
(අංජුල මහික වීරරත්න)
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
මේ වන විට හතු පිපෙනවා සේ හැදෙන සන්ධාන වලින් වැඩක් නැතැයි කී කරුණානායක මහතා ඇතැම් සන්ධාන බිඳ වැටෙමින් තිබෙන බව කීය.
එළඹෙන මැයි දින සැමරුම හරහා එක්සත් ජාතික පක්ෂයේ බලය පෙන්වීමට සූදානම් බව කී කරුණානායක මහතා පක්ෂය හැරගිය උදවියගෙන් 90%ක් පමණ නැවත පක්ෂයට එකතු වීමට සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය.
කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේය. හැමදාමත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව බලයේ සිටි අවස්ථාවේ රට සංවර්ධනය වූ බව කී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂය දුර්වල වූ අවස්ථාවේ රට බංකොලොත් වූ බව කීය.
වැඩ කරන,රට හදන සන්ධානයක් නිර්මාණය කරමින් සිටින බව කී කරුණානායක මහතා රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්න නොහැකි පාර්ශව සමඟ සන්ධාන හදා තේරුමක් නැතැයි පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ බලවත් සන්ධානය? මහබැංකු හොරුන්ගේ සහ සීනි බදු හොරුන්ගේ බලවත් සන්ධානයද?
ඔය සන්දානේ පොහොට්ටුව එජාපය ඇවිල්ලානේ තියෙන්නේ... අමුතුවෙන් මොන සන්ධානද?. ඕවා අතුගෑවිලා යනවා මොන සංධාන ගැහුවත්...!
මොනවා කළත් මිනිස්සු ump එකටවත්, මෙයාටවත් ඡන්දෙ දෙන්නේ නෑ. පොහොට්ටුවට දෙන්නෙත් නැහැ. unp, පොහොට්ටු දෙකම සුළු පක්ෂ වෙලා ඉවරයි.
මේ පාර වෙනින් ඔලුබක්කෝ දාගෙන ඇවිත් දෙන්න වගේ යන්නේ..?
එළියට දානකොටම යනවා.
සුදුසු වෙලාවක් බැලුවට අපිට කමක් නෑ... කාටවත් පේන්න නම් එළියට දාන්න එපා...
බැංකු මංකොල්ලකන්න පුළුවන් ටීම් එකක් හදාගන්න. හැබැයි අපිට අමතක නෑ...!
දැනට කොහේද හංගගෙන ඉන්නේ..?
ගියපාර ඔබලාට මොකද වුනේ කියලා කල්පනා කරලා බලන්න සේරටම කලින්...!
මෙදාපාර එන්නේ, මොන බැංකුවට කෙලින්නද?
ජනතාවට වැඩිය බලවත් කිසිම කෙනෙක් නැහැ දැන්. ඔබලාට ගිය රට එහෙනම් හොරා කකා දඬුවම් නැතිව ජනතාව තවත් රවට්ටන්න හිතුවා මදි... කට්ටියම නිරුවත පෙන්නන්න්ද ඉන්නේ අන්තිම මොහොතේ.
සජිත් ආපහු ඇවිත් දිගටම කොට අදින්න කැමැති වෙලා වගේ...?
සන්ධානය එළියට දාන කොට තමාට ඕක එක වේලයෙන්ම අමතක වෙයි. බලාගෙන....
අදහස් දක්වා තියෙන සෑම කෙනෙක්ම රින ආකල්ප සහිත අදහස් ඉදිරිපත් කර තියෙනවා. මේ අදහස සඳහා ගිගුරුම් සහිත අන්ලයික් වැස්සක් වහීවි. ඒත් සත්‍ය තත්වය කියන්න ඕනෑ 2019 මහමැතිවරණය අවසානයේ එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැතිවුණා.. ඉතිරි වුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක් පමණයි. එහෙම වෙන්න පක්ෂයේ හිටපු නියෝජ්‍ය ප්‍රධානියා වගකිවයුතුයි කියලා කියන්න... පුළුවන් එහෙම වුණත් කල් යල් බලා ලැබූ මන්ත්‍රී අසුන වෙනුවෙන් රනිල් දිවුරුම් දුන්නා... වැඩිකලක් නොගොස් රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනාට ජනාධිපති තනතුර ලැබුණා... එහෙම නම් රවීගේ බලාපොරොත්තුව සාර්ථකව ඉෂ්ට වෙනවා කියලා ස්ථිරවම කියන්න පුළුවන්...!
අපි සජබෙට ගියේ මේ අය නිසා තමයි...
අපේ මොකුත් එළියට දාන්න ඉස්සර... ගෙදරට වෙලා ඉන්න.
සන්ධාන හදාගන්න.. ඒ වුණාට මිනිස්සුන්ට රට බංකොළොත් කරලා මිනිස්සු බඩගින්නේ තියපු UNP සෙට් එක එපාවෙලා තියෙන්නේ...
අපිට හිතෙන විදියට එකපාරටම මේසේ උඩට නැගලා එළියට දායි... වයස හරි නැහැ..