
(ප්‍රසාද් රුක්මල්)
විදේශීය සංචාරකයන් වෙනුවෙන් බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා විශේෂ කැලිප්සෝ සංචාරක දුම්රිය අද (5) බදුල්ල දුම්රිය ස්ස්ථානයේදී ප්‍රවාහන හා මහමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කැරිණ.
විශේෂයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විදේශීය සංචාරකයන් වෙනුවෙන් සාදා නිමකර ඇති මැදිරි හතරකින් සමන්විත මෙම දුම්රියේ සංචාරකයන් වෙනුවෙන් විශේෂ භෝජනාගාරයක්, විවෘත ප්‍රද්‍රර්ශන නැරඹුම් මැදිරියකින් සමන් විතය.
මෙම දුම්රිය ආරම්භ කල අවස්ථාවට ප්‍රවාහන හා මහමාර්ග ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් , දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සහභාගි වූහ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කැලිප්සෝ නෙමේ මෝලමක් ගහන්නේ... මෝලමක් ගගහ කෝච්චියේ යන්න තරම් සුද්දන්ට පිස්සු කියලා මම නම් හිතන්නේ නෑ...
කෝචිචියේ වඩේ විකුණපු මෑන්ට නම් මේකේ යන්න හොඳට පුරුදු ඇති...
උත්සවයට සහභාගි වෙලා තියන කට්ටිය දැක්කාම මේ විවෘත මැදිරිය හදන්න කොටි 30ක් ගියේ කොහොමද කියලා හිතාගන්න පුළුවන්...!
කැලිප්සෝ සංගීතය බටහිර කොදෙව් රාජ්‍යයක් වන ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝවල වැසියන්ට ආවේණික සංගීත ප්‍රභේදයක් බව විදේශිකයෝ දනිති. වෙනත් රටක සංගීත රිද්මයක් සංචාරකයින්ට පිළිගැන්වීමෙන් ඇති ඵලය කුමක්ද? මෙහීදී සිහියට නැගෙන්නේ සුප්‍රසිද්ධ සංගීතඥයකු සහ නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ නැසීගිය ඩබ්.බී.මකුලොලුව මහතා විස්තර කළ සිද්ධියකි. මෙරට නිදහස ලැබීමෙන් පසු, ඔහු ලාංකීය නැටුම් සහ සංගීත ශිල්පීන් කණ්ඩායමක් සමග ලන්ඩන් නුවර ප්‍රසංගයක් පවත්වා ඇත. වාදකයන් සහ ගායකයින් ඉන්දියාවේ සුප්‍රසිද්ධ කලා ආයතනවල වාදනය සහ ගායනය හැදෑරූ අය වූ අතර, ඔවුන් ප්‍රසංගයේදී ඉදිරිපත් කරමින් සිටි අංග ඉන්දියානු ශෛලියට අනුරූප ඒවායි. එවිට ප්‍රේක්ෂකයෝ, "අපට ඔබගෙන් ඕනේ ඉන්දියානු සංගීතය නොවේ. ඔබේ රටේ දෙයක් ඉදිරිපත් කරන්න," යනුවෙන් ඉල්ලා ඇත. මොහොතක් කල්පනා කළ මකුලොලුව මහතා 'ටිකිරි, ටිකිරි. ටිකිරි ලියා' කවිය ලයාන්විතව ගැයීමක් සමග, එය ප්‍රේක්ෂකයින්ගේ නොමඳ ප්‍රීතියටත්, ජනප්‍රියතාවයටත් පාත්‍ර වී ඇත. විදේශිකයින් ඉල්ලා සිටීමට පෙර, කරුණාකර අපේ රටේ දෙයක් ඉදිරිපත් කරමු...!
වැඩේ හොඳයි... නමුත් පීලි පැන්නොත් උඩ ඉන්න අයට මොකද වෙන්නේ...!
හොඳ දෙයක්...!
චාමර ඇමැතිතුමා ඔය සමගම දුම්රියේ සංචාරකයින්ට වඩේ ටිකක් විකුණා ගන්න ගමේ කොල්ලෙකුට අවස්ථාවක් දෙන්න අවස්ථාව දෙන්න බැරිද?
කැලිප්සෝ සංගීතය බටහිර කොදෙව් රාජ්‍යයක් වන ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝවල වැසියන්ට ආවේණික සංගීත ප්‍රභේදයක් බව විදේශිකයෝ දනිති. වෙනත් රටක සංගීත රිද්මයක් සංචාරකයින්ට පිළිගැන්වීමෙන් ඇති ඵලය කුමක්ද? කරුණාකර අපේ රටේ දෙයක් ඉදිරිපත් කරමු..!