
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඇමතිවරු දෙදෙනා සහ මන්ත්‍රීවරයා ඉවත්කිරීමට නිවැරදි හේතු අධිකරණණය හමුවට ගොස් පැහැදිළි කිරීමට සහ පාක්‍ෂිකයන්ට සහ සංවිධායකවරුන්ට සත්‍ය කරුණු අවබෝධ කිරීමට කටයුතු කරන බව හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (4) පැවසීය.
හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ නිවසේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් එසේ පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මෙවැනි අභියෝග අලුත් ඒවා නොවන බවත් චන්ද්‍රිකා මැතිණිය, විජය කුමාරතුංග, අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් කැඩිලා යෑමේ ප්‍රතිඵලයෙන් වසර 17 ක් විපක්‍ෂයේ සිටීමට සිදුවූ බවත් ඒ මහතා කීය.
පක්‍ෂයේ තීරණයට පටහැනිව ගොස් නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 න් 11 ක් මේ වන විට ආණ්ඩුවට එකතු වී ඇති බව කී සිරිසේන මහතා සන්ධාන ලාංඡන වන පුටුව සහ බුලත් කොළය ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරු සතුව තිබීම නිසා සන්ධාන පිහිටුවීමට ද නොහැකි වූ බව ද සඳහන් කළේය.
සන්ධාන ලාංඡන ආණ්ඩුවට ගිය අය නොදීමෙන් විනය නීතිවලට පටහැනිව කටයුතු කර ඇති යැයි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවත් කුමන ප්‍රශ්න සහ අභියෝග ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසිදු, දූෂණ සහ වංචාවෙන් තොර පිරිසක් හැටියට පිරිස හැටියට ආණ්ඩුවට සම්බන්ධ නොවන බවත් ඒ මහතා කීය.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අධිකරණයට කරුණු දැක්වීමකට අනුව පක්‍ෂ සභාපතිත්වය ලබන 18 වැනිදා දක්වා තහනම් නියෝගයක් පනවා ඇති බව මාධ්‍යවලින් දැනගත් බවත් කෙසේ වෙතත් ඒ පිළිබඳ කිසිඳු ලිඛිත දැනුම්දීමක් මේ දක්වා ලැබී නොමැති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘මමත් අධිකරණයට හේතු කියනවා‘‘
Prabha Thursday, 04 April 2024 08:20 PM
මොන්ටිසෝරි ළමයි වගේ...!
Nilantha Thursday, 04 April 2024 09:06 PM
දියුණු රටවල වාගේ ධුර කාලයෙන් පස්සේ විශ්‍රාම ගියානම් ඔය ප්‍රශ්න නෑනේ...
Perera Thursday, 04 April 2024 11:27 PM
දැන් ඔහොම කියලා තව ටික දවසකින් එහෙම කියන්න බැහැ කියාවිද දන්නේ නැහැ
gayan Friday, 05 April 2024 02:19 AM
මේ පුද්ගලයා හිරේ සිටිය යුතුයි. ඔහුව එල්ලා මැරීමට හේතු 1000ක් තිබේ. එම ලැයිස්තුවේ පළමුවැන්න පාස්කු ප්‍රහාරයයි. ප්‍රහාරයට උදව් කළ සහ සැලසුම් කළ පළමු පුද්ගලයා ඔහුය.
Rifan Friday, 05 April 2024 08:24 AM
තම ජනපති ධූර කාලයෙත් පිස්සු කෙළලා ඊට පස්සෙත් පිස්සු කෙළින කාලකන්නි ජනපතිවරුන් සිටින ලොව එකම රට ශ්‍රී ලංකාවයි.
Dayasena Friday, 05 April 2024 12:47 PM
Rifan හරියට හරි ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් හැටියට හිටපු ජනාධිපති දෙදෙනාම ධුර කාලයෙන් පස්සේ පිස්සු කෙලිනවා නේද ඊළඟට මේ පුද්ගලයා ජනාධිපති හැටියට පාස්කු ප්‍රහාරය වැළැක්වීම සඳහා කිසිම දෙයක් කළේ නැහැ... ඒක පක්ෂයට සිදුකළ බලවත්ම අපකීර්තියක් කියන්න පුළුවන් ඒ නිසා පක්ෂයේ සාමාජිකයින් හැටියට අපිත් ඔයැයිට විරුද්ධව අධිකරණයේ කරුණු කියන්න බලාපොරොත්තු වෙනවා...