(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද කල් දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අනිද්දා(16) හදිසියේම කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.
කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වහාම කැඳවන්නැයි කතානායකවරයාට තමා යෝජනා කළ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුව ලබන (17) වැනිදා දිනයට කල්තබා ඇති හෙයින් එදින සභාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අනිවාරයෙන්ම රැස් විය යුතුවෙයි.
පාර්ලිමේන්තු රැස්වීම් කල් දමන්නේ නම් එදින කෙටි වේලාවකට හෝ රැස්වී එය කළ යුතු වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තුව අනිද්දා(17 ) සිට ලබන 20 වැනිදා දක්වා දින හතරක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙයට පෙර තීරණය කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සල්ලි අපරාදේ. ඕක රැස් කරන්නම එපා.
මේ අයට ගෙවල්වල ඉන්න දෙන්න... මේ අය ආවා කියලා තඹ දොයිතුවක වැඩක් නැහැ.. කාලකන්නි...!
අනේ ඒක දිනපතා රැස් කරන්න කරුණාකරලා...
ඕකේ ඉන්න හොරුන්ට,මිනීමරුවන්ට ,ස්ත්‍රී දුෂකයිනට , බොරු කාරයින්ට කොරෝනා හැදිලා අපායටම ඇදගෙන යන්න කියලා මම දෙවියන්ගෙන් මහත්වූ බැතියෙන් අයදිනවා.