IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


මෛත්‍රීගේ සභාපති ධූරයට වාරණයක්

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගොනු කළ පෙත්සමකට අනුව කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය කළේය.

 



අදහස් (19)

මෛත්‍රීගේ සභාපති ධූරයට වාරණයක්

ලලිත් අම්බලන්ෙගාඩ Thursday, 04 April 2024 01:21 PM

පුදුමයි,පුදුමයි. අනේ මේ අයට මැරෙන්නවත් නිදහසක් නැද්ද.මොකද්ද මේ බල තන්හාව .කාට මානව සේවය කරන්නද

:       9       43

nanda Thursday, 04 April 2024 01:21 PM

SLFP එක මේ නායකයා විනාෂම කරා.කවදා හරි පිස්සු කෙලලා නන්නත්තාර වෙන මිනිහෙක්

:       6       53

siri Thursday, 04 April 2024 01:27 PM

එක වතාවක් පක්ෂය පවා දෙලා UNP එකත් එක්ක එකතුවෙලා රට විනාශ කරා.තවත් ලැජ්ජා නැහැ. බණ්ඩාරනායක ප්‍රතිපත්ති මේ මිනිහා රකින්නේ .දැන් නම් පිස්සු හොඳටම වැඩිවෙලා කියන ඒවා අහනකොට

:       8       50

Bandara Thursday, 04 April 2024 01:38 PM

නියමයි හිටපු ජනාධිපතිතුමියනි...

:       6       12

Buddika Thursday, 04 April 2024 01:53 PM

දෙන්නම වයස 70. ඒ කියන්නේ දෙන්නම ඉන්නේ පිටත්වීමේ පර්‍යන්තයේ. ඒත් බලතන්හාව ඉහවහා ගිහින්. කට ඇරියොත් කෝටි ගණනාවක ජනතා කැමැත්තක් තියන ගානට කතාව. ඒත් රටම දන්න මේ දෙන්න නොදන්නා දේ දෙන්නාම ජනතාව ප්‍රතික්ශේප කරන බවට...

:       3       14

ashok Thursday, 04 April 2024 01:56 PM

ඇමැතිකම්වලට කෑදර සෙට් එක තාම SLFP එක විනාශ කළේ මොන ආණුඩුව ආවත් මොවුන්ට ඇමැතිකමක් දුන්නොත් ඔක්කොම පාවාදෙනවා.

:       2       12

Hafeel Thursday, 04 April 2024 01:57 PM

කල දේ පල දේ. දැන් කුණු ගොඩට වැටිලා...

:       2       15

Kazi Shajahan Thursday, 04 April 2024 01:57 PM

මොකද එකපාරටම අන්තිම දවස්වල සිරිසේනත් එක්ක කිරියි, පැණියි වගේ...

:       0       8

ගමේ එකාලා Thursday, 04 April 2024 02:13 PM

ආප්ප කාලා අනික් පැත්තට පැන්නා. යූඇන්පී යේ පිහිටෙන් ජනාධිපති වෙන්න පුළුවන් වුණා. අන්තිමට පස්ස දොරින් මහින්දට අගමැතිකම පූජා කරලා රටම ගිනි ඇවිලුවා. ඒ මදිවාට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දන්නවා කියලා රටම කුලප්පු කෙරුවා.

:       0       25

Priyantha Dissanayake Thursday, 04 April 2024 02:22 PM

අදූරදර්ශී අවස්ථාවාදී දේශාපාලන තීරණයක් ලෙස මේ වගේ ගමේ අවමංගල්‍යාධාර සමිතියක හෝ ඉහළ පුටුවක් දීමට නුසුදුසු පුද්ගලයෙකු රටේ ඉහළම පුටුවේ වාඩිකෙරෙව්වා... එ නිසාම ශ්‍රී.ලං.නි.ප නම් ප්‍රධාන පක්ෂයේ නායකත්වයට පත්වුණා.. ඉතාමත් කෙටි කාලයකින් ඔහුගේ තත්ත්වය ඔහු විසින්ම අවස්ථා ගණනාවකදී රටට, ලෝකයට පෙන්නුවා. මෙයත් ගෝඨාභයත් අපේ රටට ලොකු හානියක්, පිටුපසට ගෙනයාමක් කළා.

:       3       29

ravin Thursday, 04 April 2024 02:55 PM

ඔය කෙනාට තව මදි... නතර කරනවානේ පිස්සන් කොටුවේ... හිතුණු හිතුණු කෙනාගේ බෙල්ල කපනවා.

:       1       11

sena Thursday, 04 April 2024 03:16 PM

හොද වැඩේ කිසිම කොලිටි එකක් නැති මිනිහෙක්. පක්ෂෙත් විනාශ කෙරුවා. රටත් විනාශ කෙරුවා.

:       1       34

Nandalal DE SILVA - France Thursday, 04 April 2024 04:04 PM

දැන් ඉතින් හිටන්ට පොළොන්නරුවට ගිහින් අමුඩේ ගහගෙන, කුඹුරු කොටන්න තමයි වෙන්නේ...!

:       1       17

Prabha Thursday, 04 April 2024 04:31 PM

වලපයයි, ගොඩපයයි... ඒත් තණ්හාවේ කෙළවරක් නෑ...

:       0       17

මැක්ස් Thursday, 04 April 2024 04:38 PM

දේශපාලන වශයෙන් දෙලොවටම වැඩක් නැති අයට හිමි විය යුතු සහ දිය හැකි ලොකුම තැන දීලා තිබුනේ මහින්ද මහතා. ඊට පස්සේ චන්ද්‍රිකා ඇතුළු පිරිස එකතු වී කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ ජනපති අපේක්ෂකකම දුන්නා. බොරු වපුරලා දිනාගත්තා. එතැනින් පටන් ගත්තු රටේ බැස්ම ගැන දැන් ජේවීපී දායක සභාවට හැර කාටකාටත් වැටැහීමක් තියෙනවානේ...!

:       9       16

බණ්ඩා Thursday, 04 April 2024 07:39 PM

හොඳ වැඩේ. මොකද බොරු කයිවාරු තියෙන්නේ. හොඳට තිබුණු පක්ෂය කෑවා මිනිහා. එළවලාම දාන්න ඕනේ...!

:       1       13

chandima Thursday, 04 April 2024 09:20 PM

ඔන්න සිරෝ වෙලාව... කියන්න ඇත්ත. ඔක්කොම කට්ටිය ඇඹරිලා යන්න.. හැබැයි පරිස්සමින්... ඇත්ත කියන්න ගිහින් පියාණෝතුමා වාෂ්පකරලා දැම්මා මතකයිනේ...?

:       0       10

KAHAWITA Friday, 05 April 2024 12:11 AM

මේ පක්ෂ ඔක්කොම එකයි

:       1       5

Sisira Kumara Friday, 05 April 2024 04:15 AM

රට පුරා දැන් පෙන්වනවා "පිස්සු සිරා" අධ්‍යක්ෂණය චන්ද්‍රිකා, තිර රචනය දයාසිරි

:       1       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දැරියට පහර දී සමාජ මාධ්‍යට මුදාහල පියා අත්අඩංගුවට
2024 මැයි මස 03 31 0

බිරිඳ විදේශ ගත වු පසු තම සිවි හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දී එය විඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරි බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි 27 හැව


ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි අධිකරණයට කැඳවයි
2024 මැයි මස 03 51 0

පල්ලෙකැලේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනා


ගාසාව යුද්ධයෙන් වසර 45 ආපස්සට
2024 මැයි මස 03 73 0

ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් පසුගිය වසර හතළිහ පුරාවට අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළුව සියළුම පුද්ගල සංවර්ධන අංශවලින් ගාසා තීරයේ ජනතාව ලැබූ ප්‍රගතිය මේ වන


අ‘පුර වකුගඩු ඒකකය මරණය අභියස
2024 මැයි මස 03 50 0

වකුගඩු රෝගයෙන් දැඩිව පීඩා විඳින රජරට ප්‍රදේශයේ විශාල රෝගීන් පිරිසක් ප්‍රතිකාර ලබන අනුරාධපුර දිස්ත්‍රික් ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ශල්‍යගාරය සහ වාට


ආගමන විගමනයට ජනතා විරෝධය
2024 මැයි මස 03 613 0

ගුවන් තොටුපළ සංචාරක වීසා නිකුත් කිරීමේ බලය ඉන්දීය සමාගමට පැවරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්ගම


ලාල් කාන්ත සමාජවාදය අත්හැරීම සතුටක්
2024 මැයි මස 03 1547 3

ලාල් කාන්ත මහත්තයා සමාජවාදය අතහැරීම ගැන සතුටු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 465 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1893 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site