
(අංජුල මහික වීරරත්න)
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයකි.
මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රුපියල් 3,622,506,725 ක අගයක් සහිතව බිලියන තුනක ඉලක්කය ඉක්මවා තිබේ.
ඒ සමඟම රජයට පිරිනැමෙන දායකත්වය 6%කින් ඉහළ දමමින් රුපියල් 5,193,833,721 ක් ජනාධිපති අරමුදලට පිරිනමා ඇත.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරංගල මහතා සඳහන් කළේ අභියෝගාත්මක කාලවකවානුවේදී රටේ ආර්ථිකයේ ඇති වූ අයහපත් බලපෑම් අවම කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය උපයෝගී කරගත් ක්‍රමෝපායන් නිසා ඉතා කෙටි කාලයකදී ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකිවූ බවයි.
මේ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුවිශේෂී මඟපෙන්වීමක් ලබා දුන් බවද සභාපතිවරයා පැවසීය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය ලොතරැයි ටිකට්පත් මෙන්ම අලුතින් හඳුන්වා දෙන ලද විශේෂ ටිකට්පත් සඳහා පිරිනැමෙන තෑගි මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත්, මෙරට පාරිභෝගික ජනතාවට නව අත්දැකීමක් ලබා දෙමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලොතරැයි ටිකට්පත් හඳුන්වාදීම ද ආරම්භ කර ඇති බවත් පැවසූ සභාපතිවරයා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායමෙන් 50%ක්ම වෙන් කරනු ලබන්නේ මෙරට අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් වීම ද විශේෂත්වයක් බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම විය යුතු කාරණයක් නෙවෙයි, දිනුම් ඇදෙන්නැති ලොතරැයි විකුණන එක ලාභයක්ම තමයි.. ආණ්ඩුව විසින් පවත්වාගෙන රටේ තියෙන ලොකුම වංචාව සහ සූදුව...!
මේ ගොල්ලෝ මං මුලා වෙලා ඉන්න කොට රනිල් සුවිශේෂී මග පෙන්වීමක් ලබා දීලා නේද?
ඒ කියන්නේ වංචා සහගතව මිනිසුන්ගේ සල්ලි හූරගෙන කාලා...තෑගි නොදෙන ටිකට් විකුණලා...
ටිකට් මිල 20/- දෙගුණ කළා. තෑගි නැති ගානයි. ඉතින් නිකන්ම ලාබනේ බං.
තෑගි කොහොම වෙතත් මිල දෙගුණ කළා. ඉතින් ලාභ ලබන එක අහන්න දෙයක් ද බං.
ඒකනේ බන්. හැමදාම කැසිනෝ ගහන එකා තමයි පරාද. කැසිනෝ අයිතිකාරයා හැමදාම ලාභ ලබනවා.
අපේ දුප්පත්කම නිසා දිනාවිය කියල ගත්තට මේව කවදාවත් ඇදෙන්නෙ නෑනේ. මහම මහ වංචාවක් කරන්නෙ. පව් අහිංසක ජනතාව මුලාකර ලාභ පෙන්නන එක. ඕනම ආයතනයකට ලාභ ලබන්න පුලුවන් මේ විදිහට. හැම තැනම දුප්පතුන් රැවටීම උන්ව හූරගන කෑම තමයි තියෙන්නෙ. දැන් ලාභ පෙන්නුවනෙ. දැන්වත් මිනිසුන්ට කීයක් හරි දෙන්න බලන්න.
ලොතරැයියක් මිලදී ගන්නේ ගොඩක් දුප්පත් මිනිස්සු. මොකද මිනිස්සු හිතනවා උඩ ඉන්න දෙයියෝ හරි පිහිට වෙයි කියලා. ලොතරැයි මණ්ඩලයේ ලාභ ලබනවා කියන්නේ දුප්පත් මිනිස්සුන්ගේ බලාපොරොත්තුව උඹලා අරන් තියෙන්නේ. දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කෑම තමයි මහ ලොකුවට ලාභයක් කියලා පෙන්නන්නේ. මේ විදිහට නම් රට සංවර්ධනය කරන්නට යන්නේ අනාගතයේ අයට දෙවියන්ගේ පිහිටයි...
තෑගි නැති ගානයි. ඉතින් නිකන්ම ලාභනේ, මහාම මහා වංචාවක් කරන්නේ...!
ලොතරැයි ගන්නේ මොට්ටයින්...!
අහිංසක මිනිස්සුන්ව රවටල.. අඩියටම වැටිල ඉන්න මිනිස්සුන්ව හුරගෙන කාල ලාභත් පෙන්නනව...
සංවර්ධන ලොතරැයියේ මූලික පරමාර්ථය රජයට මුදල් රැස්කරදීම මිස ලොතරැයි ටිකට්පත් මිලදීගන්න අයට තෑගි ලබාදීම නොවෙයි කියල හොදින්ම තේරුම්කරදීම ගැන සතුටුයි. එහෙනම් මින්පසු තෑගිනොදෙන මෙවැනි ලොතරැයි මිලදීගැනීමෙන් වැලකෙමු.
දිනුම් නැත්තේ ඒක තමයි.
ලංකාවේ ලොතරැයි මිලදී ගන්නන්ගේ ලොකුම අලාභය වාර්තා කරයි...
දිනුම් ඇදෙන්නේ නැත්තේ මොනයම් හෝ වංචාවක් නිසා නම් ඒ සඳහා සම්බන්ධ වන සියලු දෙනාටම ස්වභාවධර්මයාට අනුව පාලිසන් දෙනවා නොඅනුමානයි .ඒකාන්තයි ස්ථිරයි වැහි නැති හෙන ගහන්න ඕන .