(තිළිණි ද සිල්වා සහ රංජන් කටුම්පොළ)
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති "මානව හිමිකම් සංවිධාන (සංස්ථාපිත) පනත් කෙටුම්පත 2021" නැමැති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවට තීරණය කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ලේකම් හා නීතීඥවරු දෙපළක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ඉදිරිපත් කළහ.
පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර ඇති එය නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් හා ජනමත විචාරණයකින් සම්මත කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.
ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ලේකම් වසන්ත බණ්ඩාර , ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන නීතීඥ රාජා ධර්මසිරි ගුණරත්න සහ නීතීඥ නුවන් චාමර ඉදුනිල් මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරට හදපු ලියුමක් පෙන්නලා මහින්දගේ ඔඩොක්කුවට පැනලා මාසෙකට ඇමති කමක් ගත්තා... හරි නම් කුණු කූඩෙට දාන්න ඕන... ඒත් සජී ගාවට ගත්තා. මට පුදුම ෆොන්සේකා වගේ කෙලින් වැඩකරන කෙනෙක් මේ වගේ අය නැවත පක්ෂයට ගන්න එක ගැන එරෙහි නොවෙචිච එක ගැනයි...