(අජන්ත කුමාර අගලකඩ)
රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දහවල් පැවැති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී යළිත් වරක් ප්‍රකාශ කර ඇත.
රට වසා දැමීම වෙනුවට එන්නත්කරණ වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙසත් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමට ජනතාව පොළඹවන ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට එහිදී උපදෙස් දි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් 69 ලක්ෂයට හැර අනෙකුත් අයට සාධාරණයක් කරන්න. මොකද ඒ අය ඔබතුමාගේ මතයට එකඟ නොවන අයයි.
කරගන්න බැරි නම් ආපු රටකට යන්නකෝ... අපිට වද නොදී..!!
එතකොට මේ වෛද්‍ය පීඨවල ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, ආචාර්යවරුන් රටේ පිළිගත් වෛද්‍යවරුන් දෙන උපදෙස් අහන්න කෙනෙක් ඇත්තේම නැද්ද? ඔය මොනවා කිව්වත් තව දවස් දෙක තුනකින් ඕකත් "රිවර්ස්"වෙන්නත් බැරි නෑ.
බොහොම සතුටුයි. ආයෙත් කිසිඳු දිනෙක වෛද්‍ය වෘත්තිකයින් කිසිඳු අනතුරු හැඟවීමක් නොකළ යුතුයි. මේ ගෙවන්නේ බිලි පූජා සමයයි. නමට ජනපති සිටියි. සියල්ලට ඉහළින් බැසිල් සිටියි. හොඳ එකේ උපරිමයට කරමින් සිටියි. ස්තුතියි..
එන්නත් කළාට ලෙඩේ බෝ වෙනවා දොරේ. ඔබේ මුනුබුරා ඇමරිකාවේ වුණාට අපේ ඉන්නවා පොඩි අය මෙහේ. තොලොංචි වෙලා යන්න සින්ඥා්රේ...!!!
පිස්සන් රජකරලා ජනතාව දුක් විඳිනවා..!!!
දවස ගාණේ මරණ වැඩිවුණාට කමක් නැතිද? මේ මැරෙන්නේ අහිංසක වයසක මිනිස්සු නේද? පිළිසරණක් නෑ. කරුමය තමයි.
මිනිස් ජීවිතවල වටිනාකම නොදන්නා නායකයෙක් කියලා අපි කලින් දැනගෙන හිටියා නම් කවදාවත් ඡන්දය දෙන්නේ නෑ. 'ඍජු බව' සහ 'නම්‍යශීලී බව' යනු වැදගත් නායකත්ව ගතිලක්ෂණ වේ. ඍජු වියයුතු තැන ඍජුව කටයුතු කිරීමත්, නම්‍යශීලී වියයුතු තැන නම්‍යශීලීව කටයුතු කිරීමට හොඳ නායකයෙකුගේ ගති ලක්ෂණයකි. හිට්ලර් වැනි නායකයෙකු හැර ඕනෑම පුද්ගලයෙක් මිනිස් ජීවිත නැතිවීමට සංවේදී වියයුතුයි. මෙතුමාද හිට්ලර් කෙනෙකු වීම අපේ අභාග්‍යයක් වනු ඇත...
වෙනත් රටවල නම් ආණ්ඩු වෛද්‍ය මතයට ඇහුන්කම් දෙනවා. අපේ රටේ වෛද්‍ය අංශවලට වඩා බලවත් වන්නේ දේශපාලන මතය. වෛද්‍ය අංශවලට උපදෙස් දෙන්නට මේ රටේ දේශපාලකයින් දන්නා බම්බුවක් තියෙනවද? එන්නත් දෙකම විද්‍යුත් ප්‍රතිශක්තිය ඇතිවෙන්න තවත් සති කිහිපයක් ගතවෙනවා. තව කොපමණ කාලයක් යයිද රටේ සියලුම දෙනාට දෙවැනි මාත්‍රාව විදින්න. හරි, රට ඇරලා තිබ්බා කියමුකෝ. මේ රටේ ඉන්නා මිනිසුන්ගෙන් බොහොමයක් මාස්ක් එක නිවැරදි ආකාරයට දමන්නේ නැහැ. පසුගියදා කඩවල මාස්ක් නොදැමූ අයට නඩු දැම්මා. සංචරණ නීති සැමට එකසේ ක්‍රියාත්මක නැහැ. එහෙව් රටේ මෙන්න කියලා ලෙඩේ පාලනය කිරීමට ඉඩ ලැබේවි...!!!
සර්ට මගේ ආචාරය...
පිස්සු වැඩ තමයි…
සූරිය උදාවන තුරු පිණි බෑවිල්ල,... පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල... මාරුව බලබලා සිත යට කැරකිල්ල... කාරිය කෙරෙන තුරු ස'ගේ රැවටිල්ල... දැන් ඉතිං අලයක්, කොළයක් කාලා වනගත වෙනවා මිසක් මේවාට පැනික් වෙලා බෑ.. හෙහ් හෙහ් හෙහ්...
අඩු තරමේ රටේ මිනිස්සුන්ට 50%ක් වැක්සින් කරලා ඉවරවෙනකන් හරියට වහලා තිබුණොත් හොඳයි කියන එකයි මගේ මතය.. වැක්සීන් කරලා ඉවර කරනවා කියන්නේ මාත්‍රා දෙකම ගහලා සති දෙකක් ගියාට පස්සේ කියන එක එහෙම වුනොත් මේ වෙන මරණ ටිකක් අඩුවෙයි. නැත්තම් වෙන්නේ රටේ මිනිස්සු නිරපරාදෙ මැරෙන එකයි. ගිය පාර ඡන්දෙට නම් රටත් වහලා මිනිස්සුන්ට 5000 දෙකකුත් දුන්නා. දැන් මිනිස්සු මෙච්චර මැරෙද්දීත් රට වහන්නෙත් නෑ. හරි නීතියක් ගේන්නෙත් නෑ. මිනිස්සු මීටරේ දුරින් කිසිම තැනක නෑ. පෝලිම්වල ඔහේ එක ළඟ ඉන්නේ... අනේ මන්දා..!!!
ඔබ ගැන කිසිඳු බලාපොරොත්තුවක් තැබිය නොහැකියි.
හිට්ලර් කෙනෙක් ඉල්ලුවා. ලැබුනා, දැන් විඳවමු , මේක ජන සංහාරයක්
දැන් සැපද?
මේ ඔබගේ ජිවිතයේ අවසානම බිලි පූජාවයි...!!! රටේ කවුරුත් දන්නා බිලි පූජාවන් රාශියක් කරමින් මිනිස් ජිවිත දහස් ගණනක් බිලිගත් ඔබ මේ සැරසෙන්නේ රටේ ලොකුම බිලි පූජාව පැවැත්වීමටයි. ඔබගේත්, ඔබගේ සහෝදරයින්ගේත්, ඥාතීන්ගේත්, ඔබ වටා සිටිනා බත් බැලයින්ගේත්, මෝඩ , අඥාන, දුෂිත, අසික්කිත , වැඩ පිළිවෙල නිසා මිය යන සෑම ජිවිතයක් සඳහාම ඔබ වන්දි ගෙවිය යුතුයි...!
කාලකණ්ණි වැඩක්නේ...
කවුරුත් නිකම් ඔහේ කියවනවා. හැම දෙයක්ම දේශපාලන පක්ෂයක් තුළින් දකිනවා. රට වහගෙන කරන්න බෑ. ඒක කියන තරම් ප්‍රායෝගික නෑ. හැම කෙනෙක්ම සෞඛ්‍ය අංශ දීලා තියෙන උපදෙස් අනුව ජීවත් විියයුතුයි. අනුන් වහනකම් නොඉඳ තමතමන් වහගන්න ඕනෑ. හැකි ඉක්මණින් එන්නත් ලබා ගන්න ඕනෑ. පක්ෂ අදහස් ඔළුවල ඔබාගෙන ඉන්නේ නැතිව සත්‍ය දකින්න ඕනෑ. තමන්ට කරන්න පුලුවන් දේ කරන්න ඕනෑ.
මේ වගේ ජනාධිපති කෙනෙක් මේ ලෝකෙම නැහැ. රටේම අවාසනාව. කෝ අර 69 ලක්ෂයේ අලුගුත්තේරුවන්...?
සමාවන්න මෙය කියන්න වුනාට. ලක් ඉතිහාසයේ අපි අසා තිබු කුරිරුම පාලකයා ශ්‍රි වික්‍රම රාජසිංහ යි. එත් දැන් නම් පේන්නේ එය තව දුරටත් වලංගු නැති බවයි. කලකිරෙනවා හැර වෙන කවරක් කරන්නද. ඔබට තවමත් පුලුවන් රට වැසියා ගේ ආරක්ෂාව වෙනුවෙන් නිවැරදි තින්දුවක් ගන්න.
රට හැමදාම වසා ගෙන සිටි අවස්ථාවලදී සෞඛ්‍ය පුරුදු අනුව ජනතාව කටයුතු නොකළ නිසා කීප ආකාරයකින් රටට පාඩු ඇතිවී තිබේ. මේ වාරය ජනතාවගේය. රට වසා දැමීමෙන් පණ අදින ආර්ථිකය බිංදුවට වැටුණොත් එමගින් සිදුවීමට බොහෝ ඉඩ ඇති දැවැන්ත ව්‍යවසනය ගැන හිතලා ගත් බුද්ධිමත් තීරණයක් ලෙස සලකමු. සෞඛ්‍ය පුරුදු වලට අවංකවම අනුගතවෙමු.
ඔය සෘජු මතය අනිත් දේවල් ළඟදී තිබුණේ නැත්තේ ඇයි ජනාධිපතිතුමනි..., අසාධාරණය, අයුක්තිය ළඟ? වංචාව, දූෂණය ළඟ? තමන්ගේ මිනිස්සුන්ට, හිතෛෂිකයින්ට ඕනෑතරම් වැරැදි කරන ඒවා ළඟ...? මේ රටේ සම්පත් පිටරට්ටුන්ට විකිනීම ළඟ... ඔය සෘජුකම ඇයි තිබුන් නැත්තේ ජනාධිපතිතුමනි.?
ගොඩක් හොඳ තීරණයක්... සර්..!!!
තමන්ගේ නොදන්නාකම සහ උද්දච්ච, මෝඩකම රටකට හෙණ හතක් වී වැදීම අභාග්‍යයකි... එවන් මිනිසුන් කාළකණ්ණි ලෙස හැඳින්වේ.
නරකද කට්ටිය රට වහන්න කියන වෙලාවේ ගෙදරට වෙලාම හිටියා නම්?. අවශ්‍ය කෙනා එළියට යයි. බොරුවට රටේ ජනාධිපතිට බැන බැන ඉන්න වෙලාවේ දොරවල් ජනෙල් වහගෙන තමන් ගෙට වෙලා හිටියා නම් ප්‍රශ්නයක් නෑනේ. කවුරුවත් ඇවිත් බලෙන් ගෙදරින් එළියට අරගෙන යන්නේ නෑනේ. මේ වගේ අමාරු වෙලාවක රජයේ පඩි ගන්න සෙට් එක එළියට බැහැලා ආණ්ඩු කරන්න උපදෙස් දෙන්න පටන් අරන්...
රට වහවහ ඉන්න බෑ හැමදාම. ගම් මට්ටමින් කමිටු පිහිටුවා මිනිස්සු දැනුවත් කර දැනුම දෙන්න. ගම් මට්ටමින් මිනිස්සුන්ට නිසි දැනුමක් තවම නෑ...
රජෙක් පිස්සෙක් වුණත් එකයි, පිස්සෙක් රජ වුණත් එකයි කියලා පරණ කියමනක් තියෙනවා...
රට වහගන්න දගලන අය ,ගෙදරට වෙලා බුදිය ගෙන ඉන්න දවස්වල වැටුප් නොගෙන ඉන්නවද? පිනට කන්නම තමයි උත්සාහය .
ඔයා හොඳටම කරනවා
ෆේස්බුක් එකේ සර්ගෙ ගුන වයන ෆේක් බලකාය මෙකටත් ඇවිල්ලා වගේ ඩිස්ලයික් දාන්න
බොරු උද්දච්චකම් පෙන්නන්න ගිහින් රට අමාරුවේ දාන්න එපා. මේ අහිංසක මිනිස්සු හරිම අසරණ වෙලයි ඉන්නේ...
කල්තියා එන්නත් ඇණවුම් කරන්න කිව්වා .... ඇහුවේ නැහැ. දැන් මිනිස්සුන්ව බිල්ලට දෙනවා.
වහන්න දෙයක් නැහැ. වැහිලයි තියෙන්නේ... බොරුවට නොයෙකුත් දේවල් මවාපාන්න දැඟලුවට ජනතාවට වැටහිලා හුඟක් කල්...
කවුරු ගෙනාවත් බලාපොරොත්තු තියාගන්නේ නැතිව අපි අපිම පරිස්සම් වෙමු...
ඔබ දැනටමත් ප්‍රතිචාර දක්වා ඇත, ඉතා හොඳ දෙයක්. අදහස් සහ ප්‍රතිචාර එකම අයගේ යුගය මින් අවසන් වේ.
තව ජනතාව මියයනු ඇත. මම තමයි හොඳටම කළේ...
ආණ්ඩුව වැඩ කරන්නේ වෛද්‍යවරුන්ගේ මතයට එරෙහිවම කියන්න බෑ. හැබැයි මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරන වෛද්‍යවරුන්ගේ මතයට නම් නොවේ.. මාධ්‍ය සංදර්ශන දාන කට්ටියගේ මතය පමණක් හරි කියන එක වැරැදියි නේද?
තමන් ගත් තීරණ වල එල්බගෙන ජනතාව පළිහක් ලෙස යොදා ගැනීම සහ අනික් සියල්ලන්ටම වඩා තමන් නිවැරදියි කියා සිතන දැඩි මහන්තත්තකම සැමවිටම සැබෑ ප්‍රශ්නය යට ගසමින් රට ව්‍යවසනයකට ඇද දමයි. මට නම් රනිල් සහ ගෝඨා යනු එකම කාසියේ දෙපැත්තක්ය...
මේ දමලා තියෙන ප්‍රතිචාර දෙකම වැටහෙනවා. යහපාලන රජයට කඩේ ගිහින් පුන්නක්කු බීපු බහුතරයක් තමයි මෙතන ප්‍රතිචාර දමන්නේ කියලා.. රජය මොනවා කළත් හොඳක් නොදකින, වැරදිම පමණක් දකින.... අවලාද නගන කොටසක් කියලා...
ආර්ථිකය මිල කළ හැකි මුත් මනුෂ්‍ය ජීවිත මිලකළ නොහැකිය.. නිවැරැදි තීරණය ගැනීමට හෙටට කල් නොදමන්න..
ශ්‍රී ලංකාව සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දිය හැකි බවට WHO අනතුරු අඟවයි. හදිසි ප්‍රමුඛතාව ලබාගත යුත්තේ ජීවිත බේරා ගැනීම බව පවසයි.. මේ අයුරු මේ කොරෝනා මරණ සිදුවන්නේ නම් දෙසැම්බර් 1 වනවිට එය 12000 ඉක්මවා යාමට ඉඩ ඇති බව ඇමරිකානු IHME ආයතනය අනතුරු අඟවා ඇත.. මේ කිසිවක් ගැන නොසිතන අදූරදර්ශී පාලනයක්...
ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති 04 කටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවද ඔවුන් රජයට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. කෝවිඩ් ආසාධිතයින් 3000 කට ආසන්න පිරිසක් දෛනිකව වාර්තා වෙමින් තිබෙන අතර දෛනික මරණ සංඛ්‍යාවද සීයකට ආසන්න වෙමින් තිබේ. ඉකුත් දින 13ක කාලය තුළ පමණක් කොරෝනා මරණ 1000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහ වලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතී. මේ තත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නොහැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග වලට යාම අත්‍යාවශ්‍ය බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ...
එල... එල... ඔහොම යන්, කවුරුත් වහන්න ඕනේ නෑ... තව ටික දවසකින් ඉබේම වැහිලා යාවි...
හොඳට තිබුණු රටක්, කාපු අමන රැළක්, හරක් රැළක්, අපිත් බූරු රැළක් ...
අනේ මොනාද මිනීපෙට්ටි සාප්පු කාරයන්ගේ ආර්ථිකයනම් හරි යයි වගේ.
හිට්ලර්ව ඉල්ලුවා ... හිට්ලර් ආවා ... මේවා නම් බිලි පූජා ... කරුණාකරලා 2023 න් පස්සේ ආයේ ඇමරිකාවට යන්න සර් ... අපිට අපේ රටේ නායකයෙක් හොදයි ... විමල් දොරේ කිව්වා වගේ මේවානම් නියම ජාත්‍යන්තර කුමන්ත්‍රණ ...
වහන්න එපා සර්... අපිට සර් වෙනුවෙන් මැරෙන්න ඕනෑ. මීට 69...
රටට ජනතාවට ලෙන්ගතු නම් මේ රටේ දැනුම ඇති අයගේ උපදෙස් සහ ලෝක සෞඛ්‍ය සංවිධනයේ උපදෙස් වහාම ලබාගෙන අහිංසක ජිවිත බේරා ගන්න.
මේ ගල් හිත් ඇති... ඇත්තෝ කලුබෝවිල රෝහල් පරිශ්‍රයේ එළිමහනේ බිම නිදාගෙන දුක් විඳින අපේ පුරවැසියෝ දැක්කේ නැතිද? මීටත් වඩා කියලා වැඩක් නෑ.
මේ රටේ මිනිස්සුත් පොඩ්ඩක් හිතන්න ඕනා, රට වහගෙන කොහොමද යුක්රේන් සංචාරකයින් මේ රටේ සංචාරය කරන්නේ කියලා. මොනවා වුණත් කමක් නැහැ. පිටරට වලින් එන ලාංකික මිනිස් බෝම්බ නම් රට තුළට එන එක නවත්වන්න ඕනෑ. කොහොමත් මේ රටේ මෝඩයින්ට වඩා සංචාරකයින්ට තමයි මේ රට වටින්නේ... මම මේ නිකමට වගේ අහන්නේ, අර ඉස්සර හැම දේටම තප්පුලන වෙද සංගම් මාෆියා කල්ලිය මොකද කිසි සද්දයක් නැතිව නැට්ට බඩ ගහගෙන ඉන්නේ?
කිරි පුතා, දියුණු රටවලත් මෝඩ, ඇට්ටර මිනිස්සු සෞඛ්‍ය පුරුදු පිළිනොපැද්දා නම් මෙහෙ එහෙම නොවේවිද? පැතිරෙන්න හේතුව ඒක නම් මිනිස්සු කොහොමත් ඒ වගේ මෝඩනම් කරන්න තියෙන්නේ බුද්දිමත් වසංගත විශේෂඥයින් වගේ රට වහලා මුලින් රට ඇතුලේ කොරෝනා නැතිකරලා ඉන් පස්සේ රට ඇතුළට කොරෝනා දාගන්නේ නැතුව තියන දෙයක් කාලා තියන රුපියලකින් ජීවත් වෙන එකයි... නැත්නම් හැමෝම බාලතරුණ මහලු, දුප්පත්, පොහොසත්, ධන කුවේර බේදයක් නැතුව එක්කෝ මැරෙයි.. මැරුණේ නැත්නම් දිව පපුව ගාවට ලොකුවෙනවා... වගේ භයානක අතුරු අබාධත් හදාගෙන හැමෝම ජීවත් වෙයි...
මීට ගොඩක් අවුරුදු ගණනාවකට කලින් ජීවත් වුණු සුනාමි ගැන අනාවැකි කියා තිබුණු "බබා වැංගා" ගේ අනාවැකි කිහිපයක් 2019 පත්තරේක ගියා මතකයි. 2025 දී යුරෝපය ජනශුන්‍ය වෙනවා කියලත් එකේ තිබ්බා. එහේ මිනිස්සු හරි තීරණ ගන්න බවක් පේන්න නැති නිසා එහෙම වෙනවාට කිසිම සැකයක් මට නම් නෑ. නවසීලන්තය යුරෝපයට අයිතියක් නෑ. එ්කෙනුත් ලොකු සත්‍යයක් දැනටම පැහැදිලි වෙනවා. බබා වැංගා යුරෝපය ජනශුන්‍ය වෙනවා කිව්වා මිසක් මහළු මිනිසුන් විතරක් ශුන්‍ය වෙනවා කියල නෑ.
බබා වන්ගා යුරෝපය ගැන කිව්වට ලංකාව ගැන කියලා නෑ. එ්කේ තේරුම එක්කෝ ලංකාව කොරෝනා වලින් බේරෙයි... නවසීලන්තේ වගේ ලොක් ඩවුන් කරලා, සංචාරකයෝත් ගෙන්නන එක නවත්තලා, රට නිරෝගි කරලා, ඉන් පස්සේ රට ඇතුලේ මිනිස්සුන්ට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලා. රටට ඩොලර් නැති වුණාට රටේ මිනිස්සුන්ට මොලයකුත්, කකුල් දෙකකුත්, නීරෝගීකමත් තියනවා නම් නොමැරී ජීවත් වෙන්න වෙන මුකුත් ඕන නෑ. රට ඇතුලේ ඇවිදින්න කාටවත් බාධාවක් නෑ වගේම තියෙන රස්සා පහසුවෙන්ම කර ගන්නත් පුළුවන්...
ඒ වගේම ඒ ක්‍රමයට ගැලපෙන්න කලින් රටේ නොතිබුණු අලුත්ම ගොඩක් දියුණු වෙන ව්‍යාපාරත් හැදෙයි. හැබැයි මිනිස්සු ස්වභාවයෙන්ම කම්මැලියි. ඒ හින්දා දැන්ම ඒවා හොයන්නේ නෑ. දැන් පේන්නේ බෑ කියලා විතරයි. ඒත් අමාරු දේ කළොත් ඉන් පස්සේ තමයි එයාලා අලුත් ව්‍යාපාර විදි හොයන්නේ. සංචාරකයින් නැත්නම් අපිට මැරෙන්න වෙයි කියන කට්ටිය දන්නේ නෑ බඩගින්නේ මැරෙනවට වඩා දරුණු දෙයක් අනාගතේ එයාලා දිහා බලන් ඉන්න බව. එක්කෝ ලංකාව ඒ වගේ බේරෙයි... ඒකයි බබා වැංගා අපි ගැන නොකීවේ... නැත්නම් බබා වැංගාට ලංකාව කියන්නේ සැලකියයුතු රටක් නෙවෙයි. ඔය දේකින් දැන් පේන විදියට හරි එක දෙවෙනි එක වෙන්න ඕනෑ.
අනිත් එක මගේ යාලුවෙක් කිව්වා නිව්ස් වලට කිව්වා කියලා නවසීලන්තේ මේ දවස්වල ලොක් ඩවුන් කියලා. බොරු. කාටහරි නවසීලන්තේ ඇත්ත නිව්ස් ඕනේ නම් නවසීලන්තේ රාජ්‍ය වෙබ් අඩවියෙන් පුළුවන්. එහෙම ලොක් වෙන ඒවා පහුගිය අවුරුදු 2ටම දෙතුන් පාරක් වුනත් අදාළ වෙන නගර විතරයි. මුල්ම ලොක් ඩවුන් එකට විතරයි ගොඩක් කල් ගියේත්. පස්සේ ලොක් වුනු ඒවා පොඩි ප්‍රදේශවලට වගේම සති 2 කාලෙට වගේ එහෙම වුනේ. හරියට කලමනාකරණය කරනවා නම් බේරෙන්න පුළුවන්. අමාරු නෑ. තාමත් පුළුවන්.
රටේ ජනාධිපති වුණාට කරන ප්‍රකාශ දිහා බැලුවාම මට පේන්නේ මෙයත් තව එක සාගර කෙනෙක් පමණයි කියලා...
ලොක් ඩවුන් කාලේ කන්න දෙන්න වත්කමක් රජයට නැත්නම්... මේ අමාරු වෙලාවේ කරන්න තියෙන්නේ කොහෙන් හරි ණයක් හරි අරන් මිනිස්සුන්ට කන්න දෙන එකයි. වෙන කිසිම රජයේ ආයතනයකට මුදල් වියදම් නොකර සියලු මුදල් හරි ලොක් ඩවුන් වෙනුවෙන් යොදලා රට බේරා ගන්න එකයි.
රටේ හැමෝම පඩි ගන්නේ නැතුව... තමන් ගැන විතරක් නොහිතා, ඒ සියලු මුදල් ලොක් ඩවුන් වුණු තමන් ඇතුළු සියලු අයට ආහාර වගේ අත්‍යාවශ්‍ය දේවල් වෙනුවෙන් ලබා දෙන්න රජයට ඉඩ දෙනවා නම් රටේ කවුරුවත්ම බඩගින්නෙනුත් නොමැරී කොරෝනා වලිනුත් නොමැරී බේරෙයි.
නවසීලන්තේ සමහරු පඩි නොගෙන හිටියා ඒ මුල්ම අමාරු ලොක් ඩවුන් කාලේ...
නවසීලන්තේ සමහරු පඩි නොගෙන හිටියා... ඒ මුල්ම අමාරු ලොක් ඩවුන් කාලේ. දැන් නවසීලන්තේ මිනිස්සුන්ට ලොක් ඩවුන් වුණු කාලයක් මතක නෑ. නවසීලන්තයේ ඉන්නේ පින්වන්ත මිනිස්සු ලෝකේ අනික් රටවලට වඩා...
මහ ජනතාවගේ සහ මළ ජනතාවගේ PCR සහ Rapid test කිරීම සහ රෝගීන්ට ඔක්සිජන් දීම වහා නවතා දැමිය යුතුයි. එමගින් කොරෝනා රෝගීන් ප්‍රමාණය අඩු කරගත හැකි වනු ඇති අතර , ඒ සඳහා මෙතෙක් වැයකළ අති මහත් ධනස්කන්ධය ඉතුරු කර ආර්ථිකය ශක්තිමත් කළ හැකියි.
ඔලුවෙන් නොවෙයි පස්සා පැත්තෙන් සිතතී... වල්ගය නැතත් සැම විට ගොං බස් දොඩතී... උගත් දනන් දෙන උපදෙස් නොම තකතී... නොබියව සිටිව් මේ අය තණකොළ නො කතී....
මේ කියපු වචන ටිකෙන් මොලේ කොහේද තියෙද තියෙන්නේ කියලා මට දැනුයි හරියට තේරුම් ගියේ...
ස්වයං විනය අනුගමනය කිරීමට අවශ්‍යයි ... ...
"එක් ආසාදිතයෙක් හමුවීම නිසා ඔස්ට්‍රේලියාවේ අගනුවර වසාදැමේ".. උන්ට පිස්සු..මෙහෙ ආවානං හොදටම කරනහැටි බලාගෙන යනවනෙ.. බොරුවට කලබල වෙලා..
දැන් කොහොමත් රට වහල වැඩක් නැහැ. වහන්න තිබුණේ කලින්. දැන් වෛරසය සමාජ ගතවෙලා ඉවරයි. රට වහන්න කියන්නේ මාස් පඩි ගන්න දොස්තරලා. කැන්බරා වැහුවෙ එක ආසාධිතයෙක් නිසා. ආසාදිතයින් අල්ල ගන්න පහසුයි. ලංකාවේ හැම තැනම පැතිරිලා. වැහුවත් නොවැහුවත් මැරෙන ගණන මැරෙනවා. වැහුවොත් ටිකක් අඩුවේවි. ඒ හින්දා රට වහන්න එපා. නවසීලන්තය කොරෝනා නැති කලේ ආණ්ඩුවේ හැකියාවට වඩා මිනිසුන්ගේ හික්මීම නිසා. ලංකාවේ ආණ්ඩුවට බැනල වැඩක් නැහැ ලංකාවේ ඉන්නෙ හික්මීමක් නැති මිනිස්සු නම්
ප්‍රජාතන්ත්‍රවාදී රටක මිලිටරි මානසිකත්වයේ පාලකයෙකුට හොඳම උදාහරණය
මර්වින් සිල්වා ජනාධිපති කළා නම් මේ ප්‍රශ්ණ මුකුත් නෑ
ඉතාම වැරදි තීරණයක්. ඒත් ඉතින් මේ දක්වා ගත්ත හරි තීරණයකුත් නැහැනේ. ඒ නිසා පුදුම වෙන්න දෙයක් නැහැ.
මෙයාව අල්ලලා පිස්සන් කොටුවට දාන්න කෙනෙක් නැද්ද?
මෙහි අදහස් දක්වා ඇත්තේ මාස් පඩි ගන්නා සුලු පිරිසක් මිස එදා වේල සොයා ගන්නා බහුතරය නොවේ...
2030 දී ලෝකයේ ජනගහනය 1/3යි. එය ඇරඹෙන්නේ ලංකාවෙන්ද?
ආර්ථික ඝාතකයෝ රට විනාශ කළා. කවුරු වුණත් හදිස්සියකට ගන්න කීයක් හරි ඉතුරු කරගන්නවනේ. මේ දෙගොල්ලොම එහෙමද? රටට ණය වෙලා, හොරකම් කරලා, රට විනාශ කරලා නැතිම කළා..
විශේෂ නීතියකින් රට ලොක්වුඩන් කළ යුතු නැහැ.. තම තමන් ලොක්ඩවුන් වෙන්න. එතකොට ඉබේම රට ලොක්ඩවුන් වෙනවා. එතකොට කාටවත් රැකියාව කරගන්න බැහැ කියලා රජයට දොස් කියන්නේ නැහැ. මිනිස්සු ගමන් බිමන් යන්නේ නැතිනම් ත්‍රීවීලර් නිකම්ම ලොක්ඩවුන්. රජය ජනතාවට සමාජයේ ගැවසෙන්න කිව්වත් තමන් එසේ ගැවසෙන්නේ නැතුව සිටියාම ඉවරයිනේ...
පින්සිද්ද වෙයි. දැන්වත් පුළුවන් කෙනෙකුට රට බාර දෙන්න.. ජනතා සංවේදී මහින්ද අගමැතිතුමාට රට බාර කරන්න..
ඊයේ වාර්තා වුණු කොරෝනා මරණ ගණන 155යි. එනම් ලංකාවේ සෑම පැයකටම පුද්ගලයින් 07 දෙනෙක් කොරෝනාවෙන් මියයයි. ලංකාවේ සෑම විනාඩි 09කටම එක් අයෙක් කොරෝනාවෙන් මරණයට පත්වෙයි. අතිගරු ජනාධිපතිතුමාගේ දැනගැනීම පිළිසයි.
ලොක් ඩවුන් කිරීම හොඳයි, නමුත් ආයේ ලොක් ඩවුන් කරොත් මේ රට ගොඩ ගන්න බෑ.. රජයේ සේවකයින්ට නම් ලංකාව සිතියමේ නැතත් පඩිය ලැබෙනවා. හැමෝටම එහෙම නෑ!! ලොක්ඩවුන් කරලා මේක පාලනය කළා කියමුකෝ... අායෙත් අපේ අය රෝන්දේ ගිහින් මේක වැඩිකර ගන්නවා... කෙළවරක් නැහැ. හොඳම විසඳුම ස්වයං විනය සහ එන්නත්කරණය පමණි...
තව සුළු වෙලාවකින් රාජපක්ෂමේන්තුව විසුරුවා හරිනු ලැබේ... !!!
රට වහන්න කියන්නේ නිකන් ගෙදර ඉඳන් පඩි ගන්න අයයි, ධනවතුනුයි,.. සතියක් වහපු ගමන් කොළඹ මිනිස්සු පාරට එනවා... රට අරින්න කියලා... ත්‍රීවීල් එළවන අය ඇතුළු 75%ක් පමණ අය කන්නේ පස්ද? ගොවි ප්‍රෙද්ශවල අය නම් වට්ටක්කා, ගස්ලබු හරි තම්බලා කනවා. එතකොට බස්නාහිර සහ රටේ දුගියෝ...!!!
මම ඉන්නේ පිටිසර ගමක... මගේ ඉඩමේ පොල්, කොස්, දෙල්, අල, බතල තියෙනවා. මාස 06ක් ලොක් කළත් ප්‍රශ්නයක් නෑ. නැතිබැරි අය කන්නේ මොනවද? හුඟක් තියෙන මිනිස්සු කළින් සොච්චමක් දුන්නා.. දැන් දෙන්නෙම නෑ. තමන්ට ටිකක් කන්න වුණොත් එහෙම..!!!
ජනාධිපතිතුමා ඉස්සර ඇමෙරිකාවේ ජොබ් කරනකාලේ ශෙඩ් එක අයිනට වෙලා මේකට අදහස් කෙටුවාලු. තවමත් මේ පුවත් කියවනවා ඇති කියලා මම හිතනවා. පිටරටවල ඉන්න බොහෝ අය මේ පිටුව බලනවා.
මේ දමලා තියෙන ප්‍රතිචාර දෙකම වැටහෙනවා. යහපාලන රජයට කඩේ ගිහින් පුන්නක්කු බීපු බහුතරයක් තමයි මෙතන ප්‍රතිචාර දමන්නේ කියලා.. රජය මොනවා කළත් හොඳක් නොදකින, වැරදිම පමණක් දකින.... අවලාද නගන කොටසක් කියලා...
ලොක් ඩවුන් කරලා, රටේ සියල්ලන් නිරෝගි කරාම, රට ඇතුලේ සියලු රක්ෂා වල් පහසුවෙන් කරන්න පුලුවන්ද නේද? නවසීලන්තේ වගේ? එතකොට ආර්ථිකයට නරකයිද? මිනිස්සුන්ට නරකයිද? මට තේරෙන්නේ නැති නිසා අහන්නේ ? ලොක් ඩවුන් වුනාම කන්න දෙන්න වත්කමක් රජයට නැත්නම් හැමෝම පඩි නොගෙන හරි ඒ සල්ලි රටේ හැමෝටම කෑම සපයන්න වියදම් කරාම කාටහරි නරකක් වෙනවද? දැන් තියන නරකට වඩා්... කව්රුහරි මට තේරුම් කරලා දෙන්න...
රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ කට්ටිය කෝ?
වියත් මගේ අය ලවාවත් ජනපතිට කියවා බලමුද වියත් විදියට වැඩ කරන්න...?
කර්මාන්ත වැහිලා... කඩසාප්පු වැහිලා... ගමනාගමනය අත්හිටුවලා... පාසල් වැහිලා... දැන් වැහෙන්න තියෙන්නේ ඔය කට විතරයි...
රට වහන්න බැරිමනම් කමක් නෑ... ඒත් කට වහගෙන ඉන්න පුළුවන්ද? ලොකු උදව්වක්...