
(බී.ජී. චතුරංග සහ ගයාන් සූරියආරච්චි)
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
මෙලෙස පලා ගිය එක් සැකකරුවකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ හා අනෙක් සැකකරු කැලණිය ප්‍රදේශයේ සැකකරුවෙකු බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
අනුරාධපුර බන්ධනාගාරයේ එලිමහන් සිර කඳවුරු භූමියට අයත් ජයන්ති මාවතේ, මහජනතාවට විවෘත කර ඇති බන්ධනාගාර ආපන ශාලාවේ සේවය සදහා යොදවා සිටි මෙම රැඳවියන් දෙදෙනා, ඔවුන් පැළඳ සිටි බන්ධනාගාර සිර ඇඳුම් ඉවත් කොට වෙනත් ඇඳුම් පැළඳ මෙසේ පලා ගොස් තිබේ.
පලා ගිය මෙම සිරකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් සමග එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා, ඔවුන් දෙන්නගේ ගිණුමට දාලා ඡන්දයට මාර වැඩ ගොඩක් කරන්න පුළුවන් නේද?