ආරක්ෂිත ද්‍රව්‍ය ඉක්මණින් ලබානොදීම සහ ඒවායේ ගුණාත්මකභාවය සඳහා කටයුතු නොකිරීම, කොළඹ ගෙදර අතරමැදි නිරෝධායන මධ්‍යස්ථානයේ පොදු බව නොමැතිවීම සහ ස්ථාන මාරුවලට බාහිර වෘත්තීය සමිති මැදිහත් වීම යන වෘත්තීය ගැටලු ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ මෙම එද්නි වර්ජනයට හේතු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමනාගමන සේවකයින් සේරම ස්ට්‍රයික් කළා නම් ඉබේම රට වැහෙනවා...
රජයේ ආයතන ඔක්කොම වගේ ඉතා අවදානමේ....!!!
පිං පඩි කාරයො.
මුන් වගේ කාලකන්නි ජාතියක් .එකෙක්ගේ මාසෙක වැටුප ලක්ෂෙකට වැඩියි. මාස්ක් එකක් ගන්න ,අත් හෝදන්න ,සබන් ගන්න ,සල්ලි ඉල්ලන්නෙත් රජයෙන්.