අම්බලන්ගොඩ වෙඩි තැබීමට අයෙක් අල්ලයි අම්බලන්ගොඩ ප්‍රධාන පාසලක් ඉදිරිපිටදී පුද්ගලයකුට වෙඩි තබා තුවාල කළ බව කියන සිද්ධියේ එක් අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 September 2023
අනතුරින් පියා - දියණිය මරුට මාදම්පේ හැඩබණ්ඩාරගම හන්දියේ දී ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පියා සහ දියණිය එම ස්ථානයේ දී ම මිය ගොස් ඇතැයි මාදම්පේ පොලිසිය පවසයි. 02 September 2023
ඉන්දියාවේ හිරු ගවේෂණ යානය අද පෘථිවියෙන් යනවා ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය සාර්ථකව සඳට පතිත කිරීමෙන් ලැබූ පන්නරයෙන් පසු, ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඉස්රෝ’ අද (2) හිරු ගවේෂණයට යානයක් යැවීමට සැලැසුම් කර තිබේ. 02 September 2023
ඉන්දීය ආරක්ෂක ඇමැති හෙට මෙරටට ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා හෙට (02) සහ අනිද්දා (03) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය වාර්තා සඳහන් කරයි. 01 September 2023
පිළිකාවට ප්‍රතිකාර කඩිනම් කරන එන්නතක් ලොව ප්‍රථම වතාවට පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ගතවන කාලය සියයට 75 කින් අඩු කළ හැකි එන්නතක් එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවය හඳුන්වා දී තිබේ. 01 September 2023
දරුවක් ළිඳක වැටී මරුට ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේදී වයස අවුරුදු නවයක පමණ පිරිමි දරුවකු ළිඳක වැටීමෙන් මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 01 September 2023
පිස්සු බෙහෙත් සමග ඖෂධ ප්‍රවර්ධන නිලධාරියා මාට්ටු මානසික රෝගීන් සදහා භාවිතා කරන අධි මාත්‍රා සහිත ඖෂධ තොගයක් නීති විරෝධිව ප්‍රවාහන කරමින් සිටි ඖෂධ සමාගමක ඖෂධ ප්‍රවර්ධන නිළධාරියකු බව කියන පුද්ගලයකු කොච්චිකඩේ පොලිසිය තොප්පුව මාර්ග බාධකයෙදී අද අලුයම අත් අඩංගුවට ගත් බව කියයි. 01 September 2023
පාසල් දරුවන් ප්‍රවාහන ගාස්තු වැඩි කරන්නේ නෑ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව පාසල් දරුවන් ප්‍රවාහන ගාස්තු ඉහළ නොදමන බව පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පැවසීය. 01 September 2023
රටටම වතුර දෙන වැඩසටහන කඩිනම් කරයි රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිකිරීම කඩිනම් කර තිබෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය. 01 September 2023
පලා කඩන්න ගිහින් මඩේ එරිලා:දවසකට පසු සොයා ගනී පලා කැඩීමට පොල්පිතිගම හාතිගමුව මහ වැවට ගිය පුද්ගලයකු එරී සිටියදී බේරාගෙන රෝහල්ගත කළ බව පොල්පිතිගම පොලිසිය කියයි. 01 September 2023
බෙහෙත් සැපයුම්කරුවන්ට කෝටි 1100ක් ණයයි දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1100 ක හිඟ බිල්පත් ගෙවීමට ඇති හෙයින් ඔවුන් ඖෂධ සැපයීමට අදිමදි කරන තත්වයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 01 September 2023
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 5කින් ඉහළට ඩීසල් මිල ඉහළට යෑමට සාපේක්ෂව බහාලුම් ප්‍රවාහන ගාස්තු අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට සියයට 5කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය පැවසීය. 01 September 2023
ලිට්රෝ ගෑස් මිල ඉහළ යන ලකුණු ලිට්රෝ ගෑස් මිල ද ලබන සඳුදා (4) ඉහළ දැමීමට බොහෝ දුරටත් ඉඩ ඇතැයි එම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 01 September 2023
අණ නොතකා ගිය යතුරු පැදියට විශේෂ කාර්ය බලකායෙන් වෙඩි අංගොඩ කැළණිමුල්ල පාලම අසල විශේෂ කාර්ය බලකාය මගින් යොදා තිබු ක්ෂණික මාර්ග බාධකයකදි අණ නොතකා ධාවනය වෙමින් තිබූ යතුරු පැදියකට භට පිරිස් (1) පස්වරුවේ වෙඩි තැබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි. 01 September 2023
නාමල්ගේ විදුලි බිල ගැන සොයන්නැයි විජිතගෙන් පෙත්සමක් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට විදුලි බලය සැපයීම පිළිබඳ පර්යේෂණයක් පවත්වා ඒ පිළිබඳ විගණන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසද ඒ පිළිබඳ බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඊට වගකිව යුතු වග උත්තරකරුවන්ට සුදුසු පියවර ගැනීමට නියෝග කරන ලෙසද ඉල්ලා නීතිඥ විජිත කුමාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 01 September 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් සියලුම දේශීය තරගාවලි අත්හිටුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 September 2023
අ‘පුර රෝහලේ වැඩ කටයුතු හාන්සියි අනුරාධපුර රෝහලේ පවතින වෛද්‍ය හිඟය සහ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය නිසා රෝගීන් මෙන්ම දැනට සේවයේ යෙදී සිටින වෛද්‍යවරු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 01 September 2023
රාජ් කුමාර්ගේ මරණයට පොලිසියේ තුනක් රිමාන්ඩ් ටෙලි නාට්‍ය නාට්‍ය අධ්යක්ෂවරියක වන සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් බාරයේ දී ගෘහ සේවිකාවක මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් දෙදෙනා 11 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා නියෝග කළේය. 01 September 2023
බස් ගාස්තු සියයට 4කින් ඉහළට ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමූ බවත් රුපියල් 30 ක අවම බස් ගාස්තුව වෙනස් නොවන බවත් ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් අද (1) පැවසීය. 01 September 2023
රොබෝ ඉංජිනේරුවෙක් නැනෝ ලී සෙල්ලම් බඩු හදයි රොබෝ තාක්ෂණික ඉංජිනේරු රඛිත බ්‍රිෙටා් විසින් නැනෝ තාක්ෂණය උපයෝගීකරගනිමින් පරිසර හිතකාමී ලී සෙල්ලම් බඩු නිපදවා තිබේ. 01 September 2023
ශල්‍ය වෛද්‍යවරියන් කරන සැත්කම්වල සංකූලතා අඩුයිලු? ශල්‍ය වෛද්‍යවරුන් සිදු කරන ශල්‍යකර්මවලට වඩා ශල්‍ය වෛද්‍යවරියන් සිදු කරන ශල්‍යකර්මවලදී රෝගීන්ට දීර්ඝ කාලීන සංකූලතා වලට මුහුණ දීමේ අවස්ථා අවම බව අධ්‍යනයකින් හෙළි වී තිබේ. 01 September 2023
මෙහෙකාරිය මිය යාමේ සිද්ධියට පොලීසියේ තුනක් අත්අඩංගුවට වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 01 September 2023
මාලිගාවත්තේ වෙඩි තැබීමක් මාලිගාවත්ත සංඝරාජ වටරවුම් ආසන්නයේදී මීට සුළු මොහොතකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. 01 September 2023
13 ගැන ආණ්ඩුවේ ස්ථාවරය කියයි 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක ඉඩම් හා පොලිස් බලතල හැරුණුකොට අනෙක් සියලුම බලතල පළාත් සභාවලට දියයුතු බවට ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ ස්ථාවරය වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 01 September 2023
සපුගස්කන්ද පිරිපහදුව 18 සිට දින 20ක් වහයි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්වයට පත්කිරීමේ නඩත්තු කටයුත්තක් සඳහා එහි නිෂ්පාදනය මේ මස 18 වැනිදා සිට ඔක්තෝබර් මස 8 වැනිදා දක්වා අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද (1) පැවසීය. 01 September 2023
එකට කා බී පහරදී මරලා අගලවත්ත මහගමමුදුන ග්‍රාම නිලධාරි වසමේ නිවසක් තුළ බීමත්ව ඇතිවූ ආරවුලක් මත සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි. 01 September 2023
තවත් ඝාතනයකට දෙකක් මාට්ටු බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ දී යතුරුපැදියකින් පැමින පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්දීයේ මහ මොලකරු ඇතුලු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 01 September 2023
ඉන්ධන QR ඉවරයි ඉන්ධන බෙදා හැරීමේ පහසුව සඳහා පනවා තිබූ QR ක්රමෝපායෙන් ඉවත් වන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවැසීය. 01 September 2023
නීති විද්‍යාලයේ සල්ලි හිදී අර්බුදයක නීති විද්‍යාලය සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකෙරෙන හෙයින් මුදල් අය නොකර විද්‍යාලය තවදුරටත් පවත්වාගෙන යෑමේ ලොකු අර්බුදයක් පවතින බව එහි විදුහල්පතිවරයා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කළේය. 01 September 2023
කෙහෙළියගේ විශ්වාසභංග විවාදය ලබන සතියේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන සතියේ 6,7 සහ 8 යන දින තුනේදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (1) තීරණය කළේය. 01 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026