(අංජුල මහික වීරරත්න)
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා පුළුල් බඳ සහිත ගුවන් යානා පහක අවශ්‍යතාවයෙන් ගුවන් යානා දෙකක් මෙහෙයුම් කල්බදු පදනම යටතේ ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස 2024-3-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.
තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අතිරේක ගුවන් යානාවක් සහිතව පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගලගේ වාසනාව පිනට ලැබුණු වාසනාව !
එහම නම් අර නිදි ඇමතිට කොමිස් තමා.
හාන්න එන්නේ යකා.හුට්ටිය ලොකුවටම ගෙනියන්න හදනවා වගේ
කොන්ත්‍රාත්තුව "ගෝඨාට දෙන්න
ප්ලේන්ස් විතරක් ගත්තට මදි.මුළු ස්ටාෆ් එකම අලුතෙන් ට්‍රේන් කරන්න ඕනේ .ස්ටාෆ් එකෙන් දෙන මනාපයන් නවත්තන්න ඕන.කාර්යක්ෂම පොලයිට් ස්ටාෆ් එකක් හොයාගන්න ඕන
කෝ මේ ගුවන් සමාගම සිදුකළ කොටි ගණන් පාඩු ගැන හරිහැටි සොයා බැලුවාද ? ඒ දවස් වල මයිනා කපුටා ඇතුළු පවුල් සමාගමේ උදවිය බුරුතු පිටින් ලෝක සවාරි හා මෙරට සවාරි ගිය හැටි මේ රටේ ජනතාව දන්නවා.තව ණයට යානා ගෙන්නේ නැතිව නාස්තිවු මුදල් ගැන සොයාබලා කටයුතු කරානම් නේද වඩා හොඳ.