
( තිළිණි ද සිල්වා )
ලෙබනනයෙහි එක්සත් ජාතීන්ගේ අන්තර් බලකායේ (යුනිෆිල්) සාම සාධක රාජකාරි සිදු කරන ශ්‍රී ලංකා භට කණ්ඩායම් වෘත්තීයභාවය වෙනුවෙන් ගෞරවයක් දිනා ගෙන ඇති බව එහි දූත මෙහෙයුම් ප්‍රධානි බල සේනාංකාධිපතිවරයා ශ්‍රි ලංකා රජයට දැනුම් දී ඇත.
ලෙබනනයෙහි එක්සත් ජාතීන්ගේ අන්තර් බලකායෙහි දූත ප්‍රධානි බල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ස්ටෙෆෙනෝ ඩෙල් කෝල් මහතා ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණිරත්න කරුණාරත්න මහත්මිය සමඟ පැවත්වූ සාකච්ඡාවකදී ඔහු මේ බව දැනුම් දුන් බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර් බලකායේ මූලස්ථානයේ මෙම හමුව පැවැත්විණි
ශ්‍රී ලංකා භට කණ්ඩායම් සිය කැපී පෙනෙන වෘත්තීයභාවය වෙනුවෙන් ගෞරවය දිනාගෙන ඇති බවත් පසුගිය වසර 10 තුළ තම බලකාය වෙනුවෙන් ශ්‍රී ලංකා භට පිරිස් ලබා දුන් විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් තම ස්තූතිය පුද කරන බවද බල සේනා ආඥාපතිවරයා ශ්‍රී ලංකා තානාපතිනිය හමුවේ කීවේය.
යුනිෆිල් දූත මෙහෙවරට මහත් ශක්තියක් වන ශ්‍රී ලංකා භට කණ්ඩායම්වල වෘත්තීයභාවය සහ රටට ගෙන දෙන ගෞරවය වෙනුවෙන් තානාපතිනිය මෙහිදී ප්‍රණාමය පුදකරන ලදි.
ශ්‍රී ලංකා තානාපතිනියට ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර් බලකායේ මූලස්ථානයේ යුධ හමුදා ගෞරව ආචාරයක් පිරිනමන ලද අතර ඇය විසින් ශ්‍රී ලංකා භට කණ්ඩායම් පරීක්‍ෂා කිරීමේ ද නිරතවිය.
මෙම අවස්ථාවට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම් (කම්කරු) ටී. ලක්‍ෂ්මිදරන් මහතා ද එක්විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනයගරුකභාවය හා ආචාරශීලිත්වය දිගටම පවත්වාගෙන යාමට සුබපැතුම්...!!!
ගොඩක් සතුටුයි...!!!
තාම එයාලා දන්නේ නැතිව ඇති අපේ හමුදා කාරයින්ට පාරක වාහනයක්වත් හසුරුවාගන්න බැරි බව... කොතන බැලුවත් කොහෙහරි හප්පගෙන විරිත්තගෙන ඉන්නවා...!!!