(යොහාන් භාසුර)
’කොවිඩ්’ මර්දනය සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් යුත් කමිටුවක් පත්කිරීමට සහ ග්‍රාමීය මට්ටමින් කමිටු පිහිටුවීමට කළ යෝජනා දෙකම සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රතික්ෂේප කළ බව ලංකා සමසමාජ පක්ෂයේ නායක, වසංගත රෝග විශේෂඥා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිස්ස විතාරණ මහතා පවසයි.
තමන් යෝජනා කළ පක්ෂ නායක කමිටුව සහ ග්‍රාමීය කමිටු ඇති කළා නම් අද රටට මෙවැනි දැඩි ව්‍යවසනාකාරී තත්වයකට පත්නොවන බව ද වෛද්‍යවරයකු ලෙස තමන්ගේ යෝජනා බැහැර කිරීම පිළිබඳව කණගාටු වන බවත් තිස්ස විතාරණ සඳහන් කළේය.
පළමුවෙන්ම පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන්ගෙන් යුත් කමිටුවක් පිහිටුවලා සියලු දෙනාගේ අදහස් ලබාගෙන ‘කොවිඩ්’ මර්දනය ජාතික වැඩසටහනක් හැටියට පරිවර්ථනය කිරීමට යෝජනා කළ බව කී තිස්ස විතාරණ ද එවැනි කමිටුවක් අවශ්‍ය නොවන පැවසූ බවත් සඳහන් කළේය.
‘කොවිඩ්’ සමාජගත වී නොමැති බැවින් ග්‍රාමිය කමිටු අවශ්‍ය නොවන බවත් පැවසූ බවත් පාර්ලිමේන්තුවේ තියෙන එතුමිය මුලාසනය දරණ කමිටුවට ඇවිත් අදහස් දක්වන ලෙස දැනුම් දුන්න ද එම කමිටුව රැස්වී නොමැති බව ද කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිස්ස විතාරණ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. “‘කොවිඩ්’ සමාජගත වෙලා තියෙන නිසා මම කිව්වා විද්‍යානුකූලව ගම් මට්ටමින් ජනතාව අවදිකරන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ කරගෙන කොවිඩ් කමිටුවක් පිහිටුවන්න කියලා. ඒ කමිටුවට යම් කටයුතු බාරදෙන්න පුළුවන්. ජනතාවට පණිවුඩ හතරක් පමණයි දෙන්න ඕන. මේ සෞඛ්‍ය පුරුදු හතර අපි ක්‍රියාත්මක කළොත් මේ වයිරසයට තනිම වැඩෙනන් බෑ. මේ කොවිඩ් වයිරසය ඇබ්බැහි වෙලා තියෙන්නේ අශ්වාස ප්රාශ්වාස මාර්ග තුළ තියෙන ශෛලවල වැඩෙන්නැයි. මුව ආවරණය පැළදීම, සබන් යොදා අත සේදීම, මීටර දෙකක් දුරින් හිටියොත් වඩා හොදයි යන පණිවුඩ ජනතාවට දෙන්න ඕන”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ ඔය දේශපාලකයෝ නැති තරමට වැඩ ටික හරියට වෙනවා.
ඔබ හරි. නමුත් අවාසනාවන්ත ලෙස සියලු තීරණ කාලකන්නි නායකයින්ගෙන්
වයසට යනකොට කමිටුවකට හරි හේත්තුවක් දාලා ගාණක් කපාගන්න වගේ. කමිටු තිබුණට වැඩ කරන්න ඕන බිම් මට්ටමේ ඉන්න අය. ඔවුන්ව බලගන්වන්න. කමිටු හොඳා කාලේ කන්න. මුදල් කන්න...
දියුණු රටවලත් මෝඩ ඇට්ටර මිනිස්සු සෞඛ්‍ය පුරුදු පිළි නොපැද්දා නම් මෙහෙ එහෙම නොවේවිද? පැතිරෙන්න හේතුව ඒක නම් මිනිස්සු කොහොමත් ඒ වගේ මෝඩ නම්... කරන්න තියෙන්නේ බුද්ධිමත් වසංගත විශේෂඥයින් වගේ රට වහලා මුලින් රට ඇතුලේ කොරෝනා නැති කරලා ඉන් පස්සේ රට ඇතුළට කොරෝනා දාගන්නේ නැතුව තියන දෙයක් කාලා තියන රුපියලකින් ජීවත් වෙන එකයි. නැත්නම් හැමෝම බාල, තරුණ, මහලු, දුප්පත්, පොහොසත්, ධන කුවේර බේදයක් නැතුව එක්කෝ මැරෙයි.., මැරුණේ නැත්නම් දිව පපුව ගාවට ලොකු වෙනවා වගේ භයානක අතුරු අාබාධත් හදාගෙන හැමෝම ජීවත් වෙයි.
නවසීලන්තේ සමහරු පඩි නොගෙන හිටියා මුල්ම අමාරු ලොක් ඩවුන් කාලේ. රටේ හැමෝම තමන් ගැන විතරක් නොහිතා, පඩි ගන්නේ නැතුව, ඒ සියලු මුදල් ලොක් ඩවුන් වුණු තමන් ඇතුළු සියලු අයට ආහාර වගේ අත්‍යාවශ්‍ය දේවල් වෙනුවෙන් ලබා දෙන්න රජයට ඉඩ දෙනවා නම් රටේ කවුරුවත්ම බඩගින්නේනුත් නොමැරී කොරෝනා වලිනුත් නොමැරී බේරෙයි...
නවසීලන්තයේ සමහරු පඩි නොගෙන හිටියා.. ඒ මුල්ම අමාරු ලොක් ඩවුන් කාලේ. රටේ හැමෝම තමන් ගැන විතරක් නොහිතා, පඩි ගන්නේ නැතුව... ඒ සියලු මුදල් ලොක් ඩවුන් වුණු තමන් ඇතුළු සියලු අයට ආහාර වගේ අත්‍යාවශ්‍ය දේවල් වෙනුවෙන් ලබා දෙන්න රජයට ඉඩ දෙනවා නම් රටේ කවුරුවත්ම බඩගින්නෙනුත් නොමැරී කොරෝනා වලිනුත් නොමැරී බේරෙයි..
අදහස් පිළිගන්නේ නැත්නම් එයට විරෝධය ප්‍රකාශකර මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වුණොත් හොඳ නැතිද?
ඉහලින් එන නියෝහ ක්‍රියාත්මක කිරීම සඳහා හමුදාව යොදා ගැනීමෙන් එන්නත් දීම, නිරෝධානය වැනි කටයුතු කාර්යක්ෂමව සිදුකෙරෙන බව සත්‍යකි . එහෙත් ආණ්ඩුවේ සේවා සැපයුමේදී කළමනාකරණ දැනුම පාලකයිනට ඇත්තෙම නැහැ. ඕඩර්ස් ක්‍රියාත්මක කිරීමේ න්‍යාය යනු කළමනාකරණය නෙවෙයි. ඒ නිසා සැම දෙයක්ම අනාගෙන. ගජ මිතුරන් සහ ඥාතින්ට වරධාන දෙමින් වැඩ කිරීමේ න්‍යාය දැන් අනුගමනය කරනවා. රටට දෙවි පිහිටයි.
අපේ රටේ නායකයො කිසි දිනක හොරකම් කරලා අහුවෙලාවත් තනතුරු දාලා යන්නේ නෑ. රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති සහ ලේකම් උපදේශකවරු ගණන විශාල රටවලට වඩා මේ කුඩා රටේ ඉතා වැඩියි. මේ රටේ දේශපාලකයින් ජීවත්වෙන උජාරුව ආසන්නයටවත් යුරෝපීය රටවල නායකයින්ට ජීවත්වීමට ආදායම් එන අමතර ක්‍රම නැහැ. මෙහි සමහර රජයේ ආයතන ප්‍රධානීන් ගන්නා ලක්ෂ විසි ගණන් වැටුප් රජයේ වැටුප් ප්‍රතිපත්තියට විරුද්ධයි. ආටෝපයට කරන උත්සව වියදම් සහ ගජ මිතුරන්ට ස්වභාවික සම්පත් හා රජයේ දේපල කොල්ල කෑමට දෙන අවස්ථා මේ කුඩා රටේ සැඟවීම අපහසුයි. මේ දේවල් මෙතැනින් හරි නවත්වනවා යයි ප්‍රකාශ කොට විශ්වාස කළහැකි වෙනසක් ඇති කරන බවට ජනතාවට තහවුරු කර පෙන්වූවොත්, දීම අතින් ලෝකයේ දෙවන තැනට තේරී ඇති අපේ ජනතාව කැප කිරීම් කරනු නොඅනුමානයි.