කෙහෙළිය ජයගනී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ පරාජයට පත්විය 08 September 2023
අමුතු නීතියක් ගැන මනුෂගෙන් මැතිසබේදී චෝදනාවක් සේවකයන් 6 දෙනකු ඇමෝනියා වළකට වැටී මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආයතනයේ හාම්පුතුන්ට නඩු පැවරූ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් හිරේ යවා ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 September 2023
අයහපත් කාලගුණය උඩරට දුම්රිය ධාවනයට බාධා කරයි ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස්කදු සහ ගල් කඩා වැටීමෙන් එම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි උමං මාර්ග අසල දුම්රිය මාර්ගය ස්ථාන දෙකකින් අවහිර වී ඇති බවත් ඒ අනුව බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නැවතු බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලදාරියෙක් පැවසීය. 08 September 2023
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට ප්‍රධාන මාර්ගයේ ගම්පහ සහ වේයන්ගොඩ අතර හීන්දෙණිය ප්‍රදේශයේ අද (8) අළුයම කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය මේ වන විට මාර්ගයෙන් ඉවත් කර ඇති බවත් ඒ අනුව පස්වරුවේ දුම්රිය ධාවනය යථා පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 September 2023
දයාසිරිගේ ඉල්ලීමත් විසිවෙයි: සරත් ඒකනායකටත් තහනමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීමට අවසර දීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (08) ප්රතික්ෂෙප කළේය. 08 September 2023
ඉන්දියා - පාකිස්තාන් තරගයට අතිරේක දිනයක් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා (10 වැනිදා) පැවැත්වීමට නියමිත තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් සම්පූර්ණ තරගයම හෝ කොටසක් හෝ පැවැත්වීමට පසුදින එනම් 11 වැනිදා අතිරේක දිනයක් ලෙස නම් කර තිබේ. 08 September 2023
සෞඛ්‍ය අවුලේ මුල මෛත්‍රී හෙළිකරයි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩා වැටුණේ 2019 වසරේ අලුත් ආණ්ඩුව පැමිණ කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් අනතුරව යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 September 2023
වෙඩික්කරුවන්ට යතුරු පැදි දුන් අය මාට්ටු සංවිධානාත්මක අපරාධකරුවන්ට පුද්ගල ඝාතන සඳහා සොරාගත් යතුරු පැදි සපයන පුද්ගලයකු මෝදර බෝලවිස්ටා වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 08 September 2023
ආරක්ෂක තත්ත්ව සමාලෝචනය කැබිනට් මණ්ඩලයට රටේ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ පළමු පියවර වන “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළේය. 08 September 2023
උසස් පෙළ නොවැම්බර් එපා අපොස උසස් පෙළ විභාගය (2023) ලබන නොවැම්බර් මස පැවැත්වීම නැවත එම විභාගයට පෙනී සිටින දරුවන්ට කරන අසාධාරණයක් බවත් ඒ අනුව ඔවුන්ට විභාගයට සූදානම් වීමට දින 100 කට අඩු කාලයක් පමණක් ලැබෙන බවත් විභාග අපේක්ෂකයෝ චෝදනා කරති. 08 September 2023
මාලිගාවත්ත වෙඩි තැබීමේ සැකකරු අත්අඩංගුවට මාලිගාවත්ත එච් ආර් ජෝතිපාල මාවතේ දී ඉකුත් (1) දින පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණි යතුරු පැදියේ පැදිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් කොළඹ අපරාධ කොට්ඨාසට මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 08 September 2023
දේශීය ආදායම් පනතට කතානායකගේ සහතිකය දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (8) සිය සහතිකය සටහන් කළේය. 08 September 2023
සුව ඇමතිට එරෙහිව ගමින් ගමට ගිය පෙත්සම භාරදෙයි සෞඛ්‍යය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහය පළකරමින් දිවයින පුරා අත්සන් කරන ලද මහජන පෙත්සම් වල ගොනුව මහජනතාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත බාරදීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පිවිසුම අසල අද (8) සිදු කෙරිණ. 08 September 2023
බාල බෙහෙත්වලින් 27ක්මැරිලා බාල බෙහෙත් භාවිතය නිසා මරණ 27ක් සිදුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද( 8 )පැවසීය. 08 September 2023
විදුලිබල ක්ෂේත්රයේ දියුණුවට ජපානය මූල්‍ය සහය දෙයි ජපාන රජයේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජනසියේ මූල්‍ය සහය මත මෙරට විදුලිබල ක්ෂේත්රයේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවැසීය. 08 September 2023
මව රට,පියා සිරකුටියක දරුවෝ මහ කැලේ මැද තට්ට තනියම මව විදෙස් ගත වීමත් පියා සිරගත වීමත් නිසා බාලවයස් කාර දරුවන් තිදෙනකු මහ වන මැද කටුමැටි ගැසූ නිවෙසක තට්ට තනියම ජිවත්වන ශෝක ජනක පුවතක් කුරුණෑගල පහළ ගිරිබාව ප්‍රදේශයෙන් අපට වාර්තා වේ. 08 September 2023
ෆ්‍රෙඩීගේ පියානෝව කෝටි 71කට වෙන්දේසි වෙයි බ්‍රිතාන්‍යයේ ගායකයෙකු මෙන්ම ගීත රචකයෙකු වන ෆ්‍රෙඩී මර්කරිගේ පියානෝව ඇමෙරිකානු ඩොලර් මිලියන 2.2 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 71 ක් පමණ)ක මුදලකට වෙන්දේසියකදී අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 08 September 2023
කොළඹ හතේ ගෙවල් තියෙන ඇමතිවරුත් රජයේ බංගලා අරගෙන’ කොළඹ හතේ ගෙවල් තියෙන ඇතැම් ඇමතිවරුත් රජයේ නිල නිවාස ලබා ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද ( 8) පැවසීය. 08 September 2023
විශ්වාස භංගය ප්‍රතික්ෂේප කරනවා සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය සනාථ කරන්නට කිසිම කරුණක් විපක්ෂය සභාවට ඉදිරිපත් කළේ නැතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 September 2023
නිල සංචිත වත්කම් සියයට 4.4 කින් අඩු වෙයි ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සියයට 4.4 කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 08 September 2023
ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ සිසුවා දිවියට සමු දෙයි මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින්ම සමත් විශ්ව විද්‍යාල වරම් ලැබූ කුරුණෑගල මලියදේව විදුහලේ ශිෂ්‍යයකු ප්‍රතිඵල ලැබී දින දෙකකට පසුව හදවත් රෝගයකට ගොදුරුව හදිසියේම මරණයට පත්වීමේ ශෝචනීය පුවතක් වැල්ලව පොලීසියෙන් වාර්තාවේ./ 08 September 2023
ග්‍රාම නිලධාරී 4,000ක් වහාම බඳවා ගනී ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නව පත්වීම් කඩිනමින් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. 08 September 2023
ඇමැති විජයදාසගෙන් මහ බැංකුවට චෝදනාවක් මූල්‍ය සමාගම් කඩාවැටීමට මෙන්ම ඒ හරහා ජනතාව අසරණතාවයට පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්රියාදාමයද බලපා ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 September 2023
කොළඹට විශේෂ රථවාහන සැලැස්මක් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්වලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පැවසීය. 08 September 2023
දර කඩන්න ගිය සීයයි මුනුපුරයි පිපිරිමකින් රෝහලේ දරකැඩීම සඳහා මුලතිව්, මාන්කුලම, නීදීපුරම් කැළයටගොස් සිටි දරුවෙකු සහ තවත් අයකු පිපිරීමකින් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇති බව මාන්කුලම පොලිසිය පවසයි. 08 September 2023
පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානිට දෙන්න පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානි අබේසේකරට බාර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය. 08 September 2023
කොළඹට කිරි හක්මනට කැකිරි හක්මන බුද්ධ ජයන්ති ප්‍රාථමික විදුහලේ වහලය අබලන් වීමෙන් වැසි දිනවලදී කුඩ ඉහලාගෙන දරුවන්ට ඉගෙන ගැනීමට සිදුව තිබේ. 08 September 2023
වැව හදන්න කිව්වාම කැලේ කැපූ කොන්ත්‍රාත්කරුට නඩු තිස්සමහාරාම කරපිඩංග වැව ප්‍රතිසංස්කරණයේ දී අනුමත සීමාව ඉක්මවා කැළේ සුද්ද කළ කොන්ත්‍රාත්කරුට නඩු පැවරීමට තීරණය කර තිබේ. 08 September 2023
ඇමතිලාට ඕන විදියට අධ්‍යාපනය වෙනස් කරනු බෑ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එක් නීති රාමුවක් යටතට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 September 2023
කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනයට අත තියයි කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. 08 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026