(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (28) නියම කළාය.
මෙම සිද්ධියට පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නැයි රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දුන් අතර ඒ පිළිබඳ නීතීපතිවරයාට දැනුම් දෙමින් තමන් ගතයුතු ඉදිරි පියවර කුමක්දැයි රහස් පොලිස් නිලධාරීහු උපදෙස් ඉල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් කරන්න වෙයි. අමතක වෙන්න ඉඩ තියෙනවා.
මේ මිනිහාටත් චන්දෙ දීලා ජනාධිපති කරපු රටක් මේක
හිටන්, මේ පාර හිතුවට වඩා වැඩේ දුර ගිහින්. "අයියෝ සාමිනේ මාව බේරගන්න"
එදා හරියට තමන්ට පැවරුන වගකීම ඉටු කලෙත් නැහැ .තවමත් හැම දේම විහිලුවකට අරන් වගේ .රටේ අවාසනාවකට පහළවෙන නායකයෝ
පුස් වෙඩිල්ලකින් නිමාවන මාධ්‍ය සංදර්ශනයක්.
පතෝල සිරෝ, මේ නම් උඹගේ නරකම කාලයක්.කේන්දරේ බැලුවාද ? ලෝචනා නඩුකාර තුමිය කියන්නේ සියලු දෙනාම බොහොම ගරුකරන,බොහොම අවංක , නොනැමෙනසුළු , බොරුව ඉවසන්නේ නැති ,නිතිය නිතිය ලෙසටම ක්‍රියාත්මක කරන උතුම් මහත්මියක්. වෙන තැන්වල කළා වගේ එතුමිය ඉදිරියේත් උඹ පිස්සු කෙලියොත් උඹ ඉවරෙටම ඉවරයි.පෙනෙනවා නේද අර බෙහෙත් හොරකම් කරපු වානරයාට වෙලා තියෙනදේ ? සමහරවිට උඹව 4 වෙනිදාම කකුල් දෙකෙන් එල්ලන්නත් පුළුවන්.කුම්බලාමාලු කෑවානම් දැන් විඳවපන් කීවාලු ..නාකි හොර මයිනාගේ ලණුවක් කාපු උඹව එල්ලන්නම තමයි ඕනා.
මෙතුමා ජනාධිපතිවරණය එනකොට හිරේ ඉඳියිද. කියපුව ආපහු ගන්න බෑ. දැන් කරගත්තු මෝඩකමක් කියලා හිතෙනවා ඇති. ලැබෙන්න තිබුණ චන්ද පහත් දැන් නොලැබෙයි...කෙනෙකුගේ අවසාන කාලය ආවම මාරයා ආවේශ වෙලා මරු කියවනවා.
සැලැස්මේ විදියට වැඩේ යනවා වගේ
සිරිසේන මහත්තයාට ඒ කරුණු ප්‍රසිද්ධියේ කියන්න බැරිලු, ජීවිත ආරක්ෂාවට තර්ජනයක් විය හැකිලු. ඒ නිසා අපි ගරු මහෙස්ත්‍රාත්තූමියගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, සිරිසේන මහතා අදාළ ප්‍රකාශය කළ පසුව ඔහුගේ ජීවිත ආරක්ෂාව සදහා ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසයි.
සිරාට පිස්සුද? දන්න දේ එදා කියන්නේ නැතිව අවුරුදු ගානකට පස්සෙ එලියට දාන්නෙ මොකටද ? ඡන්දෙට වැඩක් කරගන්න උනාට මේ ප්‍රකාශය දැන්කරන එක තමන්ටම පාරාවලල්ලක් වෙන බවයි මටනම් හිතෙන්නෙ.
එවන්න එපා එලියට නඩුව ඉවරවෙනකල්.
මේ කියපු දේ නිසා දැන් කොච්චර ප්‍රශ්න ඇතිවෙනවාද? ඒවාට උත්තර හදාගෙනද මේ කතාව කීවේ...? ඇයි මෙච්චර කල් මේක හැන්ගුවේ. වෙන කෙනෙක් කීවා නම් ඇයි ඔහු මේක හැන්ගුවේ...? ඕවා ඔක්කෝම දඬුවම් ලැබිය හැකි වරදවල්. මොන සැලසුමක් ඇතිව මේ කතාව කීවත් මේක මෙතුමාටම හිරේ යන්න වෙන කතාවක්. කාගේ හරි ලණුවක් කෑවත් හිරේ යන කතාවක්...!
දෙකක් දුන්නා නම් ඔක්කොම කියයි.
අර ඔබට සහ ගෝඨාභයට මරණ තර්ජන තියනවා කියපු නම කුමාර කෝ දැන් එයාව හොයලා තියාගන්න තොරතුරු ගන්න පුළුවන් වේවි...
නොදන්නා නිසයි අහන්නේ.., ඔබලා හදවතින්ම ආලේ වඩන බය පක්ෂපාතී, අර දඩෝරියා කූඩුව ඇතුළේද..? එහෙම නැත්නම්, පශු වෛද්‍ය අංශය වෙත යොමු කරලාද..? එකපාරම කප්පාදු කරලා දැම්මා නම්, කාටවත් එයාගෙන් හිරිහැරයක් නැහැනේ...!
මෝඩකමට බෙහෙත් නැතේ...