(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් 1676 දෙනකු අද (13) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල දත්ත සදහන් කරයි.

ආසාදිතයින් හමුවීම බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් - 218 ක්, මහර - 195 ක්, මීරිගම - 147 ක්, අත්තනගල්ල - 130 ක්, දිවුලපිටිය සහ වත්තල කොට්ඨාසයන්ගෙන් - 121 දෙනෙකු බැගින් , දොම්පෙ - 110 ක්, කටාන - 102 ක්, ජාඇල - 95 ක්, කැලණිය - 94 ක්, මිනුවන්ගොඩ - 90 ක්, මීගමුව - 89 ක්, සීදූව - 84 ක් සහ ගම්පහ - 30 ක් වශයෙනි.

පැය 24 ක කාලය තුළ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 83 දෙනකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 72 ක් සහ බියගමින් - 11 ක් වශයෙන් බවත් දත්තයන්හි සදහන්ය.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 26,113 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.