ශ්‍රීලනිප නව මහ ලේකම් සරත් ඒකනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස සරත් ඒකනායක මහතා පත්කර තිබේ. 06 September 2023
එජාපය නැගිටින විට රටත් නැගිටිනවා එක්සත් ජාතික පක්ෂය වැටුණු හැම අවස්ථාවකම රට කඩා වැටුණු බවත් නැවත එක්සත් ජාතික පක්ෂය නැගිටින වෙලාව උදාවී තිබෙන බැවින් රටට ද හොඳ කාලයක් උදාවනු ඇතැයි එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සර සැමරුම අමතමින් පැවසීය. 06 September 2023
සජිත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් සාධාරණයක් ඉටුවී නැති හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමක් පත් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 September 2023
සචිත්‍රගෙන් ප්‍රශ්න කරන්න අයි.සී.සී. පොලිසියට එයි මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාට අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙක් ද කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට මේ වන විට පැමිණ සිටියි. 06 September 2023
සැකකරුවකුට සුද්දයක් දුන් පී.සී ඩබලට මාංචු වැලිකඩ ප්‍රදේශයේ දී අයිස් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු සන්තකයේ තිබු ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් හා රුපියල් 25,300 ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි. 06 September 2023
හතු සුප් සමග පණ පිටින් මීයෙක් චීන අවන්හලකින් ගෙන ආ හතු සහ නූඩ්ලස් සුප් එක ආහාරයට ගැනීම සඳහා සූදානම් වන විට එම සුප් එකේ පණපිටින් මීයකු සිටිනු අයුරු දැක තමන් කම්පනයට පත් වූ බව එක්සත් රාජධානියේ සෑම් හේවර්ඩ් නම් පුද්ගලයෙක් ප්‍රකාශ කළේය. 06 September 2023
කම්බි කපා සැකකරුවන් පැන ගිහින්:අයි.පී- පී සී ගෙදර හොරොයින් ළග තබා ගැනීම හා ගෙවල් බිඳ දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දික්වැල්ල පොලිසියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකු පොලිස් සිරමැදිරියේ කම්බි කපා පොලිස් අත්අඩංගුවෙන් පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයකුගේ හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය කියයි. 06 September 2023
සචිත්ර සේනානායක පොලිසියට භාරවෙයි මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක අද (6) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පොලිස් ඒකකයට භාර වූ බවත් ඔහු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම පොලිස් ඒකකය පැවසීය. 06 September 2023
මැති සබයේ විරෝධයක් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාකච්ඡාවට ගැනීමට පෙර විවාදයට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (6) පෙරවරුවේ ඇතිවිය. 06 September 2023
සෞඛ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුව විසින් පරාජය කළ හොත් ඒ සමඟම මේ රටේ ජනතාව ද පරාජයට පත් වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභං යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය. 06 September 2023
හරීන්-මනූෂ ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට කොටුකරගෙන උපරිම දඩුවම් පැමිණවීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. 06 September 2023
අර්ථසාධක අරමුදල ගැන ජනපතිගෙන් සහතිකයක් අර්ථසාධක අරමුදලට කිසිම හානියක් වන්නට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 September 2023
දයාසිරි ධුරයෙන් ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉවත් කළ බව එම පක්ෂයේ උසස් තනතුරක් දරණ අමාත්‍යවරයෙක් පැවසීය. 06 September 2023
ජනපති පාර්ලිමේන්තු එයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. 06 September 2023
අදත් තැනින් තැනට තරමක තද වැසි බස්නාහිර,සබරගම,වයඹ පළාත්වලත් මහනුවර,නුවරඒළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටිනි විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . 06 September 2023
ශ්‍රී ලංකාව ‘සුපිරි හතර’ වටයට එයි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට සුදුසුකම් ලැබීමට අද (5) සමත් වූහ. 05 September 2023
එජාපය 77 උපන්දිනේට ඩිජිටල්කරණය වෙයි එක්සත් ජාතික පක්ෂයේ හෙට (6) 77 වැනි සංවත්සරය සමරයි. 05 September 2023
හොරෙන් කෝල් ගත්තැයි බන්ධනාගාරයෙන් තවත් දඩුවමක් වව්නියාව තෝනිකල් ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර එම නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා අඹුසැමි යුවළක් ඝාතනය කර තවත් 8 දෙනකු තුවාල ලැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වව්නියාව බන්ධනාගාරයෙ රඳවා සිටියදි ජංගම දුරකතනයක් භාවිතා කරමින් ඇමැතුම් 3292 ක ප්‍රමාණයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරු ට හා එම ජංගම දුරකතනය හිමි පුද්ගලයාට බන්ධනාගාර විනිශ්චය සභාව විසින් මාස 4 ක සිරදඩුවම් නියම කර ඇත. 05 September 2023
තඹුත්තේගමට එළවළුවලට ගිය කලක් එළවළු හා පලතුරු මිල පහත වැටි තිබුණ ද පාරිභෝගියන්ට ඒවා මිලදි ගැනිම සදහා මුදල් නොමැතිකම හේතුවෙන් ගොවියන් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා රැගෙන එන එළවළු හා පලතුරු තොගයෙන් කිලෝ 50,000 අධික ප්‍රමානයක් මහවැලි එච් කලාපයේ පිහිටි ඔරුගොඩ යාය කුණු අංගනයට බැහැර කිරිමට සිදුව ඇතැයි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පවසයි. 05 September 2023
වාහන තහනම දෙසැම්බරයෙන් ඉවරයි පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයන සීමා මේ වසර අවසානයේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද දැනුම් දුන්හ. 05 September 2023
ඇඹිලිපිටිය රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය පැන ගිහින්? ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය පසුගිය සිකුරාදා (01) සිට සේවයට වාර්තා නොකිරීම නිසා රෝහලේ ශල්‍යාගාරවල සහ දැඩි සත්කාර ඒකකයේ වැඩ අඩාල වී ඇති බව රෝහල් බලධාරීහු පවසති. 05 September 2023
කෝටි එකහමාරක මත්ද්‍රව්‍ය රේගුව සොයාගනී ශ්‍රී ලංකාවට තැපැල් මාර්ගයෙන් එවීමෙන් පසුව අදාල අයිතිකරුවන් දිගු කලක් නිශ්කාෂනය නොකර අතහැර තිබූ පාර්සල්වල තිබී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් මරිජුවානා සහ කෘත්‍රිම මත්පෙති තොගයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය. 05 September 2023
නීතිඥ සංගමයෙන් නොමිලයේ නීති ආධාර ජාතික නීති සතිය නිමිත්තෙන් ජනතාවට නීති ආධාර නොමිලේ ලබාදීම ඇතුළු සමාජ සුබසාධන වැඩසටහන් මාලාවක් ලබන 25 වැනිදා සිට ඔක්තෝබර් මස 1 වැනිදා දක්වා දිවයින පුරා සංවිධාන කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත. 05 September 2023
නිකවැරටියේ කුඹුරු යායක මළ සිරුරක් නිකවැරටිය නගරාසන්නයේ කුඹුරු යායක් මැද තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් අද (5) පස් වරුවේ සොයා ගෙන ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි. 05 September 2023
ආයුර්වේද පනත සම්මත වෙයි ආයුර්වේදීය කංසා වගාවට අවසර ලබාදීම ඇතුළු ආයුර්වේදයේ ප්‍රවර්ධනයට අදාළ විධිවිධාන ඇතුළත් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (5)ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. 05 September 2023
දේශබන්දුගේ පෙත්සමේ තීන්දුව පසුවට මැයි 9 වැනිදා ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධිය සහ ජනාධිපති මන්දිරයේ තිබී කෝටියකට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට හෝ සැකකරුවෙකු ලෙස නම් කිරීම වළකාලන තහනම් නියෝගය පිළිබඳ තීන්දුවට එරෙහි අභියාචනය පිළිබඳ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය පසුවට ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ ය. 05 September 2023
මුතුරාජාට ප්‍රතිකාර කරන්න මෙරටින් තායිලන්තයට යති අසනීප තත්වයන් හේතුවෙන් නැවත තායිලන්තයට භාරදුන් මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා සහාය වීමට ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්යක්ෂ පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් තායිලනත්යට බලා අද (5) පිටත්ව ගියේය. 05 September 2023
තරුණියක එක්කන් යන්න ඇවිත් තනියම නොයන ගමන් යයි රොටුඹ ප්‍රදේශයේ නිවෙසක සිටි උපාධිධාරී තරුණියක පැහැරගෙන යාමට ආ බව කියන රත්නපුර ප්‍රදේශයේ තිදරු පියකු පහර කෑමට ලක්ව මියගොස් ඇතැයි රොටුඹ පොලිසිය කියයි. 05 September 2023
ස්පා ඇවිත් ආපසු නොයයි මීගමුවේ පිහිටි සම්භාහන ආයතනයක සේවය ගනිමින් සිට මැදිවියේ පුද්ගලයකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගමුව පොලිසිය කියයි. 05 September 2023
ජාතික රෝහලේ ‘පෙට් ස්කෑන්’ පරීක්ෂණ අවදානම් තත්වයක කොළඹ ජාතික රෝහලේ ‘පෙට් ස්කෑන්’ පරීක්ෂණ තවත් සති දෙකකින් පසුව අත්හිටුවීමට සිදුවන බව රජයේ විකරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්ම වික්‍රම මහතා පැවසීය. 05 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026