(සුජිත් හේවාජුලිගේ)
රට නොවසා දැඩි සංචරණ සීමා පැනවීමෙන් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ පැතිරීම පාලනය කළ හැකි යැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය.
වයිරසය පාලනය කිරීම සඳහා ජනතාව උපරිම වශයෙන් නිවෙස්වල රැඳවීමට කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් වයිරසය වායුගෝලයෙන් පැතිරෙන බවට සමහරුන් මත පළ කර තිබෙන බව පැවසූ විතාරණ මහතා එම වයිරසය වායුගෝලය ඔස්සේ දුර පැතිරෙන එකක් ලෙස නොසලකන බවද පැවසුවේය.
කොවිඩ් වයිරසය පැතිරෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට බවත් වයිරසයකට සජීවී උපස්තරයක මිස බාහිර පරිසරයේ වර්ධනය විය නොහැකි බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
තනි වයිරසයකටද ගමන් කළ හැක්කේ ඉතාම කෙටි සීමිත දුරක් බවද ඔහු පෙන්වා දුන්නේය.
වයිරසය වායුගෝලයෙන් පැතිරෙනවා නම් එය සියලු දෙනාටම වැළඳෙන බවත් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ඉදිරියේදී තවත් වෙනස්කම්වලට භාජනයවී දරුණු වයිරස ප්‍රභේද නිර්මාණයවීමට ඉඩ ඇති බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.
රට සම්පූර්ණයෙන්ම වැසුවහොත් ජනතාවට කෑම අහේනියක් මතුවීම වැළැක්විය නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යෑම, දෑත් සබන් යොදා සේදීම, එක්රොක්වීම වැළකීම යනාදි ක්‍රියාමාර්ගවලින් වයිරසය තම තමන්ගේ තමන්ගේ ශරීරවලට ඇතුළු වීම වළක්වා ගත හැකි බවත් මේ අවස්ථාවේදී ජනතාවගේ සහයෝගය ඉතාම වැදගත් බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
කොවිඩවලින් ආරක්ෂාවීම සඳහා විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය පාවිච්චි කර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවද විතාරණ මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ අදහස් ඉතාම වටිනවා නමුත් විෂය භාර ඇමතිණිය කියන දෙයවත් නාසන තත්වයක කුමක් කරයිද සිතන්න අමාරුයි
මෙයා උගතෙක් උනත් ආණ්ඩුවට කඩේ යන කෙනෙක්. මෙතුමා පෝර දාන්නේ රට නොවසා තියා ගන්න. "ලොක්කට කඩේ ගියොත් කට්ටක් ලැබේ"
ඔබේ අදහස් මේ උද්දච්ච පාලකයා ගණන් ගන්නේ නැහැ...
ආවට ගියාට යෝජනා කරලා වැඩක් නෑ. මේ රෝගය පාලනය සහ මරණ වළක්වන්න පුළුවන් නම් ඒ වගකීම ගන්නේ නැතිව යෝජනා කරාට වැඩක් නෑ. දැන් තියෙන භයානක තත්වය ගැන සිතන්න අපේ රටේ ජනතාව මුව ආවරණ පැළඳීම්, එන්නත් කරගැනීම්,... මේ හැමදේටම වෙනත් රටවලට වඩා උනන්දුයි.. අන්තිමට ජනතාවට වගකීම පටවන්නේ නැතිව හරියට කරනවා..
කොරෝනා පාලනය වුණොත් අපි තමයි ඒක කලේ කියන්නත්, පාලනය වුණේ නැතිනම් ජනතාව උපදෙස් පිළිපැද්දේ නෑ තියන මෝඩ න්‍යාය නම් ගේන්න එපා.. බලය ගන්නේ ජනතාව ආරක්ෂා කරන්න... ඒ නිසා මේ වෙලාවේ වගකීමෙන් ජනතා ජීවිත රැකදෙන්න..
මහාචාර්යතුමාට විෂය දැනුම විතරක් නෙමෙයි, මහජනයාගේ හදගැස්ම තේරෙනවා. ඔබතුමා කියන දේ තමයි ගෝඨාභය ජනාධිපතිතුමා නිතර කියන්නේ.. මමත් හිතනවා ඔය තීරණය අද රාත්‍රියේ එයි කියලා...
කවුරු කිව්වත් රට වහන්නේ නැහැ. ධම්මික පෙරේරා කිව්වොත් රට වහනවා.
ලොක්ඩවුන් එකකට ගියොත් රටේ ආර්ථිකය දවුන් වෙනවා. ක්‍රමවත් සැලසුමක් සකස්කළ යුතුයි... කෝවිඩ් 19 පාලනයට...
කොරෝනා වලට වඩා ප්‍රබලයි මාද්‍ය සංදර්ශන.
දියුණු රටවලත් මෝඩ, ඇට්ටර මිනිස්සු සෞඛ්‍ය පුරුදු පිළි නොපැද්දා නම් මෙහෙ එහෙම නොවේවිද? පැතිරෙන්න හේතුව ඒක නම්.., මිනිස්සු කොහොමත් ඒ වගේ මෝඩ නම්, කරන්න තියෙන්නේ බුද්ධිමත් වසංගත විශේෂඥයි වගේ රට වහලා මුලින් රට ඇතුලේ කොරෝනා නැති කරලා ඉන් පස්සේ රට ඇතුළට කොරෝනා දාගන්නේ නැතුව තියන දෙයක් කාල තියන රුපියලකින් ජීවත් වෙන එකයි. නැත්නම් හැමෝම බාල, තරුණ, මහලු, දුප්පත්, පොහොසත්, ධන කුවේර බේදයක් නැතුව එක්කෝ මැරෙයි. මැරුණේ නැත්නම් අතුරු අබාධත් හදාගෙන හැමෝම ජීවත් වෙයි...
රෝහිත අඩු ගානේ එහෙම සැලසුමක් හදනකම් වත් ලොක් ඩවුන් නොකරොත් මේ රටේ ඩවුන් වෙන්නවත් ආර්ථිකයක් තියේවිද ඉස්සරහට? දැන් ඔය ලොක් ඩවුන් නොකිරීම නිසා සතුටින් එදා වේල සොයා ගන්න කීප දෙනෙක් මට සොයා දෙන්න පුලුවන්ද? ඇත්ත තත්වය තත්වය තමයි දැනුත් එයාලා බඩගින්නේ.... ඉස්සර ගමේ පොල් කඩවනවා වගේ ඉතා සුළු රස්සා වල ජීවත් වුණු මිනිස්සුන්ට දැන් කොහෙත්ම වැඩ නෑ. ඔය ආර්ථිකේ කඩා වැටෙනවා මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑ කියලා කෑ ගහන්නේ අර දුප්පත්තු නොවේ. මධ්‍යම පන්තිය හරි පොහොසත් පන්තිය හරි. හැබෑ දුක පේන්නේ නෑ. හැබැයි රට ලොක්ඩවුන් කරලා නවසීලන්තේ වගේ කොරෝනා පාලනය කළොත් අර එදාවේල සොයා ගන්න මිනිස්සුන්ට නිදහසේ රස්සාවත් කර ගන්න පුළුවන් වෙයි. එයාලාට විතරක් නොවේ හැමෝටම පුළුවන් වෙයි...
අඩු ගානේ එහෙම සැලසුමක් හදනකම්වත් ලොක් ඩවුන් නොකරොත් මේ රටේ ඩවුන් වෙන්නවත් ආර්ථිකයක් තියේවිද ඉස්සරහට? දැන් ඔය ලොක් ඩවුන් නොකිරීම නිසා සතුටින් එදා වේල සොයාගන්න කීප දෙනෙක් මට සොයා දෙන්න පුළුවන්ද? ඇත්ත තත්වය තමයි දැනුත් එයාලා බඩගින්නේ... ඉස්සර ගමේ පොල් කඩවනවා වගේ ඉතා සුළු රස්සාවල ජීවත් වුණු මිනිස්සුන්ට දැන් කොහෙත්ම වැඩ නෑ. ඔය ආර්ථිකේ කඩා වැටෙනවා මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑ කියලා කෑ ගහන්නේ අර දුප්පත්තු නොවේ. මධ්‍යම පන්තිය හරි පොහොසත් පන්තිය හරි. හැබෑ දුක පේන්නේ නෑ. හැබැයි රට ලොක් ඩවුන් කරලා නවසීලන්තේ වගේ කොරෝනා පාලනය කරොත් අර එදා වේල සොයා ගන්න මිනිස්සුන්ට නිදහසේ රස්සාවත් කරගන්න පුළුවන් වෙයි. එයාලාට විතරක් නොවේ හැමෝටම පුළුවන් වෙයි.
ලොක් ඩවුන් කාලේ කන්න දෙන්න වත්කමක් රජයට නැත්නම් මේ අමාරු වෙලාවේ කරන්න තියෙන්නේ කොහෙන් හරි ණයක් හරි අරන් මිනිස්සුන්ට කන්න දෙන එකයි. රටේ හැමෝම තමන් ගැන විතරක් නොහිතා, පඩි ගන්නේ නැතුව, ඒ සියලු මුදල් ලොක් ඩවුන් වුණු තමන් ඇතුළු සියලු අයට ආහාර වගේ අත්‍යාවශ්‍ය දේවල් වෙනුවෙන් ලබා දෙන්න රජයට ඉඩ දෙනවා නම් රටේ කව්රුවත්ම බඩගින්නෙනුත් නොමැරී කොරෝනා වලිනුත් නොමැරී බේරෙයි.
ලොක් ඩවුන් කාලේ කන්න දෙන්න වත්කමක් රජයට නැත්නම් මේ අමාරු වෙලාවේ කරන්න තියෙන්නේ කොහෙන් හරි ණයක් හරි අරන් මිනිස්සුන්ට කන්න දෙන එකයි. වෙන කිසිම රජයේ ආයතනයකට මුදල් වියදම් නොකර සියලු මුදල් හරි ලොක් ඩවුන් වෙනුවෙන් යොදලා රට බේරාගන්න එකයි. නවසීලන්තයේ සමහරු පඩි නොගෙන හිටියා ඒ මුල්ම අමාරු ලොක් ඩවුන් කාලේ. රටේ හැමෝම තමන් ගැන විතරක් නොහිතා, පඩි ගන්නේ නැතුව, ඒ සියලු මුදල් ලොක්ඩවුන් වුණු තමන් ඇතුළු සියලු අයට ආහාර වගේ අත්‍යාවශ්‍ය දේවල් වෙනුවෙන් ලබා දෙන්න රජයට ඉඩ දෙනවා නම් රටේ කවුරුවත්ම බඩගින්නෙනුත් නොමැරී, කොරෝනා වලිනුත් නොමැරී බේරෙයි.
මහාචාර්ය තුමෝ ආණ්ඩුවට යෝජනා දෙනවා වගේ මහා ජනතාවටත් යෝජනා කරන්නකෝ ගෙවල් වලට වෙලා ඉන්න කියලා .ආණ්ඩුව නීති නොදැම්මත් එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ ?හාම වෙලේම ගහේ මුලටම පොහොර දාන්න ඕනේ නැහැ .කොළ පත්‍ර වලට ඉස්සහමත් වැඩ කරනවා .මුලට දැම්මට වඩා ඉක්මනට .
ආණ්ඩුව තමාගේ විද්වත් මතයට ඇහුම්කන් දෙන්නේ නැතිනම් කොන්ද කෙළින් තියන් ආණ්ඩුවෙන් යන්නේ නැතිව, නිකන් කෙඳිරි ගගා ඉන්න එක ඔබගේ මහාචාර්යකමටත් කරන නිග්රහයකි.