IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනපතිට - ආණ්ඩුවට පමණක් රට හදන්න බෑ

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට පමණක් රට සංවර්ධනය කල නොහැකි යැයිද  ඒ සඳහා ජනතාවගේ සහයෝගයද ලැබිය යුතු යැයි  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රාජ්‍ය අරමුදල් නොමැතිව දානපති ආධාර යටතේ ජනතා සුභසාධක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගැසීම අද "ස්ටයිල් එකක් "බවට පත්ව ඇති බව කී අමාත්‍යවරයා 3% කුහකයන්  දේශපාලන කුහකත්වය නිසා මෙලෙස මඩ ගසන බව සඳහන් කළේය.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසැල් අටකට රුපියල් කෝටියක ප්‍රතිපාදන ලබා දීමේ අවස්ථාවලට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

මෙම රුපියල් කෝටියක ආධාර මුදල මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් අටකට ලබා දී තිබුනේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී නවුෆර් ෆවුසි මහතා සහභාගීත්වය දරණ සහිඩා පදනමයි.

මිනුවන්ගොඩ ගල්ඔලුව විද්‍යාලය, හොරම්පල්ල සීලවිමල විද්‍යාලය, මිනුවන්ගොඩ කොරස රණසිංහ මහා විද්‍යාලය , නැදගමුව කණිෂ්ඨ විද්‍යාලය, ඕපාත ශ්‍රී ගුණානන්ද ප්‍රාථමික විදුහල, උඩුගම්පොළ රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය, උඩුගම්පල ප්‍රාථමික විද්‍යාලය හා නිල්පනාගොඩ අල් අමාස් විද්‍යාලයට මෙම පදනම මගින් රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කල අතර ඊට අදාල ඉල්ලීම එම පදනමට කර තිබුනේ ඇමති ප්‍රසන්න රණතුංග මහතායි.



අදහස් (13)

ජනපතිට - ආණ්ඩුවට පමණක් රට හදන්න බෑ

අනුර පැස්කුවල් Thursday, 04 April 2024 04:01 PM

හොරා කන්නේ නැත්නම් ජනාධිපතියි, ආණ්ඩුවයි නැතුව වුණත් රට හදන්න පුළුවන්...

:       1       15

මොහමඩ් රිස්වාන් Thursday, 04 April 2024 04:02 PM

පොහොට්ටුව රජය බංකොලොත් වුණේ ජනතාවගේ සහයෝගයෙන් ද?

:       4       30

Bamunuarachchi Friday, 05 April 2024 06:21 AM

ඈබන් රිස්වාන් පොහොට්ටුව රට බංකොලොත් කලේ නැහැ. 2014 ජෙප්පෝ රනිල් සමග ලම්බෝගිනි හොයන්න පෙරලා දැමුවේ 30 අව්රුදු යුද්දේ දිනපු, නොරොච්චෝලේ විදුලි බලාගාරය හදලා තවත් ව්‍යාපෘති ගණනාවක් කරලා රටේ ආර්ථික වර්ධනය 7.3% තිබුන ආණ්ඩුවක්‌. ඊළඟට මොනාද උනේ රනිල්ගේ ආණ්ඩුව රටේ දුෂණ හොයන්න අනුරව ලොක්කා කරලා ඉස්සරහින් තියලා පිටිපස්සෙන් මහබැංකුව මංකොල්ල කෑවා. රට වැටුනේ 1977 සිටන් වෙච්ච පාලනයේ වැරදි වලට. ඒ නිසා නොදන්න මගුල් කථා නොකර මස් කඩයක් කරගෙන ඉන්න. අපේ රටේ වැඩ අපි බලාගන්නම්. මා සලාමා.

:       9       0

සුරංග Thursday, 04 April 2024 04:20 PM

මට එක්වරම ජේ.ආර් ගැන මතක් වුණා... එතුමා කිව්වේත් එතුමාට පමණක් රට හදන්න බැහැ කියලා තමයි. ඇත්තටම ජාතික ධනය කෝටි ගණනක් වියදම් කරලා මැතිවරණ පවත්වා 225 ක් තෝරා ගන්නවා. ඊළඟට එවැනිම වියදමින් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරනවා. එලෙසින්ම පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණ සඳහා වියදම් කරනවා. මෙහෙම පත්කරන නියෝජිතයින් කොටසක් රජය ගෙනයද්දී කොටසක් කඩාකප්පල් වැඩ උපරිමයෙන් කරනවා. ඒ අතරේ නිලධාරි පැලැන්තිය විවිධාකාරයෙන් වංචා හා දූෂණ කරද්දී එන්ජීඕ කාක්කෝ රටේ සාරය උරා බොනවා... ඉතින් ජනාධිපතිට පමණක් රට හදන්න බැහැ තමයි... මේනිසා ජනාධිපතිවරණය වේවා මහාමැතිවරණය වේවා ජයග්‍රහණය කරන පිරිසගේ ප්‍රතිපත්ති ජනතාව අනුමත කළා සේ සලකා පත්වෙන කුමන රජයකට හෝ නියමිත කාලය පාලනය ගෙනයාමට නොදෙනවා නම් එම පිරිස්වලට දඬුවම් දීමට නීති සැකසීම කරන්න ඕන නිදහස ලබා අවුරුදු 76 ක් ගතවෙලා වුණත් රටේ සංවර්ධනය කරන්න බැරිවුනේ... එහෙම කඩාකප්පල් ක්‍රියාවන් නිසා කියලා පේනවා.

:       5       4

මැක්ස් Thursday, 04 April 2024 04:52 PM

ජවිපය දන්නේ සමාජ මාධ්‍යය හරහා වුණාට විරුද්ධ අයට මඩ ගසන්නටයි. එහි පහරන්නටයි. එත් බැරි නම් තුවක්කුවෙන් වැඩේ දෙන්නටයි. ගෙවල් ගිනි තියන්නටයි. රණතුංග පරම්පරාව ද දන්නා එකම දේ බලහත්කාරය, චණ්ඩිකම පමණක් වුවත්, ජවිපෙ ම්ලේච්ඡත්වය ඉදිරියේ ප්‍රසන්න රණතුංග ඇතුළු ඔවුන් පරාදයි...!

:       20       2

Bamunuarachchi Friday, 05 April 2024 10:41 AM

කව්ද හාදයෙක් කියනවා මැක්ස්ට මැක්සිමම් විදිහට හිතන්න කියලා. කෑ ගැනද රට කාපු ජෙප්පන් ගැන. හිනා යන කථා නේද?

:       3       0

චතුරි Thursday, 04 April 2024 07:26 PM

ජනතාව. අවුරුදු ගාණක් හොරා කන්න ඡන්දෙ දුන්නා... ඔබලා ජනතාවට ගොනාට අන්දලා හොරා කාලා මිනීමරලා රට බන්කොලොත් කෙරුවා මේදා සැරේ. ඔබලා සේරම ගෙදර. ඔයාලා රනිල්ගේ නැට්ටෙ එල්ලිලා එන්න හදනවා... සැප ගන්න ඔබලාගේ පාර්ලිමෙන්තුවේ පරණ තැටි අරගෙන බලන්න. කොහොමද රනිල් හොරා කියලා හන්වඩු ගහපු හැටි සේරම හොරු.

:       2       11

Nimal Thursday, 04 April 2024 10:31 PM

ඇයි දෙගොල්ලන්ටම රට වනසන්න නම් හොඳ හැටි පුළුවන් .එය ඔප්පු කර හමාරයි .වරෙල්ලකෝ චන්දෙට

:       0       4

Perera Thursday, 04 April 2024 11:33 PM

මේ වගේ අය පාර්ලිමේතුවේ ඉන්නකම් රට හදන්න බැහැ

:       0       4

Jathunarachchi Friday, 05 April 2024 06:20 AM

ඔබ ගැන කුමක් කිව හැකිද ?

:       0       3

පුරවැසියා Friday, 05 April 2024 08:14 AM

මැක්ස් ටිකක් මිනිමම් විදිහට හිතන්නේ

:       1       2

Roshan Friday, 05 April 2024 10:36 AM

ඔබලා වගේ ඇමැතිලා අයින් වුණා නම් මේ රට ගොඩදාන්න පුළුවන්...!

:       0       3

විපරමා Friday, 05 April 2024 03:22 PM

දූෂිත දේශපාලුවෝ මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ, නාස්තිය නොකෙරුවා නම් රට හදන්ඩ තිබුණා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site