(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පළාත් අතර සංචරණ සීමා පැන වුවද බස්නාහිර හා දකුණු පළාත වෙන් කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශය මේ වන විටත් වසා නැති බව අධිවේගී රථවාහන පාලන මධ්‍යස්ථානය කියයි
බස්නාහිරින් පිටවන සහ ඇතුළු ස්ථාන සියල්ල ආවරණය වන පරිදි මාර්ග බාධක දැමුවද අධිවේගී මාර්ගය ඔස්සේ කිසිදු බාධාවක් නොමැතිව බස්නාහිරින් පිටවීමට සහ දකුණු පළාතේ සිට බස්නාහිර පැමිණීමට හැකියාව ඇත
මේ පිළිබඳ අධිවෙගි රථවාහන පොලිසියෙන් විමසීමේ දී පොලිස් නිලධාරියෙක් පැවසුවේ මෙතෙක් ඒ පිළිබඳ පොලිස් පණිවුඩයක් ලැබී නොමැති බවයි මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසීමේදී ඒ සම්බන්ධයෙන් වහා සොයා බලන බව පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙද? රජයට සත 05ක හෝ ආදායමක් ලැබෙනවනේ... මොනවද කොරෝනා නිසා මේ දක්වා වස දැම්මේ? ගුවන් මගින් රුසියාවෙන්, යුක්රේනයෙන් කොරෝනා ආනයනය කරන රජයකින්, අධිවේග මාර්ග හරහා කොරෝනා සංසරණය ගැන කුමන කතාද? රට වහන්නේ නෑ කියන ජනාධිපතිවරයෙක් ඉන්න රටක සුළු නිලධාරීන්, ඇමැතිවරුන්ගෙන් ඇති වැඩේ කුමක්ද?
මේවට හිනා යන්නේ කටින් නම් නෙවෙයි...!!!
පොඩ් එවුන්ට වහලා, ලොකු එවුන්ට ඇරලා... නඩුත් හාමුදුරුවන්ගේ... බඩුත් හාමුදුරුවන්ගේ...
මොකටද වහන ඒවා, අරින ඒවා හොයන්නේ? තම තමන් ආරක්ෂා වෙලා හිටියා නම් හරිනේ...
එදා සිට අද දක්වාම කිසිම අංශයක නිසි සම්බන්ධීකරණයක් නැතිකමෙන් තමයි අපේ රට අද මේ තත්වයේ තියෙන්නේ...