(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ.
රට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් ප්‍රමුඛතාවය දිය යුත්තේ එම වැඩසටහනට බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
අමාත්‍ය මණ්ඩලය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථා වලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපවැත්වෙනු ඇතැයි ද ජනාධිපතිවරයා කියා ඇත.
ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය ව්‍යවස්ථානුකූලව එළඹෙන්නේ මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට පසුව වන හෙයින් ජනපතිවරණය පැවැත්වීම අයි.එම්.එෆ් වැඩසටහනට බාධාවක් නොවන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා රජය ඒ අනුව මැතිවරණ සිතියම සැලසුම් කර තිබෙන බව කීය.
ඒ අනුව මුලින්ම ජනාධිපතිවරණයට සුදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය මෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන් දැනුම්වත් කොට ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවට මෙයින් ඉඟියක් දී ඇති බව පැහැදිලියැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ ප්‍රජා අයිතීන් නිර්දය ලෙස කප්පාදු කිරීමේ අලුත් පියවර... ජනාධිපතිවරණය පවත්වන්න. අනෙක් මැතිවරණ පැවැත්විය යුතුද? නැද්ද? කියා එම ප්‍රතිඵල වලින් වැටහේවි. මෙයා යන්නේත් එයාගේ අම්මාගේ අඩිපාරේ...
පොහොට්ටුවට කට උත්තර නෑ...
පොහොට්ටුවේ ඉතිරිවෙලා ඉන්න කීපදෙනාත් එනකන්...!
හොඳ වැඩේ වටේට එල්ලිලා ගොඩයන්න බලං ඉන්න 224 ටම. දැන් විපක්ෂය නෑනේ. දිනන පැත්තේ ඔක්කෝම අය...
මොවුන් කවදාවත් ඡන්දෙ තියන්නේ නෑ...
පොහොට්ටුවේ අය දැන් හොඳින් තේරුම් අරන් තියෙනවා... පොහොට්ටුවේ නායකයෝ වැඩ බැරි ටාසන්ලා කියලා... දැන් එයාලා කියන දේවල් අහන්න බහුතරයක් කැමැති නැහැ...
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න...
අවුරුදු 50 පාර්ලිමේන්තු ගිහින් නොහදපු රට දැන් හදයි කියලා තමයි බය. කවදාවත් ඡන්දයක් දිනපු නැති නායකයෙක් හැමදාම හොරපාරෙන් අගමැති ජනපති වෙච්චි නායකයෙක්. 5/6 බලය තිබ්බ පක්ෂයක් තනි ආසනේට අතඇරපු නායකයෙක් ඡන්දෙට බයයි කියලා අපි දන්නවා. මේ ගෙවෙන්නේ ඔයාගේ අන්තිම මාස කීපය. මොන ගැටේ ගැහුවත් ඔයා ගෙදර. අන්තිම කාලය කරපු පව් මෙනෙහි කර කර විඳවන්න වෙයි.
දේශපාලන වාසියට ඡන්ද පැවැත්වීම නතර කළයුතුයි...
කාටවත් කරන්න බැරිවෙන තරමට රට හිර කරලාම යන්න වගේ කල්පනාව...
කොහොමත් ඔක්තෝබර් මස පහුවෙයි...
සුපිරි කොල්ලෙක්නේ... රට ගැන විතරමයි හිතලා තියෙන්නේ...
රාජපක්ෂ හොරුන්ට අවාසි නිසා මෙයා ඡන්දෙ තියන්නේ නෑ.
දැන් ඇමෙරිකන් කාරයෝ තමයි මේ රට පාලනය කරන්නේ...
බැසිල් ලංකාවට ඇවිල්ලා යාන්තමින් හරි රාජපක්ෂ කෙනෙක් වත් පාර්ලිමේන්තුවට දක්කන්න හිතාගෙන මහමැතිවරණය ඉල්ලුවා. ඉතින් මේ අවුරුද්දේ සැප්තැම්බර් හා ඔක්තෝම්බර් අවසානයට පෙර අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන්න වෙනවා. එහෙමනම් ඉන් පෙර මහමැතිවරණය තියන්න වෙලාවක් නැහැ. සුනිල් කියන විදියට නම් ජනාධිපතිවරණය අවසානයේ සිට ගෝඨාභය ආණ්ඩුවට අන්ත ආණ්ඩුවක් ඇතිවෙලා... රට ප්‍රපාතයකට වැටෙන්න පුළුවන්...
දේශපාලන ඉතිහාසයේ අසාර්ථකම දේශපාලකයා. විකිණීම, හිඟාකෑම, රටවැසියන් නායකරුවන් කිරීම, ජාතික වටිනාකමකින් යුතු දේවල් පිටරැටියන්ට ඕනේ විදියට පරිහරණයට ඉඩ දීම හැර ඔය අවුරුදු පනහ තුළ කරපු රටට, ජනතාවට වැඩක් ඇති දෙයක් මෙයාට ආවඩන අය කියන්න. මහා රුක්ෂයක් වගේ තිබුණු පක්ෂය බින්දුවටම බැස්සුවා. හැකියාව පේනවා ඕනෙවාටත් වැඩිය. කපටිකම් කර කර ඔහේ එල්ලිලා ඉන්නවා බල තණ්හාවෙන්. ඡන්දෙන් පස්සේ ආසනෙත් නැතිවෙනවා. පහනක් නිවෙන්න කලින් දැල්ල ලොකුවට දැල්වෙනවාලුනේ. අනිත් 225ටත් වැලේ වැල් නෑ එල්ලිලා බේරෙන්න. පව් බේරෙන්න දඟලන දැඟලිල්ලක් කට්ටිය...
යන අයට මොන ඡන්දද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පුස්කොළ පොතක් කියලා හිතනවාද දන්නේ නෑ...
මෙයා මීට පෙර අවස්තා කීපයක්ම අගමැති වුණා. එදා නොහදපු රට අද කොහොමද හදන්නේ? ආර්ථිකය හදන හැටි ඇහුවොත් කියන්නේම ලෝකෙන් ගන්න ණය ගැන මිසක් නිෂ්පාදනය වැඩිකරලා අපනයනය වැඩිකිරීම ගැන නෙවෙයි. අයි.එම්.එෆ්. එකට ඕනෑ සියල්ලටම එකඟ වෙනවා. අද මිනිස්සු එක වේලක් කාලා අනිත් වේල කන්නේ කොහොමද හිතන්නේ...? ඡන්දෙ කිට්ටු කරලා දෙන සහන අරන් ඡන්දෙ දෙන්න අද මිනිස්සු මෝඩ නෑ. ස්ථිරවම මේ නායකයා සහ ආණ්ඩුව එළියට යා යුතුමයි.
මේ පාර නාන්න වෙන්නේ දියවන්නාවෙන් වගේ...
අයියෝ... මොල 7 ප්ලෑන් ඔක්කෝම අධෝ මාර්ගයට බැස්සලු ... අප්‍රේල් 4 දාට කලින් රටෙන් පනින්න හදන කතාවකුත් එහෙන් මෙහෙන් ඇහෙනවා නේද...?
මෙහෙම වෙන්නේ මොකද? ඕකෙන් වෙන්නේ තරුණ කොල්ලන්ගේ ඡන්ද නැතිවන එක... ඔවුන් බයේ හැංගෙනවා දැක්කාම...
පව්, රාජපක්ෂලා අතුගාලාම දාන්න හදන්නේ...!
පොහොට්ටුව රාජපක්ෂලාගෙන් පිට කෙනෙකුට පොහොට්ටුවේ නමින් ජනපතිවරණයට ඉදිරිපත් කරන්නේ නෑ. දැනට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයකු නොමැති බැවින් පොහොට්ටුවේ සහයෝගයෙන් ජනපතිවරණයට තාවකාලිකව ඉදිරිපත්වන්නේ රනිල්ය....!
අප්‍රේල් 1වෙනිදා විහිළුව අස්සෙන් මුට්ටිය දා බැලීමක්...!
ජනාධිපතිවරණය කිට්ටු... මෙයා තවත් උප්පර වැට්ටියක් දාලා මැරෙනකන්ම බලේ ඉන්න තමයි දත කන්නේ. ඒ වෙනකොට මෙයා ලංකාවම කෑලි කෑලි වලට මිනිස්සු එක්කම ඉන්දියාවට විකුණලා හිටියි.. මෙයාට ඉතින් රකින්න පරපුරක් නැහැනේ. වැඩබැරි කට්ටිය රටක් පාලනයට ආවාම මේවා තමයි ප්‍රතිඵල...!
ජනාධිපතිවරණය විතරක් නෙවෙයි, මෙයා කිසිම මැතිවරණයක් තියෙන්නේ නැහැ. එයා දන්නවා ලැබෙන ප්‍රතිඵලය... හම්බ වුණ අවස්ථාවෙන් උපරිම ප්‍රෙයා්ජන අරගෙන තමයි ජනාධිපති තනතුර අත අරින්නේ...
පරණ උප්පරවැට්ටිය නම් ආයේ ගහන්න හදන්න එපා...! මිනිස්සු වියරු වැටිලා ඉන්නේ...!
මොකක්ද ඔය රතුපාට නූල අතේ බැඳලා තියෙන ගෝඨාභයත් ඔය පාට නූලක් බැඳලා තිබුණා මතකයි. අර අනුරාධපුරයේ ඉන්න ගැහැණු කෙනාගෙන්ද ලැබුණේ...
බැසිල්ට කණට ගැහුවා වගේ...
IMF එක ඡන්දෙට ආවත්, IMF එකෙන් ඡන්දෙ ඉල්ලුවත් මාලිමාව දිනනවා. ඒ නිසා රනිල්, ඔබගේ පරණ තියරි පුස්තකාලෙත් එක්කම ගිනි තියලා ඉවරයි. අගුණකොලේ යවලා තමා පස්ස බලන්නේ...!
ඔය පාරේ ගිඟාකන මනුස්සයෙක්වත් සිඟමන් ඉල්ලන්න මිනිස්සු ඉදිරියේ ඔච්චර බාල්දු වෙන්නේ නෑ. මේ රට ලෝකේ අන්තිම බාල්දු කරලා, පහත් කරලා බින්දුවටම වට්ටලා ණය යදින්නේ. රටේ මිනිස්සුන්ට ලෝකේ තිබුණු තත්වය දැන් නෑ. බංගලි මිනිස්සුත් දැන් බලන්නේ හිඟන්නෝ දිහා බලන විදියට. මොකද ඔවුන්ගෙනුත් ගත්තනේ ණය.. ඒ අය කියන ඕනේම එකකට කැමැතියි. මේ ණය ගෙවන්න වෙනවා නේද ඉදිරි පරම්පරාව? ණයවලින් තොර ලෝකයක් මෙයාට නෑ. රටේ කිසිම නිෂ්පාදන ආර්ථිකයක්, අපනයන ආර්ථිකයක් ගැන. මෙලෝදෙයක් කියන්නේ නෑ. කියන්න දන්නෙත් නෑ. මෙතුමා ඇතුළු ඔය 225 ඕකෙන් පන්නලා අලුත් තරුණ හැකියාව ඇති බුද්ධිමත් (ආචාර්ය, මහාචාර්ය නොවේ) පිරිසක් එනකං තවත් රට කරනවා බොරු...
"ඔය 225 ඕකෙන් පන්නලා අලුත් තරුණ හැකියාව ඇති බුද්ධිමත් (ආචාර්ය, මහාචාර්ය නොවේ) පිරිසක් එනකන් තවත් රට කරනවා බොරු..." මෙපමණ කලක් දේශපාලන කරළියට නොපැමුණ, කිසිම දේශපාලන පක්ෂයකට නැති ස්වාධීනව, අවංකම එවන් 20ක් එකතුව ඉදිරිපත් වෙනවා නම්, හදවතින්ම කැමැති උදව් කරන්න ඕනෑතරම් එයි...