(ගයාන් සූරියආරච්චි)
සුරාබදු කාර්යාලයට අයත් කැබ් රථයකින් කේරළ ගංජා කිලෝ 45 ක් ප්‍රවාහනය කළ බව කියන සුරාබදු පරීක්ෂකවරයකු, සුරාබදු සැරයන්වරයකු, සුරාබදු රියැදුරු සහ සහායකවරයකු ඇතුළු 8 දෙනෙක් අද (1) මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සුරාබදු කාර්යාලයට අයත් සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පිහිටි සුරාබදු කාර්යාලයකට අයත් පුද්ගලයන් 4 දෙනෙකි. අනෙක් සැකකරුවන් මීගමුව සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බව උසස් නිලධාරියෙක් පැවැසීය.
මොවුන් කාලයක් තිස්සේ කේරළ ගංජා ජාවාරමේ යෙදී ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
සුරාබදු දෙපාර්තමෙන්තුවට අයත් කැබ් රථයකින් කේරළ ගංජා ජාවාරම්කරන බවට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් හලාවත ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑන්ලගේ මාසෙ පඩිය වැඩි කරගන්න අමතර ආදායමක් හොයාගන්න කරපු වැඩක් නේ...!
බොහෝ සුරාබදු කාරයන් කවදත් පට්ටම පට්ට හොරු. ඒ වගේම නොම්මර එකේ පගා මරුවන්.ඒ වගේම නොම්මර එකේ බේබද්දන්. උගුඩුවන් පරාදයි. එහෙව් අය මෙහෙම නොවුණොත් තමයි පුදුමේ.
කොළඹ මැක්ලම් රෝඩ් එකේ සී නෝර් සහ සතොස අතර තියෙන සුරාබදු කාර්යාලයත් ඔය වගේම හොර ගුහාවක්... අහිංසක මිනිසුන් අරගෙන ඇවිල්ලා තඩිබානවා රෑට. අල්ලාගෙන ආව බඩු පිටපාරෙන් ආයෙත් එළියට.. ඔවුන් හරියට ඉන්නේ රජවරු වගේ...!
කොහොමද ඔය සුරාබදු කාරයින් කරන්නේ බාර්වලින් මාසිකව ගාණ කපාගැනීම සහ නොයෙකුත් වංචාවලින් රජයට අයවිය යුතු බදු හොරාකෑම තමයි. බොහෝම කලාතුරකින් තමයි අවංක මනුස්සයෙක් ඉන්නේ...
මොවුන්ව කකුල් දෙකෙන් එල්ලා අඩු ගින්දරේ තෙල් හිඳිය යුතුය.