(යොහාන් භාසුර)
විදෙස් සංචාරකයන් 209,181 ක් පසුගිය මාර්තු මස ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් පසුගිය දෙසැම්බර් මස සිට අඛණ්ඩව මාස හතරක සංචාරකයන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යා බැගින් මෙරටට පැමිණි බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය.
මාර්තු මස 31 වැනිදා වන විට මෙම වසර තුළ මෙරටට විදේශ සංචාරකයන් 635,784 ක් පැමිණ ඇති බව ද එම මණ්ඩලය කීය.
මාර්තු මාසය තුළ ඉන්දීය සංචාරකයන් 31,853 ක්, රුසියානු සංචාරකයන් 28,016 ක්, එක්සත් රාජධානියෙන් 21,540 ක් සහ ජර්මනියෙන් 18,324 ක් ලෙස වැඩි සංචාරකයන් මෙරටට පැමිණ ඇති බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd