(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 155 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,775 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 85 දෙනෙක් සහ කාන්තාවෝ 70 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 111 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 41 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු තිදෙනෙක් ද වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථිකයේ වගකීම මෙන්ම මිනිස් ජීවිතවල වගකීමත් ජනාධිපතිතුමා බාරගත යුතුයි... ආර්ථිකය මිල කළ හැකි මුත් මනුෂ්‍ය ජීවිත මිලකළ නොහැකිය. නිවැරදි තීරණය ගැනීමට හෙටට කල් නොදමන්න.
අඩු වෙලා .ඊයේට වඩා 1ක් .මෙහෙම අඩු වෙලා යයි .බය වෙන්න එපා .
මිලියනයකට දෛනික මරණ අනුපාතය අද ලංකාව 7 වැනි තැනට ඇවිත්. ඉදිරි සති දෙක ඇතුලත පලවෙනි තැනට එන්න පුළුවන් මේ යන විදිහට. සර් දිනුම් 19 ලක්ෂයේ අපි පරාදයි.
ලෝකයේ විවිධ රටවල මනුෂ්‍යයින් කොරෝනා රෝගයෙන් මිය යද්දී, උජාරුවට නැට්ට කෙලින් කරගෙන උඩු බුරමින් සුනඛ රැඟුම් රඟ දැක්වූ, තම වර්ගයාටම (විදේශ ගත වල්ටේෂන්) එරෙහිවූ බල්ලන් කිසිම දාක හිතන්න නැතිව ඇති, වසංගතය තමන් දෙසට පැමිණෙයි කියලා. එක අතකට ඉතින් හඳටත් නිකරුනේ බුරන බල්ලන් කොහොමද හිතන්නේ මරණය කාටත් පොදුයි කියලා. පව් අහිංසක බල්ලන්ටත් දොස් කියනවා මේ කොහෙවත් ඉන්න අවලම් බල්ලෝ නිසා. මුස්ලිම් වරුන්ට හා සුද්දන්ට පින්සිද්ධ වෙන්න කුස ගිනි පුරෝගත්තු සුනඛයින් දැන් ලංකාවට පොහොර සපයන්නේ නැති නිසා, වල් බල්ලන්ට කුසගින්න අනාගතයේදී තදටම දැනේවි?