IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ලංකාවෙන් පලස්තීනයට කෝටි 30ක ආධාරයක්

(අංජුල මහික වීරරත්න)

ගාසා තීරයේ ගැටුම්වලින් පීඩාවට පත් දරුවන්ට ආධාර කිරීම සඳහා ලංකා රජය ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළ බව ජනාධිපති කාර්යාලය පවසයි .  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාල  චෙක්පත පලස්තීන තානාපති Dr. Zuhair Hamdallah Zaid මහතාට බාර දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත  පරිත්‍යාගශීලීන්ගේ ද දායකත්වයෙන් මෙම අරමුදල ඇරඹිණි.



අදහස් (39)

ලංකාවෙන් පලස්තීනයට කෝටි 30ක ආධාරයක්

රංබොඩ Monday, 01 April 2024 03:34 PM

ඒක පට්ට. ණයට අරන් ආධාර කරනවා.

:       28       147

Ruwan Monday, 01 April 2024 03:35 PM

මනුෂ්‍යත්වය සැම විටම ජාති ආගම් කුල පක්ෂ භේදයකින් තොරව සැම විටම අගය කල යුතුය. ඒ වාගේම එවැනි උතුම් දේ වෙනත් පටු පරමාර්ථයන් වෙනුවෙන් යොදා ගැනීම අවබෝධයෙන් යුතුව අඳුනාගෙන පිටු දැකීමත් වඩා වැදගත්. සියල්ලට ම වඩා ලංකාවේ විනාශයට වගකිව යුතු දේශපාළුවන් අඳුනාගෙන යළිත් වතාවක් මිනිසුන් රැවටීමට ඉඩ නොතැබිය යුතුම ය.

:       14       106

samMonday, 01 April 2024 06:45 PM

ගාසා තීරයේ ගැටුම්වලින් පීඩාවට පත් දරුවන්ට ආධාර කිරීම සඳහා ලංකා රජය ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර ඇත. මම ගැටුම නැවත්වීමට කිසිදු පාර්ශවයක් මැදිහත් නොවීම කනගාටුවකි. දියුණු රටවල් පවා ආහාර ද්‍රවය ( මුලික අවශ්‍ය තාවයන් ) ගුවනින් පහතට හෙලීම සිදු කිරීම තුළම පෙනියුනුයේ මනුෂත්වය කෙතරම් පිරිහී ඇතිද යන්නය. UN සංවිධානයේ රටවල් 192 සිටි. රටවල් සහ අන්තවාදීන් අතර ඇතිවන් ගැටුම් නිරාකරණය කිරීම මැදිහත්වීමට UN සාම සාධක හමුදාවන් මැදිහත්විය යුතුවේ. මේ සදහා මැදපෙරදිග රටවල් සහ UN, NATO ආයතන Israelට දැඩි බලපෑම් කළ යුතුව ඇත.

:       0       0

සඳුන් Monday, 01 April 2024 03:42 PM

අවුලක් නෑ... ඉන්දියාවේ හිඟන්නෙකුත් ලංකාවට පරිත්‍යාගයක් කලේ. සමහර විව පලාත්පාලන ඡන්දෙට වියදම් කරන්න වෙන්කරපු මුදලෙන් හෝ තමන්ම ඉතුරු කර ගත්තු සල්ලි වලින් ගෙවන්න ඇති. ජනතාවම පත් කරගත්තු ජනාධිපතිතුමානේ...!

:       0       0

Siri Monday, 01 April 2024 04:03 PM

"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" කියන්නේ මෙව්වට වෙන්න ඇති නේද අබිලිං?

:       29       127

Akila Monday, 01 April 2024 04:04 PM

පලස්තීනෙට ආදාර කරන්න ඕනේ තරම් ධනවත් රටවල් ඉන්නවා , මේවා ඡන්දෙ බලාගෙන කරන වැඩ, දැන් ඕක ගෙවන්නත් ඕනේ මේ රටේ නොකා නොබී බදු ගෙවන අහිංසක මිනිස්සු.

:       27       150

සුරංග Monday, 01 April 2024 04:47 PM

මේවා ඡන්දය බලාගෙන කරන වැඩ කියන්නෙ පලස්තීනයේ මිනිසුන්ට ලංකාවේ ඡන්ද බලය තියෙනවද ගොනෝ, අකිල තමුන් 2019 පොහොට්ටුව දිනවීමට කටයුතු කලා නේද නැත්නම් ඔහොම පරිනත මොළයක් තියෙන්න ම බැහැ.

:       85       41

අරුණ Monday, 01 April 2024 05:46 PM

මචන් පලස්තීනුවන්ට ලංකාවේ ඡන්දෙ නැති එක ඇත්ත. ඇයි මුස්ලිම් ඡන්ද ටික...?

:       0       0

AkilaMonday, 01 April 2024 07:13 PM

පලස්තිනේ අයට දුන්නහම ලංකාවේ එක්තරා කට්ටියක් සන්තෝෂ වෙනවා කියලා නොදන්න තරමට ලාමකද ? අනික ඡන්ද වාසියක් නැතිව කිසිම දෙයක් කරනවා කවදා හරි දැකල තියනවද ?

:       0       0

PereraTuesday, 02 April 2024 12:25 PM

පිනා ඔය වගේ වැඩ කරන්නේ ලංකාවේ මුස්ලිම් ඡන්ද බලාගෙන,ඒ ටිකවත් තේරුම් ගන්න බැරි සුරංග මහා මෝඩ යකෙක්.

:       3       17

suranga suranjith Monday, 01 April 2024 04:05 PM

අපි දැන් පට්ට පෝසත්.

:       18       83

සමිත සේනක අලුත්ගමගේ. Monday, 01 April 2024 04:24 PM

දීම හොඳ දෙයක්. ඒත්,විදෙස් ණය බරින් මිරිකී,විදෙස් ණය වලින් රට ගෙනියන අවස්ථාවක මේ දුප්පත් හිඟන රටේ ඉගෙන ගැනීමට පහසුකම් නොමැති අසරණ සිසුන්ගේ යහපත වෙනුවෙන් මේ මුදල් වියදම් කළේ නම් කොපමණ අගනේද ? මේ රටේ එවන් දරුවන් හුල්ලද්දී රුපියල් කෝටි 30 ක් වෙනත් රටකට පිනට දීම සුදුසු දැයි හැඟේ.අනෙක් කරුණ වනුයේ මෙවැනි වැඩ නිසා දැනට ගැටලුවක් නොමැති ඊශ්‍රායලය අපත් සමඟ අපනාප වුවහොත් ඉන් අපට පාඩුවක් නොවේද ? මේ වැනි ගැටළු අවස්ථාවක දී හොඳම දේ පැත්තක් නොගෙන සිටීම නොවේද ? අන්තිමට අලින්ට උදව් කරන්න ගොස් වඳුරාට සිදු වූ දේ වැනි දෙයක් සිදුවුවහොත් එහි වගකීම ගන්නේ කවුරුන්ද ?

:       15       95

පුරවැසියා Monday, 01 April 2024 04:25 PM

මේ මිනිහා ලෝකේ වටේ ගිහින් හිඟා කාලා තියෙන්නේ රටේ ළමයින්ට කන්න දෙන්න නෙමෙයි ද එතකොට?

:       19       90

ranjith Monday, 01 April 2024 04:29 PM

ඉදකින් විතරක් මෙහේ මිනිස්සු බඩගින්නේ. ලෝකෙට ණය වෙලා සෝභන වැඩ කරනවා. 134 දෙනෙක් හිතුමනාපෙට රට කනවා.

:       17       85

Kazi Shajahan Monday, 01 April 2024 04:37 PM

මගේ කලිසම මුගේ වගේ යසට ඇදගෙන යනවා.

:       13       85

Buddika Monday, 01 April 2024 05:08 PM

කාට දුන්නත් එය උතුම් ක්‍රියාවක්... පලස්තීන් මිනිස්සු ඉතාම අසරණ වෙලා ඉන්නේ. ඒත් ප්‍රශ්නේ අපේ මිනිස්සුන්ටත් වේල් 3ක් කන්න නෑ. ජීවන වියදම අහස උසට. රට ණය බරින් මිරිකිලා ඉන්නේ. එහෙව් රටක් කොහොමද ලෝකෙට ආධාර දෙන්නේ? මේවාට කියන්න බොහෝ දේ තිබ්බත් කියන්න බෑ... මාධ්‍ය නිදහස වැඩි නිසා...

:       9       63

මහේෂ් බංඩාර Monday, 01 April 2024 05:54 PM

අනේ චූටි මේ නිකං සෙල්ලම් පෙන්නන්ට ඵපා අපිට... ලංකාව හිඟාකනවා. ඔයා පලස්තීනයට කෝටි තිහක් දෙනවා. ඔයාගේ ගෙදරින්ද ගෙනාවේ... නිකන් බොරු සෝබන ඵපා. 89දී 60000 ක් ලංකාවේ තරුණයින් මරණකොට ඔය චූටි බබා ඇමැති කෙනෙක්.. ඵ් ආණ්ඩුවේ කියලා අමතක වුණාද? දැන් ඵ් මිනී මැරීම් Jvp ඵකට දාන්න මහා උත්සාහයක් ගන්නවා. ඔයා නිකං හීන මවන්න ඵපා. නිකං ලැබුන loto ඵක තව මාස හයයි. පව් නොදී මාරු වෙන්න...

:       0       0

Ananda Monday, 01 April 2024 05:57 PM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ

:       0       0

ජයන්ත Monday, 01 April 2024 06:38 PM

ලංකාවේ උග්‍ර නියඟයක් තිබුණ වෙලාවක මහින්දත් ඔය වැඩේ කලා. ඩොලර් මිලියන 100 ක් දුන්නා. 2007 පලස්තීනය මහින්දගේ නමින් 62 උපන් දිනයට පාරකුත් නම් කරලා තියෙනවා. අපි ජාති ආගම් කුල නැතිව මනුෂ්‍යත්වය අගය කරන්න ඕන. ඒකේ කිසි තර්කයක් නෑ. පලස්තීන යුද ගැටුම් පටන් ගන්නකොට වචනයක්වත් කතා නොකරපු පාලකයෝ... ඡන්දය ලංවෙන කොට වුන්ගේ මනුෂ්‍යත්වය උතුරනවා. මරු ඉන්දියාවේ හිඟන්නෝ හිඟාකාලා අපිට ආධාර එවනවා.

:       0       0

ජනක Monday, 01 April 2024 07:07 PM

රටේ මිනිස්සුන්ට තුන් වේල කන්න නෑ මෙයා කෝටි ගණන් වෙන රටවල්වලට ආධාර දෙනවා. දැන් වයසත් වැඩි නිසා මොලේ නරක් වේගෙන එනවද කොහෙද.

:       0       0

අරවින්ද මොනරවිල Monday, 01 April 2024 07:21 PM

ඒක මොන තරම් ජෝක් එකක්ද කියලා මොවුන්ට තේරෙන්නේ නැහැනේ, මෙහෙ මිනිස්සු බඩගින්නේ මැරෙනවා... ඒක පෙන්නලා එක අතකින් ලෝකයට අතපානවා... ආධාර හිඟමින් අනිත් අතින් පලස්තීනයට ආධාර කරනවා. පලස්තීන තානාපතිත් පස්සේ පැත්තෙන් හිනාවෙනවා ඇති මේ ගොන් පාට්වලට...!

:       0       0

chandima Monday, 01 April 2024 10:41 PM

පලස්තීනයට ආධාර කරන වෙලාවේ බිමට කඩා වැටෙන්නේ නැති කලිසමකුයි, පටියකුයි ගත්තා නම් නරකද? 

:       0       0

chandima Monday, 01 April 2024 10:43 PM

මේක වැලිගම්පිටි යනකල් රටට සෙතක් වෙන්නේ නැහැ.

:       0       0

chandima Monday, 01 April 2024 11:01 PM

ණයට අරන් මගුල්කනවා වගේ වැඩක්... අයි.එම්.එෆ්. ණය ගෙවන්නේ අපිද? 

:       0       0

Jaga Tuesday, 02 April 2024 12:57 AM

ගිනි පොළියට ණයට අරන් නිකන් දෙනවා..., මෙහේ කන්න නැතිව මැරෙනවා...!

:       0       0

Perera Tuesday, 02 April 2024 05:26 AM

හිඟන්නන් කොහොමද අනුන්ට ආධාර දෙන්නේ?

:       0       0

Ranil Tuesday, 02 April 2024 06:11 AM

බෙදපන් බෙදපන් අම්මගේ අප්පාගේ භූදලේනේ බෙදපන්.අපටත් බැරිද අරමුදලක් පටන් අරන් රුපියල් ඩොලර් කරලා රට පටවන්න

:       0       0

Hareendra M. Tuesday, 02 April 2024 06:53 AM

අපට වැඩිය පොහොසත් රටවල් කොච්චර තියෙනවාද? මේවාට ආධාර කරන්න. අර මහියංගනේ, පදියතලාව, වේවත්ත වගේ ඇතුලේ තියෙන ගම්මානවල ජීවත්වෙන පවුල් දවසටම එක වේලක් කාලා ඉතුරු වේල් දෙක බඩපිරෙන්න වතුර බීලා ජීවත් වෙන්නේ.. අපේ රටේ මිනිස්සු ජීවත් කරවලා ඉන්න ඕනෑ ඉතුරුටික කරන්න. පවුල් ලක්ෂ අටක ලයිට් කපලා.. මොනවද මේ විහිළු.. කාට පේන්නද..? මාලිමාවේ උගත්තු කියනවා වගේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්නේ නැතුව රටක් ගොඩදාන්න බැහැ. මේ ලොල්ලා ලෝකය වටේ කොළපත අරගෙන හිඟා කනවා කියලා එයාගේ කුලියාපිටියේ රැස්වීමේදී එයාම කියනවා.

:       0       0

Monica Tuesday, 02 April 2024 08:44 AM

අපේ දරුවන් ට කන්න තියෙනවා ද....

:       0       4

sk Tuesday, 02 April 2024 08:56 AM

අපි ණය අරන් අනුන්ට දෙනවා .පුදුම විහිළුවක්

:       0       8

Asanga samantha Tuesday, 02 April 2024 10:49 AM

රටේ ණය ගෙවා ගන්න බරිව ඉන්න කාලා ලෝකෙට පෙන්නන්න විකාර කරනවා.

:       0       11

Don perea Tuesday, 02 April 2024 11:13 AM

මේවගේ ගොන්නු ඉන්න රටක් තවත් නැතුව ඇති

:       0       12

Jagath Tuesday, 02 April 2024 12:16 PM

අල්ලපු ගෙදර කුකුලා මරලා,මැරිච්ච අම්මගේ දානය දුන්නා වගේ..

:       0       10

Heran Tuesday, 02 April 2024 01:07 PM

ඕක මොකද්ද අපි ඇමෙරිකාවටත් එකපාරක් ආධාර දුන්නේ ලොකු ටොනාඩෝ එකක් ඇවිත් ගංවතුරක් වෙලාවේ.

:       0       7

බද්රානි Tuesday, 02 April 2024 01:40 PM

ලංකාවේ මුස්ලිම් චන්ද ගොඩ කඩා ගන්න කරන නින්දිත උප්පරවැට්ටියක් නේද මේ..? ඕක ලංකාවේ මුස්ලිම් ළමයින්ට බෙදලා චන්ද කඩා ගත්තා නම් ඒක මීට වඩා වැදගත්...ධනවත් මුස්ලිම් රටවල් ඕනා තරම් තියෙද්දී බංගලාදේශයෙනුත් හිඟා කාපු ලංකාවේ පාලකයෝ කරන මේ විගඩම් දැකලා ලෝක නායකයින්ට නම් හිනාව නවත්වා ගන්න බැරිවෙයි... තමන්ගේ තරම නොදැන ලෝකෙට පේන්න ලොකුකම් පෙන්වලා, අවසානයේ ශ්‍රී ලාංකිකයින් ලෝකයෙන්ම හිඟන ජාතිය වෙද්දී හිතට දැනෙන ආඩම්බරය කොහොම තියෙයිද..?මෙවුන්ට පිස්සු කෙලින්න ලංකාවට පුළුවන් තරම් ඩොලර් එවාපල්ලා..ඉන්න එවුන් පුළුවන් තරම් තව වැඩිපුර ටැක්ස් ගෙවාපල්ලා.. මෝඩ හින්ගලයා විහින් නැහෙනවා...!!!

:       0       6

amila Tuesday, 02 April 2024 03:32 PM

හරි මහන්සි ඇති ඩොලර් හම්බ කරලා... ගැහැණු පිටරට වළන් හෝදලා එවන්න සල්ලි ඕවා ඔයගොල්ලන්ගේ බූදලේ නෙමෙයි, නිකන් බෙදලා දාන්න...

:       0       0

Rata Perata Tuesday, 02 April 2024 04:20 PM

රජා පිස්සු වුණත් එකයි. පිස්සෙක් රජා වුණත් එකයි.

:       1       1

ගමේ එකාලා Tuesday, 02 April 2024 05:09 PM

අන්තිමට ඡන්දෙ කරන්ඩ ආණ්ඩුවට සල්ලි නැහැ කියලා ඇග බේරගන්ඩත් හදයි. එහෙව් පින් ජනපතියෙක් අපිට ඉන්නේ.

:       1       0

Bamunuarachchi Thursday, 04 April 2024 06:24 AM

ඒ කියන්නේ ඉස්ලාමීය ත්‍රස්තවාදයට ලංකාව ආධාර අනුග්‍රහය දක්වන බවයි. රනිල්, සජියා, අනුරයා නිසා අපේ රටෙන් වැඩිකල් නොගොසින් නැගෙනහිර ගාසා තීරයක් හැදෙනවා.

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය සිසුන්ගේ විරෝධතාවට ජල ප්‍රහාර
2024 මැයි මස 03 18 0

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ.


වීසා අංශය අවුල් කළාද: රජයෙන් පරීක්ෂණයක්
2024 මැයි මස 03 241 1

කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශීය පෞද්ගලික සමාගම භාරගත් අවස්ථාවේදී යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවූයේදැයි සොයා බැලීමට ප


හැඳුනුම්පත නැතිව ගිය අගමැති ඡන්ද පොළෙන් පන්නයි
2024 මැයි මස 03 332 2

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට පිළිගත හැකි ඡායාරූපය සහිත හැඳුනුම්


කොත්තු - රයිස් මිල අඩු කරයි
2024 මැයි මස 03 256 1

ගෑස් මිල පහළ දැමීමට සමගාමීව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20 කින් අඩුකළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා ප


අරාබියේ හිරගෙවල්වල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව
2024 මැයි මස 03 488 0

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇත


‘මුහුදු රළ ගැන අවධානයෙන් ඉන්න‘
2024 මැයි මස 03 259 0

මෙරට ඇතැමි ප්‍රදේශවල මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරන ලෙස දන්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 468 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1900 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1685 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site