"සුද්දො" යන වාහන ආනයනයට අවසර

 

(අංජුල මහික වීරරත්න)

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට අවශ්‍ය වාහන ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

යල් පැනගිය වාහන භාවිතය හේතුවෙන් ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ලංකාව අත් කරගෙන සිටින කීර්ති  නාමයට යම් හානියක් සිදුකරන බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි.

ඒ අනුව විශේෂ බදු සහන ලබා දීමකින් තොරව  සංචාරකයන් ප්‍රවාහනයට ආසන 6-15  වෑන් රථ(විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව),750ක් සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය  කිරීම සඳහා සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.