IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උතුරට හොඳ වතුර දෙන්න යන්ත්‍රාගාර 24 ක්

(අංජුල මහික වීරරත්න)

උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 24ක් ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ. 

වව්නියා දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 6ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්යේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 18 ක් මෙලෙස විවෘත කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

උතුරේ  අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළ ගම්මානවල මෙම නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකර ඇත. 

ඒ වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව, වවුනියාව උතුර, වෙන්ගලච්ච්ඩිකුලම්, වව්නියාව දකුණු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පච්චිලෙයිපල්ලි, කරච්චි සහ කඳවලයි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලයි.

මෙම  නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර මගින් දිනකට ජලය ලීටර 2,000ක් පමණ පිරිසිදු කිරීමේ හැකියාව පවතින බවද නැවත පදිංචි කිරීමේ ඒකකය පවසයි.

නැනෝ තාක්ෂණය මගින් ජලය පිරිපහදු කිරීමේදී ජලයෙහි අඩංගු ඉහළ සංයුජතාවකින් යුත් ලවණ වර්ග හෝ ද්වි සංයුජමය මූලද්‍රව්‍ය ඉවත් කරයි. තවද නැනෝ පිරිපහදු මගින් විෂ ද්‍රව්‍ය, බැර ලෝහ සහ අනෙකුත් කාබනික සංයෝග බැහැර කර ජලයෙහි දුඟද හා රස ඉවත් කරයි.

 



අදහස් (1)

උතුරට හොඳ වතුර දෙන්න යන්ත්‍රාගාර 24 ක්

rattu Monday, 01 April 2024 08:29 AM

වකුගඩු රෝග වැඩියෙන්ම තියෙන්නේ පොලොන්නරුව සහ අනුරාධපුර ප්‍රදේශවලයි.වැඩිම මිනිස්සු මැරුනේ මෙම ප්‍රදේශ වලයි .පිනාට චන්දේ ගන්න පිරිපහදු ඔක්කොම සවිකරන්නේ උතුරේ.අපේ මිනිස්සු මකබෑවුනත් පිනාට චන්දෙ විතරයි ඕනේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site