(සුජිත් හේවාජුලිගේ )
දිවයින පුරා ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සඳහන් එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම ලබන මස 15 වැනිදායින් පසු අනිවාර්ය කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්කුවේද කාඩ් එක දාගෙන එන්න ඕනෑ. නැත්නම් බෙල්ලෙ එල්ලගෙන එන්නද? 15 වෙනකොට කොහොමත් ජීවත් වෙලා ඉන්න පිරිසට 2ම ගහන්න පුලුවන් වෙයි. මොකද මේ යන විදියට...
ලබන මාසේ 30 වෙනකොට ප්‍රසිද්ධ ස්ථාන වලට යන්න මිනිස්සු ඉතුරු වෙයිද?
එතකොට අවුරුදු 30ට අඩු ගහපු නැති අයට මොකද වෙන්නේ? මෙය හැමෝටම ලබාදී ක්‍රියාත්මක කරන්න.. නොමැති නම් සැමටම එන්නත ඉක්මණින් ලබාදෙන්න කටයුතු කරන්න.. මොකද අඩු වයස් කාණ්ඩවල අයටත් අත්‍යාවශ්‍ය කටයුතු වලට යා යුතුම වෙනවනේ...!!!
නරිවාදම් රෙද්ද අස්සෙන් බේරෙනවා කියන්නේ මේවට තමයි ඉතින්...
ඕක තමයි වෙන්න ඕනෑ. නියම තීරණයක්... ඇයි ලැප්ටොප්, බත් පාර්සල් අරන් හැමදාම බස්එකේ, කෝච්චියේ යන මිනිස්සුන්ට දැන් ඔය කාඩ්එක අරන් යන එකද අමාරුව..?
දැන් ඕනෙම කෙනෙක්ට අවශ්‍ය මොහොතක ගහගන්න තරම් එන්නත සුලබද?
අනේ මාසේ පඩි ගන්න මහත්වරු පොඩ්ඩක් දවසේ පඩියෙන් ජීවත් වෙන මිනිස්සු ගැනත් හිතන්න.
කණගාටුයි. ඔබතුමා ඔහොම කියන්නේ හරියට මේ වෙනකොට රටේ අදාළ පුරවැසින් සියලු දෙනාටම එන්නත විදලා වගේ. තව 30ට වැඩි තියා 60ට වැඩි එන්නත් නොදුන් කී දෙනෙක් ඉන්නවාද? ඔබලා ඔය කියන්නේ බස්නාහිර පළාතේ දත්ත අනුව වෙන්න ඇති. කරුණාකරලා සියලු දෙනාටම එන්නත ඉක්මණින් දෙන්න... රටේ බහුතර පිරිසක් බලාගෙන ඉන්නවා අද විදියි, හෙට විදියි කියලා. නමුත් සෞඛ්‍ය කාර්යාලවලින් අහනකොට කියනවා තාම එන්නත් අවේ නෑ කියලා. ඕකයි ඇත්ත තත්වේ...
දෙකම තියා එකක්වත් දීපුනැති අය ගමේ 30ට වැඩියෙන් ඉන්නවා පී.එච්.අයි. ලාගෙන් අහපුවාම බෙහෙත් ඇවිත් නෑලු... කෙලින්නේ පිස්සු...
මේ කඩදාසි කාඩ්පත වෙනුවට කල්පවතින පහසුවෙන් පරිහරණය කළහැකි කාඩ්පතක් සැමදෙනාම පූර්ණ එන්නත් කරණයෙන් අනතුරුව නිකුත්කළ හැකිනම් වඩා සුදුසුයි. තාවකාලිකව කාඩ්පතේ ඡායාපිටපත පිළිගන්නේ නම් කාඩ්පත නැතිවීම් දුර්වර්ණ වීම් වළක්වා ගත හැකියි...
සමහර වයසක අම්මලාට හැඳුනුම්පත නැති වී ඇති නිසා විදීම ප්‍රතික්ෂේප කොට ආපසු එවා තිබෙනවා .මේ ගැනත් යමක් කරන්න හමුදාපති තුමනි
එන්නත් අනිවාර්ය කරන්න ඔබට බැහැ. WHO එකෙන් අනුමත කරන්නේ නැතිව ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔය උගුල ලංකාවේ ඉන්න අය දන්නේ නැතිවුණාට දන්නෝ දනිති..!!! හෙළයින්ට විනකරන පරයින්...!!!
රජයත්, ජනාධිපතිත්, මැති ඇමැතිවරුත්, හමුදපතිතුමාත් සෞඛ්‍ය බලධාරිනුත් සිතන්නේත්, තීරණ ගන්නේත් කොළඹ හා බස්නාහිර පළාත සලකා බලා පමණි.. අපි එකක් විදගෙන දෙක විදින තෙක් කුණ්ඩසාලේ මාස 2 කට වඩා බලා ඉන්නවා.. විදින්නේ නැතුව දෙකේ කාර්ඩ් කොහොමද? . ස්පුට්නික් 2 ගේන කතාවක්වත් පුවත් පතකවක් නැත. මාධ්‍ය අහන්නේත්, කියන්නෙත් නැත. අපි අසරණයි. එළියට යන්නේ කොහොමද, පොලීසියට තමයි යන්න වෙන්නේ... !!!
කාඩ් එක අතේ තිබුනොත් ලෙඩේ හැදෙන්නේ නැද්ද, මිනිස්සු මැරෙන්නේ නැද්ද මහත්තයෝ..? නීතිවලින් රෝග නිවාරණය කරන්න පුළුවන්ද? එන්නත්වලට ආසාත්මිකතාවන් ඇති රෝගීන් ගැන වගකියනවද?
හරිම පහසුවෙන් තමා මිනිස්සු එන්නත ගහගන්නේ. පැය 3-4ක් පෝළිමේ ඉඳලා. හොඳයි නේද මහත්තයෝ...? රට අමුසොහොනක් කරලා තියෙන්නේ...
අසාධාරණයි, මෝඩ තීරණයක්... මනුස්සයෙකුට පරීක්ෂාවක්වත් නොකළ එන්නත් බලෙන් ලබාදීම මානව හිමිකම් අහිමි කිරීමත්...
සුදු අයියේ ඔයාගේ මොළේ තරම ඔය කතාවලින් හොඳටම තේරෙනවා අපිට. අපේ රට කියන්නේ හමුදා කඳවුරක් නෙවෙයි ඔයා කියන කියන දේ කරන්න හොඳේ... මේකෙ ඉන්න ඔක්කොම බූරුවොත් නෙවෙයි..
ජයරත්න..., නියම නම මෙයාට ගැලපෙනවා.
කොළඹට කිරි... වයඹට කැකිරි... ජයවේවා...!!!
එදා අවුරුදු 30ක යුද්ධය ඉවර කළ ඔබතුමාලා අද පිටරට සංවිධානවලට ඕනෑ විදිහට නටනවා. කොරෝනා සහ එදා යුද්ධය සංසංදනය කරන්න පුළුවන්ද? එහෙම එකේ ඇයි ඔබතුමාට බැරි අපේ ක්‍රමයට කොරෝනා ඉවර කරන්න... ස්තූතියි...!!!