(සුජිත් හේවාජුලිගේ )
පළාත් අතර පොදු ප්‍රවාහන සේවා කටයුතුද අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අතර සුපිරි වෙළෙඳසල්, සාප්පු සංකීර්ණ ,අවන්හල් හා කඩ සාප්පු පවත්වාගෙන යෑමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13)පෙරවරුවේ පැවති කොවිඩ් 19වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් අතර වැහුවාම හොඳයි.., අනෙක් පළාත් වල පැතිරිලා නැත්නම්. හැම පළාතේම පැතිරිලා තියන වෙලාවක පළාත් අතර වහන එකේ තේරුම කාට හරි පුළුවන්ද මට පැහැදිලි කරලා දෙන්න...
මේ අයට ඕනේ කරා කියලා මොනවා හරි කරන්න මිසක් ,වෙන දෙයක් මෙතන නැහැනේ