
(අංජුල මහික වීරරත්න)
ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමේ කටයුතු අවසන් කර ඒ පිළිබඳව පසුවිපරම් සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
එහි දී අස්වැසුම මඟින් ලබාදුන් මුදල් ඔවුන් විසින් කුමන කටයුත්තක් සඳහා වියදම් කලා ද ? යන්න සහ ඉදිරියේ දී සවිබල ගැන්වීමේ වැඩසටහනකට කෙතෙක් දුරට සහයෝගය ලබා දෙනවා ද ?යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව ශෙහාන් සේමසිංහ මහතා කීය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වන බැවින් ඔහුගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මේ වන විට ලබා ඇති ප්‍රගතිය හමුවේ ඕනෑම අයෙකුට රට පාලනය කළ හැකි බව ඇතැමුන් විශ්වාස කිරීමට පෙළඹී ඇතත් එය නිවැරදි නොවන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ කටයුත්තක් කියන්න පුළුවන්... නිදහස ලබා අවුරුදු 76 ක් ගතවී ඇතත් 1948 පෙර තිබුණාටත් අන්ත තත්වයට රට පත්වුණේ මෙහෙම පසු විපරම් කිරීමක් නැති නිසා නේද කියලා හිතෙනවා... මේනිසා ඉදිරියේවත් රට හදන්න කැමැති පාලකයෝ තම තමන්ගේ ආයතන විසින් සිදුකළ සියලු දේවල් සෑම මසකම වරක්වත් පසු විපරමක් කරනවා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ... ඊළඟට ආණ්ඩුව මාරුවක් වෙලා වුණත් අලුත් ආණ්ඩුව වුණත් පරණ ආණ්ඩුව කළකීදේ ගැන බලන්න ඕනෑ... ඒ වගේම රජයේ නිලධාරින් මාරුවෙලා හෝ විශ්‍රාම ගන්නාවිට වගේ දේශපාලුවෝ අමාත්‍යාංශ වලින් ඉවත්වෙලා යනවිට තමා ආරම්භ කර අවසන් නොකළ දේ ගැන සම්පූර්ණ විස්තරයක් අනුප්‍රාප්තිකයා වෙතට දීමට අනිවාර්ය නීතියක් හදන්න ඕනෑ... ජනතා මුදල් කාබාසිනියා වීම එමගින් නවතන්න පුළුවන් වේවි...!
රැවටිල්ලේ සීමාවක් නැහැ. දැන් තමයි දුප්පතුන් ගැන, නැති බැරි අය ගැන හොයන්න මතක්වෙලා තියෙන්නේ. ඔය කරුණාව ඉවර වෙනවා ජනාධිපතිවරණයයි, මහමැතිවරණයයි බැරිවෙලාවත් දින්නොත්...!
"රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වන බැවින් ඔහුගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය." මෙයා මේක කියලා තියෙන්නෙ අප්‍රෙල් 01 නේද? රනිල් මහ බැංකුව කැඩුවා කිව්වෙත් මෙයාම නේද?
ශෙහාන් මහත්තයෝ ඇස් බී මූලික වෙලා 1994 ආණ්ඩුව දියුණුව කියන වචනය අවභාවිතා කරගෙන සමුර්ධි කියලා අටමගලයක් අටවලා ජනතා මුදල් නාස්තියක් ආරම්භ කළා. එයට දැන් වයස අවුරුදු තිහක් වෙනවා. මොකක්ද ඇතිවෙලා තියෙන සමුර්ධිය නැත්නම් දියුණුව. කිසිවක් ම නැහැ නේද. රජයක් වේවා, කෙනෙක් වේවා, කණ්ඩායමක් වේවා කිසියම් වැඩක් කරනවා නම් ඒක පියවර හතරක් යටතේ කරන්න ඕන. ඒ කියන්නෙ සැලසුම් කිරීම, සංවිධානය කිරීම , මෙහෙයවීම හා පාලනය කරන්න ඕන. එනිසා සැලසුම් කිරීම , සංවර්ධනය කිරීම සමුර්ධියේ තිබුණත් අනෙක් දෙකම නැති නිසා කිසිම ප්‍රගතියක් ඵලදායි බවක් පේන්නෙ නැහැ. නිකරුණේ ජාතික ධනය නාස්තිය පමණයි. අස්වැසුම වුණත් එහෙම වෙන්න පුළුවන්. අපිට ආර්ථික විද්‍යා පාඩමේ දී අතීතයේ කියලා දුන්නෙ සීමිත සම්පත් උපයෝගී කරගෙන අසීමිත අවශ්‍යතාව සම්පූර්ණ කිරීම කියලා අවුරුදු 75 ක් එහෙම නොකිරීම නිසා තමයි අපිට වඩා අවුරුදු 24කට පස්සෙ ආරම්භ වූ රටකට පවා අපිට හිගමනේ යන්න වුණේ.
අපිට පාසල් යන ළමයි 3න් දෙනෙක් ඉන්නවා. අස්වැසුමත් නෑ... සමෘධියත් නෑ. වෙනත් දීමනා ලබන්නත් නෑ... ළමයින්ගේ තාත්තා නැතිවෙලා අවුරුදු 2ක් වෙනවා. මේ ළමයි ජීවත් කරවන්නේ ගොඩක් අමාරුවෙන්. කිසිම කෙනෙකුට ඡන්දයක් දෙන්න අපි බලාපොරොත්තු නෑ...
මාගේ නම අස්වැසුම නාම ලේඛනයේ තිබුණා.එත් මට අස්වැසුම නොමැති අතර මම දරුවා සමඟ බොහොම අමාරුවෙන් ජිවත් වෙමි. රජයේන් කිසිදු උපකාරයක් නොමැත. නිවරදියි අය සොයා බලා දුන්නා නම් අපටත් නොමැති උනේ කෙසේද?