(අංජුල මහික වීරරත්න)
කොරෝනා මර්දනය සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා මාලාව දෙස රජය සුබවාදීව බලා ඒවා ක්‍රියාත්මක කරනු ඇතැයි සිතන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂය ලෙස මේ අවස්ථාවේදී කටයුතු කරන්නේ රජය වටලන්න හෝ විරුද්ධව වැඩ කිරීමෙි අදහසින් නොවන බව කී විජයවර්ධන මහතා රටට නිදහස ලබාදුන් පක්ෂය ලෙස වසංගතයෙන් ගොඩ ඒම සඳහා දායක වීමට එජාපයට යුතුකමක් මෙන්ම වගකීමක් තිබෙන බවද සඳහන් කළේය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මහතා කීවෙි සියලූ වාදබේද දුරලා රටක් ලෙස සිතා මේ ජාතික ව්‍යසනයෙන් මිදීමට කටයුතු කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ පැත්තෙවත් හිටියා නම් අපිටත් සුබවාදීව බලන්න තිබුණා රූකඩ ගැන...
රජයේ කිසිවකුගේ අදහස් පිළිබඳව සුබවාදීව නොබැලීම, රජයේ මුරණ්ඩු ප්‍රතිපත්තිය සහ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපැදීම නිසා මේ වනවිට අති බහුතරයකට කොරෝනා සෑදී ඇත...
රටත්, ජනතාවත් ගැන ඇල්මෙන් කරන යෝජනා නිසා වෙන්න ඇති මාධ්‍ය ප්‍රචාරයක් දීලා, මාධ්‍ය සාකච්ඡා පවත්වලා යෝජනා බාරදුන්නේ...? ඔව්වා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට..!!! ඕකට කියන්නේ කලදුටු කළ වල ඉහගන්නවා කියලා.
අපට තිබෙන ගැටලුව නම් මේච්ච කල් දිය යටින් C4 ගෙනිහින් අර වර්ජන මේ උද්ඝෝෂණවලට පුළුවන් තරම් උදව් කරලා අද ඊයේ මෙම රෝගය පැතිරුණා සේ එකපාරටම යෝජනා ගෙනඒමයි. මෙහි යටි අරමුණ නම් ඉතාමත්ම පැහැදිලිය. තමන්ගේ වරිගේ නමටත් ලැජ්ජයි..