කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනයට අත තියයි කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. 08 September 2023
මිහිදන් කර මොහොතකින් දැරියගේ සිරුර උස්සලා දින කිහිපයකට ඉහතදී දියේ ගිලී මියගොස් වවුනියාව නෙලුක්කුලම , රාසෙන්ද්රකුලම් සුසාන භූමියේ මිහිදන් කර තිබූ අවුරුදු දෙකක දැරියකගේ සිරුර එම ස්ථානයෙන් අතුරුදහන් වී ඇති බවට පොලිසියට ලැබුණ පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කළ බව නෙලුක්කුලම පොලිසිය කියයි. 08 September 2023
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සහ වේයන්ගොඩ අතර හීන්දෙනිය ප්‍රදේශයේදී අද අලුයම දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 08 September 2023
මහවැලි ගඟෙ තිබී පෞරාණික කල දෙකක් හමුවෙලා? වැලි කැණීම් කරන පෞද්ගලික සමාගමක පිරිසකට මීට සතියකට පෙර මනම්පිටිය මහවැලි ගගේ මැද තිබි පෞරානික වටිනාකමක් පුරාවස්තු මැටි කළ දෙකක් හමු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සමස්ත ලංකා අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජේකෝන් මහතා පවසයි. 07 September 2023
ජයන්ත බලවර්ධන ඌව වෙල්ලස්ස කුලපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පත් කර තිබේ. 07 September 2023
දයාසිරි වෙනුවෙන් මෛත්‍රීට ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම සඳහා නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු අද (7) ලිපියකට අත්සන් තැබූහ. 07 September 2023
යතුරුපැදියේ යමින් සිටි කතකගේ රන්මාලය කොල්ලකාලා පෞද්ගලික උපකාරක පංතියක සිටී දරුවා කැටුව ඒමට යතුරුපැදියකින් යමින් සිටී කාන්තාවකගේ ගෙලබැදි පෙන්ඩනය සහිත රන්මාලය අද පස්වරුවේ කොක්ලකා පලාගිය සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කල බව පින්වත්ත පොලිසිය පවසයි . 07 September 2023
ජනපති කියුබාවේ රාජ්‍ය නායක සමුළුව අමතයි “G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිතය. 07 September 2023
අධි මාත්‍රා වේදනා නාශක බී කොස්තාපල් රෝහලේ කළුතර දකුණ පොලිසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු වේදනා නාශක පෙති අධි මාත්‍රාවක් පානය කිරීමෙන් රෝගාතුරව කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 07 September 2023
බුලත්සිංහල පාසල් හතරක් වහයි පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නාය යෑමේ අවදානම මත බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් හතරක සිසු සිසුවියන්ට අවදානම පහව යන තුරු නිවාඩු ලබා දීමට පාසල් බලධාරීහු පියවර ගත්හ. 07 September 2023
හිටපු බන්ධනාගාර නියාමක කසිප්පු පෙරද්දී මාට්ටු නිතී විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ හිටපු බන්ධනාගාර නියාමක සුවිසල් නිවසක් තුළ කසිප්පු පෙරමින් සිටියදි ගෝඩා මිලිමීටර් ලක්ෂ 13 පමණ අඩංගු බැරල් නවයක් සහ ගෑස් සිළින්ඩර් 9ක් ඇතුළු පෙරන උපකරණ රැසක් සමග අද (7) සවස අත්අඩංගුට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 07 September 2023
පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යාන්තර පරීක්ෂණයක් පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාත්‍යාන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ද රජය සූදානම් යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ ආචාර්ය විජයදාස රාපක්ෂ මහතා පවසයි. 07 September 2023
සහල් වැඩි මිලට විකුණුවොත් දැනුම් දෙන්න සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කළ 2278/02 දරණ ගැසට් පත්‍රය නොසලකා හරිමින් වැඩි මිලට සහල් අලෙවි කිරිම සම්බන්ධව නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක්ද, පුද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ලක්ෂ 5 යේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩ මුදලක් ද අධිකරණයට නියම කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. 07 September 2023
දේශීය ආදායම් පනත සම්මතයි දේශීය ණය ප්‍රශස්තකරණයට අදාල විධිවිධාන ඇතුළත් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (7) රාත්‍රී සම්මත විය. 07 September 2023
බීලා පැදවූ හිටපු පොඑපෙ ප්‍රා. මන්ත්‍රී මාස දෙකක් හිරේ බීමතින් යතුරු පැදියක් ධාවනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු පොදුජන පෙරමුණේ ගඟ ඉහළ කෝරළේ ප්‍රාෙද්ශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුට මාස දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ ගම්පොල මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා රුපියල් 75,000/- ක දඩයකටද ඔහු යටත් කළේය. 07 September 2023
ලකුණු 40 ට අඩු වුණාට සිසුවා පාසල් ගේට්ටුවෙන් එළියට විෂය පරීක්ෂණයකින් ලකුණු 40 ට අඩුවෙන් ලබා ගත්තැයි බේරුවල, මග්ගොන මුස්ලිම් විද්‍යාලයක විදුහල්පතිවරයකු විසින් 3 වසරේ ඉගෙනුම ලබන සිසුවකු පාසල් ගේට්ටුවෙන් එළියට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුවාගේ පියා විසින් අද (7) පැමිණිල කළ බව බේරුවල පොලිසිය පවසයි. 07 September 2023
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ලක්ෂ 75 ක ත්‍යාගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ප්‍රබල එංගලන්ත කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව විස්සයි20 තරගාවලි ජය ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ඇමරිකානු ඩොලර් 25,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 75 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 07 September 2023
දොස්තර-ඉංජිනේරුවකු හදන්න යන මුදල ගැන ඇමැති කියයි මෙරට වෛද්‍යවරයකු බිහි කිරීමට රජය රුපියල් හතළිස් ලක්ෂ අනූ දෙදහස් නවසිය පහළොවක්ද ( 40092915) ඉංජිනේරුවරයකු බිහිකිරීමට රුපියල් විසි එක් ලක්ෂ පන් දහස් දෙසිය විස්සක්ද ( 2105220)වැය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද ( 7 ) හෙළි කළේය. 07 September 2023
’’එක්කෙනෙක් යන තුරු එක්කෙනෙක් කෙල හලනවා’’ සෞඛ්‍ය ඇමති විශ්වාස භංගයෙන් පැරදුනොත් ඒ තනතුර ගන්න විපක්ෂයේ කෙනෙක් කෙළ හලාගෙන බලා ඉන්න බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 September 2023
චැනල් 4 චෝදනාවට විරෝධය ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ට රාජපක්ෂවරු සහ ආරක්ෂක අංශවල ඇතැම් ප්‍රධානීන් සම්බන්ධ බවට වන වාර්තා වැඩසටහනක් ‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ නාලිකාව විකාශය කිරීමට විරෝධය දක්වමින් ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (7) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 07 September 2023
මාසයක් මුහුද යට ඉන්න නැවතුම්පොළක් මුහුද යට වරකට මාසයකට ආසන්න කාලයක් ජීවත් විය හැකි නැවතුම්පොළක් ඉදිකිරීමට ඩීප් පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් පිරිසක් සැලසුම් කර ඇත.වේල්සයේ මුහුදු වෙරළ ආසන්නයේ මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් මෙම නැවතුම්පොළ ඉදිකිරිමට තීරණය කර තිබේ. 07 September 2023
’චැනල් 4’ ගැන ගෝඨාභය කතා කරයි ‘චැනල් 4’ නාලිකාව පසුගියදා ඉදිරිපත් කළ නවතම චිත්‍රපටයේ ප්‍රධාන චෝදනාව වන ‘පාස්කු දින ප්‍රහාරය’ තමන් බලයට පත්කිරීම සදඟා හිතාමතාම කළ ප්‍රහාරයක් යන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් මේජර් ජනරාල් සුරේෂ් සලේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් හමුවූවා යැයි කථාව පැහැදිළිවම ගොතන ලද්දක් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 07 September 2023
අස්වැසුම’ දෙවැනි අදියර මුදල් බැංකුවට යවයි ‘අස්වැසුම’ සමාජ ප්රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන් 257,170 ක් සඳහා රුපියල් කෝටි 155 ක් බැංකුවලට බැ රකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 07 September 2023
සෞඛ්‍ය ගොඩගන්න බිලියන 500ක් ඕනෑ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර කරගැනීමේ අරමුණ ශ්‍රී ලංකාව බංකොලොත් ලේබලයෙන් ගලවා ගැනීම බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 September 2023
ආරක්ෂක ලේකම් සිංදුවක් ලියයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ලියූ “තාරා ගේ ආගමනය” හා “කඩොල් ඇත්තු” (පරිවර්තන) නව කතා ද්විත්වය සහ ’’ඇහේ කඳුළැලි” ගීතය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි. 07 September 2023
උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (7) සිට අයදුම් කළ හැකි බවත් අයදුම්පත් භාරගැනීම 16 වැනිදා අවසන් වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. 07 September 2023
අලි මරණ ගැන සජිත් වාර්තාවක් ඉල්ලයි අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් පසුගිය මාස කීපයේදී හදිසියේ මිය ගොස් ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් මැතිසබේට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) වනජීවී ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලීමක් කළේය. 07 September 2023
කෑම විසවී පොලිසියේ 10 ක් රෝහලට පයාගල පොලිසියේ නිලධාරීන් දස දෙනකු පමණ ආහාර විෂ වීමකින් රෝගාතුර වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 07 September 2023
හිරු ගවේෂණයට යන ඉන්දීය යානය සෙල්ෆි ගහලා ඉන්දියාව හිරු ගවේෂණයට යැවෙන, ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය, එහි කැමරාව භාවිතයට ගනිමින් සෙල්ෆි ඡායාරූප ලබා ගෙන ඇති බවත්, ඒවා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්ට එවා ඇති බවත් වාර්තා වේ. 07 September 2023
අතවර චෝදනාවට ඇල්ලූ සැකකරු කටු 2ක් ගිලලා 15 හැවරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොතුපිටිය පොලිසියේ රඳවා සිටි සැකකරුවකු පොලිසිය තුළ හැට්ට කටු දෙකක් ගිල දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොතුපිටිය පොලීසිය පවසයි. 07 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026