(ගයාන් සූරියආරච්චි)
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.
නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කර මේවන විට මාසයකට අධික කාලයක් ගතවී ඇතිමුත් කිසිදු හෝඩුවාවක් නිශ්චිතව සොයගැනීමට හැකිවී නොමැත.
ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග පරිදි එම ඝාතන සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම ඝාතන සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd