(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඇති ලංකා බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරවරියට කොවිඩ් ආසාදනයවීම නිසා එම ශාඛාව හදිසියේම වසා දමනු ලැබීය.
මේ අතර පාර්ලිමේන්තුවේ තවත් අංශ කිහිපයකින් කොවිඩ් ආසාදිතයන් හය දෙනෙකු හමුවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙසේ කොවිඩ් ආසාදිතයන් හමුවී ඇත්තේ පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් කාර්යාංශය, සභා ලේඛන කාර්යාලය සහ පාර්ලිමේන්තු පොලීසිය යන අංශවලිනි.
කොවිඩ් ආසාදිතයන් හමුවීමෙන් පසු පනත් කෙටුම්පත් කාර්යාංශය සහ සභා ලේඛන කාර්යාලය තාවකාලිකව වසා දමා විසබීජහරණය කිරීමෙන් පසුව නැවත විවෘත කළ බවත් සීමිත සේවකයන් පිරිසක් කැඳවා එම කාර්යාලවල රාජකාරි කටයුතු කරගෙන යන බවත් පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තු පරිශ්‍රයෙහි ලංකා බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරවරියට කොවිඩ් ආසාදනයවී ඇතැයි හඳුනා ගැනීමෙන් පසුව එහි අනෙක් නිලධාරීහු හය දෙනා කොරෝනා පරීක්ෂණවලට යොමු කරනු ලැබ සිටිති.
ලට යොමු කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවට ලංකා බැංකු ශාඛාවක් ඕනද? ATM එකක් මදිද?