ත්‍රස්ත පනත ගැන ලොවම දැනුවත් කරයි
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබදව මෙරට සිටින සියලුම විදේශිය මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.