IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අල්ලස්ගත් බව කියන කළමනාකාර සහකාර අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

වාහනයක් අසාදු ලේඛනයෙන් ඉවත් කර වාර්තාවක් ලබාදීම සදහා රුපියල් 80,000 ක අල්ලසක් ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගලිගමුව, බෝයගම ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්ඩංගුවට ගෙන තිබේ.

අල්ලස් ලෙස ඉල්ලූ මුදල් ලබාදීම සදහා පැමිණිලිකරු සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට ගිය අවස්ථාවේදී එම මුදල් ලබාගැනීමට එම අමාත්‍යංශය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයට සැකකරු පැමිණ එම මුදල් ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

 

 



අදහස් (1)

අල්ලස්ගත් බව කියන කළමනාකාර සහකාර අත්අඩංගුවට

අනුරුද්ධ වික්‍රමපාල Friday, 05 April 2024 08:06 AM

වාහනයක් අසාදු ලේඛන ගතකරනවා කියන්නෙ එහි ලියාපදිංචිය අවලංගු කිරීමද කියලා අහන්න වෙනවා එහෙම නැත්නම් අසාදු ලේඛන ගතකරනවා කියන්නෙ මොකක්ද කෙසේ වෙතත් වාහනය අමාත්‍යාංශයේ වෙන්දේසියේ විකුණුවා නම් එය ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම අදාල අමාත්‍යාංශයේ නිළධාරි විසින් කරන්න ඕන එහෙම නොකලානම් ඒකත් වරදක් වෙනවා කොහොම වුනත් මගේ අත්දැකීම් අනුව නම් රජයේ ආයතන වල වාහන භාරව සිටින නිළධාරින් බොහොමයක් තමන්ගෙ කියලා වාහනයක් අදාල විෂයයේ රාජකාරි භාරගෙන අවුරුද්දක් දෙකක් ඇතුලත හිමිකර ගන්නවා කියලා කියන්න පුළුවන්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site