ලාදුරු වැළඳුණු 22 පොලොන්නරුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් 22 දෙනකු ලාදුරු රෝගයට මේ වසරේ ලක්වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. 04 September 2023
භෞතික විද්‍යා අංශයෙන් පළමු තැන රාජකීයට මෙවර අපොස උසස් පෙළ භෞතික විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ජි.මානෙත් බානුල ශිෂ්‍යයා හිමිකර ගත්තේය. 04 September 2023
දෑස් නොපෙනන තිවංක උසස් පෙළින් වැඩ පෙන්නයි අපොස උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ගෙලිඔය ශ්‍රී පඤ්ඤාරතන මධ්‍ය මහා විද්‍යාලයේ දෘශ්‍යාබාධිත ශිෂ්‍යයෙක් වන තිවංක රණබාහු ප්‍රේමලාල් හිමිකරගැනීමට සමත්විය. 04 September 2023
සුජාතා දියණිය ජිව විද්‍යාවෙන් කප් ගසයි අපොස උසස් පෙල 2022 විභාගයේ ජිවි විද්‍යා අංශයේ දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගැනිමට මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණි මුණසිංහ සිසුවිය සමත් වූවාය. 04 September 2023
තරුණිය ඇපල් ෆෝන් එක අරන් පැනලා මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීමක් අනුව ඇපල් වර්ගයේ ජංගම දුරකථනක් මිලදී ගැනීමට පැමිණ එය පරීක්ෂාකර බැලීමට යයි කියා ඉල්ලා ගෙන එය රැගෙන පළා ගියේ යෑයි කියන 25 හැවිරිදි තරුණියක් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 04 September 2023
ශ්‍රී ලංකා මහජන පක්ෂ මන්ත්‍රී සජිත්ට හේත්තු වේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන්පොදු ගමනක් යාම අරමුණ කර ගෙන අත්වැල් බැඳ ගත්තේය. 04 September 2023
ලාෆ් ගෑස් රුපියල් 145 කින් ඉහළ යයි ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 145 කින් ඉහළ දැමීමට පියවර ගත් බව එම සමාගම අද (4) පස්වරුවේ නිවේදනය කළේය. 04 September 2023
අජිත් රෝහණගේ පෙත්සම විසි වේ නීතියට පටහැනිව තමන් නැගෙනහිර පළාතට මාරු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 04 September 2023
සාලේ සාක්කි දෙයි අන්තර්ජාතික යුක්ති සංසඳය සූම් තාක්ෂණය ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැත්වු රැස්වීමකදී මීගමුව සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිරිල් ගාමිණී පියතුමා ඉදිරිපත් කළ කරුණුවලින් තමාට පමණක් නොව තම දරුවන්ටද අගතියක් වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා හමුවේ සාක්කි දෙමින් පැවසීය. 04 September 2023
ණයට ගත් බෙරයෙන් රටම දිනයි ගමේ බෙර වාදකයකුගෙන් හා වෙනත් පාසලකින් තාවකාලිකව ඉල්ලා ගන්නා ලද බෙර දෙකකින් පුහුණුවීම් කර සමස්ත ලංකා නර්ථන තරගාවලියෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට මාතර බෙලිදෙනිය මහ විද්‍යාලයේ නර්ථන කණ්ඩායම සමත්ව ඇත. 04 September 2023
උණට බෙහෙත් ගන්න ගිහින් අතක් නැති කරන් ගෙදර යයි උණ රෝගය උත්සන්න වීමෙන් යාපනය රෝහලට ඇතුළත් කළ 8 හැවිරිදි දැරියකට බෙහෙතක් ලබා දී ඇගේ වම් අතෙහි මැණික් කටුවෙන් පහළ කොටස ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පියා යාපනය පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 04 September 2023
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2022 විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. 04 September 2023
ත්‍රි රෝද රිය බසයක හැපී සිවුදරු පියා මරුට විවාහ මංගල උත්සවයක කුලී ගමනක් ගොස් සිය නිවස කරා එමින් සිටී ත්‍රිරෝද රථ රියදුරකු පෞද්ගලික බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි. 04 September 2023
නාවල පාර දුම්රිය හරස් මාර්ගය වහයි කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි නාවල පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 9 වැනිදා පෙරවරු 8.00 සිට පසුදින (10 වැනිදා) පෙරවරු 6.00 දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තු පවසයි. 04 September 2023
ඇහැලියගොඩට ‘රතු’ නිවේදනයක් අධික වර්ෂා තත්වය හමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය. 04 September 2023
රජයේ වැඩකට විපක්ෂය අත ගසයි වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුනු, ඇල වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 04 September 2023
ගොවීන්ට ’’මොඩ්’’ වෙන්න උගන්වයි ගොවීන්ට අලුත් තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක් ඇරැඹු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 04 September 2023
අලුත් රජෙක් ලබන වසරේ ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ලබන වසරේ ආණ්ඩුවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පැවැත්වීමට සිදුවන බවත් ලබන වසරේ නොවැම්බර් මස අභිනව ජනාධිපතිවරයා දිවුරුම් දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (4) පැවසීය. 04 September 2023
මනෝ උපදේශිකාවගේ සිරුර හෝටල් කාමරයේ තලංගම ප්‍රදේශයේ හෝටල් කාමරයක තුළ තිබී ගෙලකපා ඝාතනය කළ බවට සැකකරන මනෝවිද්‍යා උපදේශකවරියකගේ මලසිරුරක් අද (4) දහවල් සොයාගත් බව තලංගම පොලිසිය කියයි. 04 September 2023
දඩයමේ ගිය කෝටිපතියෝ මාට්ටු මුවකු වෙඩි තබා මරා මහකුඹුක්කඩවල කැබ් රථයකින් රැගෙන යමින් සිටි කෝටිපති ව්‍යාපාරිකයකු හා තවත් සැකකරුවන් දෙදෙනකු වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවිය පතොරම් සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි. 04 September 2023
ගිනි අවිය සමග කඳවුරෙන් පැන්න සෙබළා අත්අඩංගුවට පලෙයි අයිය කච්චි පලමුවන යාන්ත්‍රීක බලඇණියට අනුයුක්තව සේවය කරමින් සිටි හමුදා සෙබලෙකු රාජකාරි ටී 56 ගිනි අවිය සහ උණ්ඩ 120 ක් උරයක දමාගෙන කඳවුරෙන් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පළ පොලිසිය පවසයි. 04 September 2023
තල් අරණෙන් ’’තල් වයින්’’ තල් ගෙඩියේ සාරයෙන් ප්‍රණීත තල් වයින් නිෂ්පාදනය තල් සංවර්ධන මණ්ඩලය විසින් පසුගියදා ප්‍රථම වරට ආරම්භ කරනු ලැබීය. 04 September 2023
ඉන්දීය ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියි ඉන්දියාව පසුගිය 23 වැනිදා චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කර ගැනීමත් සමඟ ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන 49 හැවිරිදි රුපේෂ් මෑසන් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. 04 September 2023
කොරියා තානාපතිනිය රුවන් හමුවෙයි ශ්‍රී ලංකාවේ කොරියා ජනරජයේ තානාපතිනී මියොන් ලී මහත්මිය සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය. 04 September 2023
පවුල් 28ක පුද්ගලයන් 98ක් වැසි ආපදාවලින් අමාරුවේ රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක පවුල් 28 ක පුද්ගලයින් 98 ක් අද (4) පෙරවරු 6.00 වන විට පීඩාවට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 04 September 2023
පළමු මාස 8දී ලක්ෂ 2ක් විදේශ රැකියාවට යති මෙම වසරේ පළමු මාස අට තුළ ශ්‍රී ලාංකකියන් ලක්ෂ 2 කට අධික සංඛ්‍යාවක් විදේශගතව ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යංශය පැවසීය. 04 September 2023
ලක් ගෘහ සේවිකාව ලොකුම වන්දියත් අරන් එයි තම ජීවිතයට සිදු වූ විශාල අසාධාරණයක් නිසා මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වන රුපියල් හැට අට ලක්ෂයක් ලබා ගත් ශ්‍රී ලාංකික තරුණිය කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (03) උදෑසන පැමිණ තිබුණි. 04 September 2023
ලිට්රෝ ගෑස් මිලත් ඉහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 145 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය. 04 September 2023
වෙළෙන්දෝ ගෑස් සඟවලා වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් ගෑස් වෙළෙන්දන් ගෑස් සඟවා ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති. 04 September 2023
පිටිගල තිදරු පියකු කෙසෙල් හේනක මැරිලා පිටිගල් තල්ගස්පේ නිවසක් පිටුපස කෙසෙල් කොරටුවක් තුළ අභිරහස් ලෙස මියගිය පොතුවිල්හේනේ පදිංචි තිදරුපියකුගේ සිරුර අද(4) උදේ සොයාගත් බව පිටිගල පොලීසිය කියයි. 04 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026