IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජේතවන ස්ථූපයේ පැල්ම ගැන සොයන්න කණ්ඩායමක්

(රෝහණ චන්ද්‍රදාස)

අනුරාධපුර ජේතවන ස්ථූපයේ මෑතක දී සිදු වී ඇති ඉරිතැලීම් ගැන සොයාබැලීමට විශේෂඥ දැනුමැති කණ්ඩායමක් අනුරාධපුරයට හෙට (02) යන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්  මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවැසීය.

සති කිහිපයකට පෙර කළ නිරීක්ෂණයක දී ස්ථූප ගර්භයේ ඉහළ කොටසෙහි  ඉරිතැලීම් කිහිපයක් දකින්නට ලැබී ඇති බව වාර්තාවිය. ඒ අනුව මේ වනවිටත් ඊට පිළියම් යොදා ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

කෙසේ වුව ද මෙම පිළිසකර කිරීම් ගැන ගැඹුරු අධ්‍යයනයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය මඟින් පියවර ගනු ලැබ ඇත. ඒ අනුව පුරාවිද්‍යා , වාස්තු විද්‍යා හා ඉංජිනේරු විශේෂඥවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් යොදවා එම පිළිසකර කිරීම් ගැන වාර්තාවක් ලබාගැනිමට පියවර ගෙන ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

මේ අතර ජේතවන ස්ථූපයේ ව්‍යාපෘතියේ නිලධාරියකුගෙන් අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ වර්තමානයේ පවතින උණුසුම් කාලගුණය නිසා ස්ථූපයට යම් බලපෑම් සිදුවීම ස්වභාවික තත්ත්වයක් බව ය. මෙය ගඩොලින් නිම කර ඇති ස්මාරකයක් නිසා දේශගුණික විපර්යාස මත ඇතිවන තත්ත්වයන් ගැන විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව ද එහි නිලධාරියෙක් කීවේය.



අදහස් (3)

ජේතවන ස්ථූපයේ පැල්ම ගැන සොයන්න කණ්ඩායමක්

Likil Monday, 01 April 2024 02:23 PM

අසුබ සලකුණක්... දූෂිත රජෙය් ෙස්වකයින්ගේ දරුවන්ට වස් වදිනවා...!

:       8       7

saman Monday, 01 April 2024 02:51 PM

පුදුම රටක්නේ මේක...

:       8       1

chandima Monday, 01 April 2024 10:59 PM

දාගැබ්, ඉරි තලන්නේ නැතිද? චෞර පාලකයින් රට පාලනය කරද්දී..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site