දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ, වින්ස්ටන්ට් චර්චිල් උපත ලැබූ නිවසේ තිබූ, කැරට් 18 වර්ගයේ රත්තරන්වලින් නිර්මාණය කළ, ඇමෙරිකන් ඩොලර් මිලියන 6 කට වඩා වටිනා වැසිකිළි පා්ච්චිය සොරකම් කිරීම සම්බන්ධයෙන් 39 හැවිරිදි ජේම්ස් ෂීම් නමැත්තා වරදකරු විය.
රත්තරන් වැසිකිලි පෝච්චියේ සොරකම සිදුවී ඇත්තේ 2019 වසරේදීය. මෙම වැසිකිළි පෝච්චිය අසාමාන්‍ය කලා නිර්මාණයකි. එය නිර්මාණය කරනු ලැබ ඇත්තේ මාරියෝ කැටලෙන් නමැති ඉතාලි කලාකරුවා විසිනි. ඒ, ජාත්‍යන්තර කලා නිර්මාණ ප්‍රදර්ශනයක් සඳහාය.
මාරියෝ කැටලෙන් රත්තරන් වැසිකිළියක් නිර්මාණය කළේ ‘ඩොලර් දෙසීයක් වියදම් කර ආහාර අනුභව කළත්, ඩොලර් දෙකක් වියදම් කර අනුභව කළත් අවසන් ප්‍රතිඵලය එකයි’ යැයි පෙන්වා දෙමිනි. කලා නිර්මාණය ‘ඇමෙරිකා’ යන නමින් නම් කෙරුණි.
ප්‍රදර්ශනයට තබා දින කීපයකින්, වැසිකිළි පෝච්චිය අතුරුදන් විය.
එම සොරකම සම්බන්ධයෙන් වරදකරු වුණු ජේම්ස් ෂීම්, මේ වනවිටත් වෙනත් සොරකම් සම්බන්ධයෙන් වසර 17 ක සිරදඬුවමක් විදිමින් සිටී. ෆියිච් වේල්ස් බන්ධනාගාරයේ රඳවා සිටින ඔහු, ඔක්ස්ෆර්ඞ් ක්‍රවුන් කෝට් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රන් වැසිකිළිය සොරා ගත්තාට සිර දඬුවම්