(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළි හෙළිදරව් කරන්නැයි ඉල්ලා තමා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට ලැබුණු පිළිතුර ප්‍රශ්නයෙන් ලිස්සායන සුළු එකක් බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
තමා ඉකුත් ජූලි 13 වැනිදා යොමුකළ ලිපියට ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුවත් දින 24 කට ලැබුණේ ජනාධිපතිවරයා හෝ එතුමාගේ ලේකම්වරයාවත් අත්සන් නොකළ ජනාධිපති කාර්යාලයට සම්බන්ධ නීතිඥවරයකුගේ අත්සනින් නිකුත් කළ ඉතාම ලාමක පිළිතුරක් බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
එම පිළිතුර හා රජයේ වැඩපිළිවෙලට විරෝධය පා පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකකුත් මාස 4 ක් සම්පූර්ණ වන ලබන 21 වැනිදා රට පුරා කළු කොඩි ඔසවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ ප්‍රකාශ කළහ.
මෙම ප්‍රහාරය පිළිබඳව සෙවූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති කරුණු හා ඉන් පරිබාහිර අංශ වෙතින් ලද දත්ත ඔස්සේ තමා නැගූ බරපතළ ප්‍රශ්න සම්බන්ධයෙන් හෝ රජය ගන්නට යන ක්‍රියාමාර්ගය ගැන එම ලිපියේ සඳහන්ව නැතැයි ද කාදිනල්තුමෝ කීහ. එම ලිපියේ ඇත්තේ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව එකිනෙකා අතට හුවමාරු වූ ආකාරය පිළිබඳ විස්තරයක් පමණක් බවද කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගෙන් සාදාරණයක් බලාපොරොත්තු වෙන්න එපා .වෙන ක්‍රියාමාර්ගයකට යන්න .
කාදිනල් තුමා ඉස්සර (ඡන්දෙ කාලේ) කඩේ ගියා නේද ? දැන් ඉතිං ඉවසන්න .
ගරු කාදිනල්තුමනි, දැනගෙන හෝ නොදැන ඔබතුමා මේ ලිපිය යවා ඇත්තේ පාස්කු ප්‍රහාරයේ "ගෝඩ් ෆාදර්" වෙතයි. සිවිල් නීතියෙන් කෙසේවෙතත්... මේ ලෝකය පාලනය කරන සොබාදහමේ නීතියෙන් ඔය මිනීමරුවන්ට බේරී යා නොහැක. දවසක ... බලාපොරොත්තු නැති මොහොතක... ඔය ගෝඩ් ෆාදර් ඇතුළු මිනීමරුවන් රැලම, මාරයාගේ අසුන්දර පහස විඳීමට කලින්, දහස් වරක් මැරී - නොමැරී.. විඳවමින් සිට අවසානයේ අපාගතවනු ඇත. ජිවිත රෝදය කැරකෙනවා...කාලය ලුහුබැඳ යනවා..
මේ අය ත්‍රස්තවාදීන්ගෙන් අල්ලස් අරගෙන, නැත්නම් විසඳිලා හුඟක් කල්.
කට කහනවටද කියන්නේ ... හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියලා. ජනපතිවරණයට කළින් කොහොමද බෝම්බේ ගැන තිබුණු දුකයි, කැක්කුමයි...
දැන් පරක්කු වැඩියි. මේ ඔයාගේ ඩබල් ගේම්...
ඉස්සර පේන ඇහැව්වේ හොරාගේ අම්මාගෙන්. දැන් අහන්නේ හොරාගෙන්මයි...
ත්‍රස්තවාදී යුද්ධය නිසා මැරුණ, බෝම්බ නිසා මැරුණ, මායිම් ගම්මානවල මැරුණ, අරන්තලාවේ භික්ෂූ ඝාතනය නිසා අපවත් වුණු සියලු දෙනාටම සාධාරණය, වන්දි ඉල්ලලා හැමෝම කාදිනල් පාදිලි තුමා වගේ උද්ගෝෂණය කලොත්, වන්දි සාධාරණ ඉල්ලුවොත් රටට, ජනතාවට කුමක් වෙයිද? කතෝලික ක්‍රිස්තියානි අය විතරද මිනිසුන්. සාධාරණය, වන්දි ලැබෙන්න ඕනේ. අනිකුත් ත්‍රස්තවාදී යුද්ධය නිසා මැරුණ අපවත් වුණු හාමුදුරුවෝ මිනිසුන් නෙවෙයිද? සාධාරණය වන්දි ලැබෙන්න අවශ්‍ය නැතිද? කාදිනල් පාදිලි තුමෝ. ආගම් වාදය වර්ග වාදය කියන්නේ ඔක තමයි. ඇයි ත්‍රස්තවාදී යුද්ධය නිසා මැරුණ හා පාස්කු ප්‍රහාරය නිසා මැරුණ සියළු දෙනාම වෙනුවෙන් සාධාරණය වන්දි ඉල්ලන්නේ නැත්තේ?
ඔබ තුමත් මේ ආණ්ඩුවට කඩේ ගියා නේද.?
ඔබට පෙනෙන්නේ නැද්ද තවමත් සාක්ෂි ගොනුකරනවා. මිනිසුන් පාස්කු ප්‍රරහාරයට සම්බන්දයි මෙනන් මෙගොල්ලන්ව හිරේ දාන්න කියලා මිනිස්සු හිර දමන්න බැහැ. සුළු හෝ අඩුපාඩුවක් සිදු උනොත මොවුන් බුරුත්තම නිදහස් වෙනවා. මොකද මොවුන් වනුවන් නීතිඥයෝ පෙනී සිටිනවා. දැන් තමයි එළිවෙන්නේ තඹ කම්හලේ ආදායම ත්‍රස්ත වැඩ වලට යෝදලා තිබෙනබව.
කාදිනල් තුමත් ගුරුවරු වගේ වෙන්න යනවනේ.?
කවදා කොතන කොයිවෙලාවට බෝම්බ පුපුරනවාද කියා ලෝකෙම කියලත් බේරෙන්න බැරිවුණු ගොයියන් දැන් ගෝට් ෆාදර්ලා හොයනවා. කාදිනල්තුමා පල්ලියේ දේවමෙහෙය අවසානයේදී කියන්නකෝ හොඳ කිතුණු කෙනෙක් බෝම්බ පුපුරන බව තම පුතාණෝට කිව්වා... ඇයි මට නොකිව්වේ කියලා? එය දැන ගත්ත පුතාණෝ ඇයි මට නොකිව්වේ කියලා. වරද, අහලකවත් නොසිටි ගෝඩ් ෆාදර්ට හරවන්නේ. මට හිතෙන්නේ ඒ කිතුණුවා බොම්බේ පිපිරීම ගැන ඔබව දැනුවත් කළා කියලා...
මෙයාගේ දැන් මොලේ කචල්... ඉස්සෙල්ලා කොරෝනාවෙන් බේරිලා ඉමු.. ජීවත් වෙලා හිටියොත් පස්සේ බලමු. දැන් තියෙන වැදගත් දේ පාස්කු ප්‍රහාරය නොවෙයි, කොරෝනාවෙන් බේරෙන එකයි...
බොදුණුවකු වන මා ඔබතුමාට ගරු කරමි. සාධාරණ ඉල්ලීම... ඉටුකිරීම අනිවාර්ය දෙයකි. ඇත්තටම මේක රජය ලිස්සා යෑමක්... අනිවාර්යයෙන් ඔවුන්ට දඬුවම් ලැබිය යුතුයි. නමුත් ඔවුන්ට කර්මය, කර්ම ඵල අනුව, න්‍යාය අනුව දැනටමත් දඬුවම් ලැබී ඇත. ඔබතුමාගේ විශ්වාසය අනුව ‘‘ලෝක විනාශයට පෙර අවසාන විනිශ්චයේදී දඬුවම් ලැබෙනු ඇත.
ගරු උතූමාණෙනි, මහින්ද රාජපක්ෂ කාලේ ගාල්ලේ කන්‍යාරාමයක ළමා අපචාර සිද්ධියක් පිළිබඳව කරනු ලැබූ පොලිස් පරීක්ෂණ වහාම නතර කරන ලෙසත්.., එසේ නොවුණහොත් කිසිඳු රාජ්‍ය උත්සවයකට සහභාගි නොවන බවටත් තර්ජනය කොට, එකී අසීරු කාලේ (යුද්ධය කාලේ) එම පරීක්ෂණ නවතා දැමූ අයුරු සිහිකලොත් මා ද්‍රොහියෙකු වේද?
කතෝලික, ක්‍රිස්තියානි, ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි... ලංකාවේ, ආසියාවේ අප්‍රිකාවේ මංකොල්ල කාලා, සංස්කෘතිය වනසලා, මිනීමරලා ආගම පතුරුවමින් කළ අපරාධවලට වන්දි ඉල්ලමු..
කොරෝනා අස්සේ මෙයා බයිලා ගහනවා...!!! මීට වඩා නරකයිද පාප්තුමා හරහා වතිකානුවෙන් එන්නත් තොගයක් ගෙන්නලා අසරණ ලෙඩ්ඩුන්ට විද්දොත්? රජයට බැරි වුණු දේ ඔබ කළා කියලා සතුටු වෙන්නත් තිබුණා නේද?
නියම පිළිතුර ලැබුණා නම් ඔබ ජනාධිපතිතුමා සමග තරහ වේවි...!!!