9904 දෙනකුට උසස් පෙළ ඉහළම ප්‍රතිඵල අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේදී සිසුන් 9904 දෙනකු විෂයන් තුනටම ‘‘ඒ.‘‘ සාමර්ථ ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 05 September 2023
කෝටි 200 ක රේල් පීලි දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 200 කට අධික වටිනාකමින් යුත් රේල් පීලි 10,000 ක් චීනයෙන් ආනයනය කළ බවත් එම පීලි යොදාගෙන මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුළු ඉක්මණින් අලුත්වැඩියා කළ යුතු මාර්ග ප්‍රතිසංස්කරණය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 05 September 2023
කංසා වවන ගැසට්ටුවත් එයි ඔෂධීය කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 September 2023
වැස්සෙන් ආපදාවට පත්වූවෝ 6000 පනී රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක පවුල් 1,630 කට අයත් පුද්ගලයින් 6,049 ක් අද (5) පෙරවරු 6.00 වන විට පීඩාවට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 05 September 2023
මන්ත්‍රීවරු 4ක් කමිටු 2කින් අස්වෙති මන්ත්‍රීවරු සිවු දෙනෙක් පාර්ලිමේන්තුවේ කමිටු දෙකකින් පසුගියදා ඉල්ලා අස්වූහ. 05 September 2023
බොරු තොරතුරු පනතට වැටෙන වැරදි මෙන්න අසත්‍යය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරීම් මගින් සිදුවන හානි වලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇත. 05 September 2023
ගෙවල් කුලී පනත අවලංගු කරන්න අනුමැතිය 1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 05 September 2023
දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට එකඟයි දේශීය ආදායම්( සංශෝධන)පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය. 05 September 2023
විදුලි ත්‍රි රෝද රථ එයි විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය දී ඇත. 05 September 2023
මන්නා පහරින් කොල්ලකරු රෝහලේ නින්ජා වෙසින් නිවසක් කොල්ල කෑමට පැමිණ අඹු සැමි යුවලකට හා අවුරුදු දෙකක් වයසැති දියණියකට තියුණු ආයුධයක් පෙන්වා භිය ගන්වා පහර දී පළා යාමට තැත් කළ පුද්ගලයකු නිවැසින්ගේ පහර කා තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය කියයි. 05 September 2023
ඇදුරන්ගේ බදු ගැටලුවට දෙන විසඳුම ඇමති කියයි සරසවි ආචාර්යවරුන්ගේ බදු ප්රශ්නය විසඳීම සඳහා නීතිපතිවරයාගේ මතය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනටමත් යවා ඇති හෙයින් එම නිලධාරීන් අදාල වාර්තා සකස් කර මහා භාණ්ඩාගාරයට යවා සුදුසු කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 September 2023
ඇදුරන්ගේ බදු බර ගැන සජිත්ගෙන් බරබරයක් සරසවි ඇදුරන්ගෙන් දරාගත නොහැකි බදු අය කිරීම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින හෙයින් එසේ බදු අය කිරීම වහාම නවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 September 2023
රුවන් ඊජිප්තු අගමැති හමුවෙයි කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන අප්‍රිකානු දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා එහි ගොස් සිටින දේශගුණික විපර්යාස පිළිඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඊජිප්තු අගමැති මුස්තාපා මැඩිබොව්ලි මහතා හමුවී සාකච්ඡා කළේය. 05 September 2023
චිත්‍රපට නිළි සීතා නානායක්කාර දිවි රඟ මඩලට සමුදෙයි ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක් සහ ගායිකාවක් වූ සීතා නානායක්කාර මහත්මිය අද (5) උදෑසන අභාවප්‍රාප්ත වූවාය. 05 September 2023
’’එජනිස, හරි මහලේකම් මම’’ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යානුකූල මහලේකම්වරයා තමන් බවත් නීත්‍යානුකූලව මහලේකම් කවුරුන්ද යන්න නුදුරු අනාගතයේ දී අධිකරණය විසින් තීන්දු කරනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 September 2023
වගා හානි අක්කර හැටදාහ ඉක්මවයි රට පුරා කුඹුරු අක්කර 60,930ක් නියඟය නිසා හානි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 05 September 2023
’’චැනල් 4’’ හෙළිදරව්ව ගැන හොයන්න රජය සූදානම් මෙරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ’’චැනල් 4’’ නාලිකාව කළ හෙලිදරව්ව ගැන සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳවත් ඊට අමතරව ජාත්‍යන්තරවත් පරීක්ෂණ අවශ්‍ය නම් රජයක් ලෙස ඒ සම්බන්ධවත් කටයුතු කිරීමටත් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 September 2023
විදුලිබලය වෙනස් කරන පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල පනත ලබන මාසයේ මැතිසබයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය 05 September 2023
අවුරුදු හතරේ දැරියට පහරදුන් මව ඇතුළු දෙකක් අත්අඩංගුවට අවුරුදු හතරක් වයැසැති දියණියකට පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා බව කියන අයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව දොරටියාව පොලීසිය පවසයි. 05 September 2023
අදත් තැනින් තැනට තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 September 2023
ඉන්දියාව ‘සුපිරි හතර’ වටයට ඉන්දීය ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට සුදුසුකම් ලබාගැනීමට අද (4) සමත් වූහ. 05 September 2023
තිස්සටත් කැලෑ පළුාවෝ පනිති දේශගුණික සුහුරු ව්‍යාපෘතිය යටතේ වැව් ප්‍රතිසංස්කරණය කරන බව පවසමින් යාල ජාතික උද්‍යානයට යාබදව වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ මහ වන සංහාරයක් සිදුවන බව ගොවීහු කියති. 04 September 2023
‘‘තාත්තාගේ සිහිනය මල්පල ගැන් වූ රිච්මන්ඩ් පුතා:සතුට භුක්ති විඳින්න අද තාත්තා නෑ‘‘ තාත්තා නැතිවෙලා තුන්මාසයේ පිංකම දිනයදා විභාග ප්‍රථිපල ලැබුනා. තාත්තා ආශා කරපු විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහල තැනක ඉන්න ලැබිම ගැන සතුටට පත්වෙනවා යැයි. ඒ සතුට භුක්ති විඳින්න තාත්තා අද ජීවතුන් අතර නෑ යැයි ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ 2022 වර්ෂය වසරේ පැවති අ.පො. ස උසස්පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ගාල්ල, රිච්මන්ඩ්විද්යාලයේ කේ.පි.සමුදිත නයනප්රිය සිසුවා පැවසිය. 04 September 2023
වානිජ අංශයෙන් පළමු තැන සිරිමාවෝ බාලිකාවට අපොස උසස් පෙළ විභාගයේ (2022) වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානය කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා ශිෂ්‍යාව හිමිකරගැනීමට සමත්ව සිටින්නීය. 04 September 2023
තොප්පිගල ඩෝසර් කරලා මඩකළපුව තොප්පිගල, වඩමුණේ උත්තුචේන යන රක්ෂිතවල, පුරාවස්තු ද ඩෝසර් දමා කිසියම් පිරිසක් මහා වන විනාශයක් කරන බවට පරිසරවේදීහු සහ ප්‍රදේශවායේ ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති. 04 September 2023
පිරමීඩ අධ්‍යක්ෂකගේ දේපොළට තහංචියක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩීටී’ පෞද්ගලික සමාගමේ අධ්යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20ක් නැවත දැනුම්දෙ නතුරු පැවරීම සහ විකිණීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සිවු දෙනකුට අද (04) නියෝගයක් නිකුත් කළේය. 04 September 2023
ලාදුරු වැළඳුණු 22 පොලොන්නරුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් 22 දෙනකු ලාදුරු රෝගයට මේ වසරේ ලක්වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. 04 September 2023
භෞතික විද්‍යා අංශයෙන් පළමු තැන රාජකීයට මෙවර අපොස උසස් පෙළ භෞතික විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ජි.මානෙත් බානුල ශිෂ්‍යයා හිමිකර ගත්තේය. 04 September 2023
දෑස් නොපෙනන තිවංක උසස් පෙළින් වැඩ පෙන්නයි අපොස උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ගෙලිඔය ශ්‍රී පඤ්ඤාරතන මධ්‍ය මහා විද්‍යාලයේ දෘශ්‍යාබාධිත ශිෂ්‍යයෙක් වන තිවංක රණබාහු ප්‍රේමලාල් හිමිකරගැනීමට සමත්විය. 04 September 2023
සුජාතා දියණිය ජිව විද්‍යාවෙන් කප් ගසයි අපොස උසස් පෙල 2022 විභාගයේ ජිවි විද්‍යා අංශයේ දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගැනිමට මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණි මුණසිංහ සිසුවිය සමත් වූවාය. 04 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026