
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්ගලයකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මහරගම පොලිසිය පවසයි.
අනතුරින් මෝටර් රථයකට තීරෝද රථ දෙකකට හා යතුරු පැදියකට හානි සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේදී අධික වර්ෂාව සහ සුළං තත්ත්වයක් පැවති අතර එම අවස්ථාවේදී බෝ ගසෙහි හයිලේවල් මාර්ගයේ දෙසට පිහිටා තිබූ අඩි 70ක් පමණ දිගින් යුත් අත්තක් මෙසේ කඩා වැටීමෙන් අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.
අනතුරින් තීරෝද රථයක් සම්පූර්ණයෙන්ම හානි සිදුව තිබූ අතර සෙසු වාහන වලට සුළු හානි වී තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා විනාශ කාරී ගස් ජාතියක්
පව් කල අය කීපදෙනෙක් වෙන්න ඕන, නැත්නම් බෝ අතු වැටුනට හානිවෙන්න බැහැ, කොටින්ම ඕව පාරෙ මැද තිබුනත් මාර්ග අවහිරකම් වෙන්නෙත් නැහැ. මොකද අපි බෝධිය මුල අවබෝධ කරගත් ධර්මයට වඩා බෝගසට ගරුකරන ජාතියක්
මහරගම බෝ සමිඳු පිහිටයි..