
(යොහාන් භාසුර)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය හෙට සහ අනිද්දා (30 සහ 31) දෙදින ද අවලංගු කිරීම්වලට හෝ ප්‍රමාදයන්ට ලක්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ නගර සභාව බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංවර්ධන කටයුත්තක් කරන බැවින් කෙළඹ කොටුව දුම්රිය ස්ථානය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථානය අතර තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීම මෙයට හේතුව බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
රුහුණු කුමාරි, ගාලු කුමාරි ඇතුළු දුම්රිය කිහිපයක් මේ වන විට දෙහිවල දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර වැල්ලවත්තේ සිට තනි මාර්ගය දුම්රිය ධාවනය කිරීම නිසා මෙම තත්ත්වය ඇතිවීම තිබෙන බවද දුම්රිය රියදුරෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd