
(කේ ඩි දේවප්‍රිය)
කතරගම ලුණුගම්වෙහෙර මායිම්ව ඇති වෙහෙරකෙම වැව ආසන්නයේ හේනක වන අලියකු දැඩි ලෙස ගිරන්ව සිටින බව ගම්වාසීහු පවසති.
මෙම අලි පැටවාගේ මුඛය දැඩි ලෙස තුවාලවීම නිසා මේ ආකාරයෙන් ගිලන්ව සිටින අතර හක්ක පටස් එකක් කෑමට නිසා මේ අයුරින් තුවාල සිදු වී ඇති වනජිවි නිලධාරින් සැක කරයි.
අලියාට ප්‍රතිකාර කිරීමට වන ජිවි නිළධාරින් ක්‍රියා කරමින් පවති.
මේ වනවට මෙම ප්‍රදේශයේ වනයන් විවිධ වු පිරිස් අත්පත් කරගෙන එළිකිරීම මත අලි ගම් වදින බව ප්‍රදේශවාසිහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් ෆොන්සේකා විතරයි මේ ප්‍රශ්නේ දිහා ප්‍රායෝගිකව බලලා වැඩපිළිවෙලක් කරන්න හැදුවේ. අනිත් හැමෝම කරේ අැවිලෙන ගින්දරෙන් සුරුට්ටු පත්තු කරපු එක. ඒවායින් වුණේ අලියි, මිනිස්සුයි දෙගොල්ලන්ම විනාශ වුණු එක...
මේ අලි පැටවාට ඉක්මන් සුවය ලැබේවායි පතමි..
මින්ස්සුන්ගේ ජිවිත ගැන මායිම් කරන්නේ නැති මේ ආණ්ඩුවෙන් වැනසී යන අපේ අලි සම්පත රැකගන්න මුකුත් කරයි කියල හිතන්න බැහැ , තව අවුරුදු කිහිපයක් යනකොට මේ දැවැන්තයෝ ලංකාවේ නැතිවෙලාම යයි
සිංහරාජය මැදින් පාරවල් කපන අධම, අදූරදර්ශී පාලකයින්ගේ අමන වැඩවල ප්‍රථිඵල මේ අසරණ සතුන්ටත් විඳින්නට සිදුවීම මොනතරම් අසාධාරණයක්ද?
මේ අවසන් ඡායාරූපයේ පෙනෙන "ඇසෙන්" දහසක් දේවල් කියනවා. එයාට අපේ භාෂාව බැරිවුණාට හැඟීම් වලින් අදහස් පළකරනවා... එයා ඉපදුණු කැලෑව.. නොමිනිසුන් විසින් ඒ ගොල්ලන්ව පලවා හැර කැලෑව අත්පත් කරගත් හැටි.. අලි පවුල සීසීකඩ විසුරුණු හැටි... පසුව, ලස්සන ඇතින්නියක් මුණගැසුන හැටි.. ඔවුන්ට චූටි දඟකාර පැටවුන් ලැබුණු හැටි... කාලයක් සතුටින් සිටි ඔවුන්ගේ අලුත් කැලෑවත් නොමිනිසුන් අත්පත් කරගත් හැටි.. එදා මිනිසුන් විසින් ඇතින්න මරා පැටවුන් දෙදෙනාව හොරකම් කළ හැටි.. අන්තිමේදී.. සියල්ල අහිමිවී.. කඩාවැටුණු.. ජීවිතය අයාලේ ගිය හැටි... අවසානයේදී.. කුස ගින්දර ඉවසන්නම බැරිව බිම වැටී තිබු දිවුල් ගෙඩියක් කෑමට ගිය විට...එය තුළ නොමිනිසා විසින් තැබූ හක්ක පටස් එක පිපිරී ..මුළු හිසම තුවාල වූ හැටිත්....මේ ඇස් වලින් කියනවා. " නොමිනිසෙක් " නොවුණත් මමත් මිනිසෙක් සද්ධන්තයාණෙනි. නොමිනිසුන් කළ මේ මිනිස්කමට නිගාදෙන මහා අපරාධය කාට කියන්නද...? නමුත් මට ඔබ හැරදා යා නොහැක. ඔබ තවත් බොහෝ කලක් ජිවත්විය යුතුය. සද්ධන්තයාණෙනි, මගේ ආයුෂ සියල්ල ඔබ ගන්න. තවත් බොහෝ කලක් ජීවත් වන්න. ප්‍රාණය නිරුද්ධ මගේ සිරුර කොහේ හෝ වල දමන්න. මට ඒ ඇති.
‘‘පර සුද්දෝ‘‘ කිය කිය සුද්දන්ට බැන්නට, අපේ රට විනාශ කරන්නේ අපේ මිනිස්සුමයි...