
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
අනතුරින් රියදුරා ද ඇතුළු බස් රියේ ගමන් කරමින් සිටි 45 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු නමුත්, අට හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා දිවි ගලවා ගත්තාය.
ඇය හෙලිකොප්ටර් ආධාරයෙන් රෝහලකට රැගෙන යෑමට සහන සේවකයෝ කටයුතු කළහ. බස් රිය අනතුරට පත්වූයේ දකුණු අප්‍රිකාවේ, ලිම්පෝපෝ ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකදීය.
පාස්කු දේව මෙහෙයකට සහභාගී වීමට බැතිමතුන් සමඟ එම බස් රිය අසල්වැසි බොට්ස්වානා රාජ්‍යයේ ගබෝන් සිට පැමිණි බව දකුණු අප්‍රිකා ප්‍රවාහන අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
අනතුර සිදුවූයේ බස් රථය මමට්ලක්කාලා කඳුකර මාර්ගයේ ගමන් කරද්දීය. ප්‍රපාතයට වැටුණු බස් රිය ගිනිගත් බව ද පැවැසෙයි.
අනතුරට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු දිගටම සිදුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ව බලධාරී දෙවියන් වහන්සේ තමන්ගේ අනුගාමිකයින්ට කරන දෙයක්.
දෙවිවරු අනුගාමිකයින්ට හොඳටම කරලා...