(ඉන්දිකා රාමනායක)
පළාත් අතර සංචරණ සීමා පණවා ඇති හෙයින් සංචාරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
බස්නාහිරින් පිටවන සහ ඇතුලුවන ස්ථාන සියල්ල ආවරණය වන පරිදි මාර්ග බාධක යොදා පරීක්ෂාවට ලක්කරන බවත් එයට අමතරව , අතුරු මාර්ග පාලම් , සියල්ලම ආවරණය වන පරිදි භට කණ්ඩායම් රාජකාරිය යොදවා ඇතැයි හෙතෙම කීය.
පළාත් අතර සංචරණ සීමා කිරීමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය රාජකාරියේ නිරත පිරිසට පමණක් බවත් ,ඒ හැර කිසිදු පුද්ගලයකුට පළාත් අතර සංචරණය කිරීම සපුරා තහනම් බව ද අජිත් රෝහණ මහතා.
නිරෝධායන නීතියට අනුගතව කටයුතු කරන ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බම්බුවේ සීමා. එහා මෙහා නොයන්නේ පළාත් විතරයි... යන්නේ කොහේද මල්ලේ පොල්..
දැන් පළාත් අතර සංචරණ සීමා දාන එක හොඳයි. මොකද පිට පළාත්වලින් විතරයි කොරෝනා බෝවෙන්නේ... පළාත ඇතුලේ කොරෝනා බෝවෙන්නෑ.. අම්මපා මේ ලොජික් කාගේද ඇත්තටම...?
අනේ මේ කොල්ලා අනුන් කියන බොරු කියලා කියලා දැන් හති නැද්ද දන්නේ නැහැ...
ඔය කියන බොරු දැන්... දැන් අවුරුදු 10ක් විතරම දවස ගානේ අපි අහනවා. ඒ නිසා අපිට ඔයාවත් දැන් අප්පිරියා වෙලයි තියෙන්නේ...
මොනවා කරත් මේ කරනා වැඩ සෞඛ්‍ය අංශ හා WHO එකේ අනුදැනුම ඇතිව කෙරෙන දේවල් නොවේ. මේ පවතින්නේ ලෝක වසංගතයක්. මේ වනවිට මේ පුංචි රටේ දිනකට සිය ගණනක් ලෙඩුන් මියයනවා. එහෙව් රටේ මේ දේශපාලකයින් පිස්සු නටනවා. ගෝල බාලයින් රැළ ඒවට සෑදී පැහැදී සිටිනවා. එහෙයියන්ට වැඩේ මාර ජොලි. මේ වයිරසය වැඩිවී මියයෑම් වැඩිම වූ විට, අයියලා මල්ලිලා ඇතුළු සෙට් එක පිටින්ම පිටරට පනීවි. මේ කරනා වැඩ හිතුවක්කාරී, ඒකාධිපති වියරුවෙන් කරණා වැඩ බව පෙනේ.
මේ පළාතේම වගා කරනවද...? දැන් මාර වැඩක්නේ. වගා කරන්න කියලා, පැලවලට අවශ්‍ය නඩත්තු කරන්න, වතුර දාන්න, ඒ මිනිසුන්ට මුදල් ගෙවන්න යන්න බැහැ. අපි පොඩි මිනිස්සු නිසා, හැබැයි කවුරු හරි ලොක්කෙක් දන්නවා නම් යන්න පුළුවන්... පුදුම නීති හොඳේ...
තව ටික දවසක් ගියා නම් රටම වැහෙනවා... මිනිස්සු ඒක කරගන්න ආවේ.. ඒ බයට තමා මේ පළාත් අතර සංචරණ සීමා දැම්මේ... දැන් වෙන්න ඕන හරිය ඔක්කොම වෙලා තියෙන්නේ... තව ටික දිනකින් අනිත් පළාත්වලිනුත් පොසිටිව් වෙන්න ගනී දිගට හරහට... මාසෙකට කලින් කරන්න තිබුණු දේ තමා අද කරන්නේ... ඔන්න අද කරන්න ඕන දේ තව මාසෙකින් විතර කරයි. අනේ මන්දා මේ පාලකයින්ට මොකක් හරි මානසික ලෙඩක් තියෙනවද කියලා...
නංගීගේ මගුල් ගෙදර කොළඹ, අපි ගාල්ලේ... 50 කට තමයි පුළුවන්... අපි 5 දෙනෙකු පමණක් ගාල්ලේ යන්න පුළුවන්ද..? දන්නා කෙනෙක් සිටී නම් කියන්න,
දැම්මට ඒ අයව ගෙන්න ගන්නවා ආයතන ප්‍රධානීන්.. එතකොට කොරෝනා දන්නවද මෙයා අත්‍යාවශ්‍ය කෙනෙක් කියලා... අනේ මේ අයගේ බොරු ලොජික්...
සංචාරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් යොදවලා උසාවිත් දාලා තවත් කොරෝනා රටට බෝකරන්න නම් එපා...
පළාත් මායිම්වල හොඳට රැකගෙන ඉන්න කාටවත් යන්න දෙන්න එපා. පළාත් ඇතුලේ රෝගය බෝවෙලා මැරුණාට කමක් නෑ.
අමුඩයක් ගහලා අතීසාරයෙන් බේරෙන්න බැරි බව කවුරුත් දනී. මොනවද මේ වැඩ?
පුළුවන් නම් මිරිහාන පැත්තේ පාරවල් ටික වහලා නන්දසේන ගෙදර තියන්න. රටේ ප්‍රශ්නවලින් බොහොමයකට විසඳුම් ලැබේවි. ලොකු පිනක් අපේ රට වෙනුවෙන් කරන...
ඔය දේවල් කරන්න තිබුනේ මුලින්. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා දැම්මා වගේ...
එදා කවදාවත් පරද්දන්න බෑ කියපු ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය LTTE පරාද කරපු ජාතිය, අද පිටරටින් හඳුන්වාදීපු අපේ රටේ මුළු සේසතම හූරගන්න කොරෝනා ව්‍යාපාරය ඉස්සරහා පිටරට සංවිධාන වලට ඕනෑ විදිහට නීති වෙනස් කරලා රටම හූරං කන ගමන් අහිංසක ජනතාවත් හිඟන්නෝ කරනවා. එදා අපි මුලු ලෝකයටම පෙන්නුවා ශ්‍රී ලාංකිකයින් කියන්නේ විශිෂ්ඨ ජාතියක් කියලා.