(සුජිත් හේවාජුලිගේ )
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාද කොරෝනා ආසාදනයවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ඔහුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ පෙරේදා(12) කළ පී.සී.ආර් පරීක්ෂණයකදීය.
සමරවීර මහතාට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවීමෙන් පසුව ඒ මහතාගේ නිවසේ කාර්ය මණ්ඩලයද නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මංගල සමරවීර මහතා පවසන්නේ
සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමු වන ලෙස තමා හමුවීමට පසුගිය දිනවල පැමිණි පුද්ගලයන්ට දැනුම් දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්න කිහිප දෙනෙකුම ඉන්නවා කොරෝනා ආසාදනය වී රෝහලක් නැතිව (රජයේ, පෞද්ගලික සහ අතර මැදි මධ්‍යස්ථාන) දැන් දවස් දෙක, තුනක් ගෙදර. (දෙදෙනකු හදවත් රෝගීන්). මේ අයට වෙනම සැලකිල්ලක්ද? මේ පිළිබඳව සොයා බැලිය යුතුමයි. මේ රෝහල ගැන දන්නා අය සිටී නම් කියන්න.
ගෙදරටම වෙලා හිටපු එයාට ???
කවුරු හිටියත් දැන් වැඩක් නෑ.
දැන්වත් එක එක්කෙනාට අවලාද නගමින් දේශපාලන වාසි ගැනීමෙන් වැළකිලා රට ජාතිය ගැන හිතා වැඩ කරන්න.
හිතට පුංචි පහේ සතුටක් ඇතිවුණේ මට විතරද?
ප්‍රබා ඔයා නම් එල කොල්ලෙක් .වැඩේ කියන්නේ මටත් එහෙම හිතෙනවා .බැංකු පොළී අරක මේක ආත්මාර්ථකාමී කතා මම දන්නේ නැහැ .මම දන්නේ ලංකාවට කෙලවෙනකම් බලන් ඉන්න උන්ගෙන් එකෙක් කියලා විතරයි
මේ මනුස්සයගේ අඩුපාඩු එමටයි. ඒත් කරපු හොඳ දේවලුත් තියෙනවා. ඒ කාලේ දුරකථනයක් ගන්න අවුරුදු ගණන් ඉන්න වුණා. මෙයා ඒ තත්වය නැතිකළා...
මටත් මූණ දැක්කාම මරුනගින ඩයල් එකක් මේ... ඒත් සතුරෙකුටවත් කරදරයක් වුණු වෙලාවට එහෙම හිතන්න එපා. ඉක්මණින් සුවවේවා..!!!