(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මදුරාවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් සිය නිවසට හොර රහසේ විදුලිය ලබා ගෙන තිබියදී විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන එම පුද්ගලයා බැල්ලපිටිය ,කිරි දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
විදුලිබල මන්ඩලයේ විශේෂ විමර්ශනය ඒකකයට ලද පෙත්සමක් අනුව සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත
සැකකාර මන්ත්‍රීවරයා සිය නිවසේ විදුලි මනුව සිදුරුකර එම සිදුරු තුළින් කම්බි කුරක් යවා කැරකුම් තැටියේ ක්‍රියාකාරීත්වය වරින් වර නවතා යථාපරිදි .මනු ගත නොවන පරිදි වංචනික ක්‍රියාව සිදු කර තිබියදී විශේෂ විමර්ශන ඒකකයේ විමර්ශන සහකාර ජි ඩි ඩි ඒ වනිගසේකර මහතා ඇතුළු කණ්ඩායමක් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී කියන්නේ ඉතින් අනීතයෙන් ජීවත් වෙන්න කියන එකනේද? දැන් ලංකාව ඒ වගේ වෙලා. පුදුමේ ඒක අල්ලපු එක මැරුම් නොකා.
පොහොට්ටුවේ අහන්නත් දෙයක්ද.?
මෙවැනි දේශපාලුවන්ට තරාතිරම නොබලා උපරිම දඬුවම් දිය යුතුයි. නැවත ඡන්දය ඉල්ලීමට නොහැකි වන පරිදි කටයුතු කළ යුතුයි...
ඔය පක්ෂයේ ලොක්කාගේ ඉඳං සොක්කා දක්වාම කරන්නේ ඔය අදත්තාදානෙම තමයි..