IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලොරියක් අලියෙකුගේ ගැටී 2ක් මරුට 6ක් රෝහලට

(ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද ජලාශ මාර්ගයේ සිට නාඋල දෙසට ධාවනය වු කුඩා ලොරි රථයක වන අලියෙකු ගැටී රථය පෙරලියාම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇතැයි නාඋල පොලිසිය කියයි.

මොරගහකන්ද - වදුරුමුල්ල ප්‍රදේශයේ දී අද (05) අළුයම එකට පමණ අනතුර සිදුව තිබේ.

මාදියාවෙල, පුබ්බිලිය ප්‍රදේශයේ පදිංචි කෝරළේගෙදර සෙණරත් අසංක බණ්ඩාර යන අය විසින් පුද්ගලයින් අට දෙනෙකු රැගෙන මොරගහකන්ද සිට කෝන්ගහවෙල දෙසට ලොරි ධාවනය කරමින් සිටියදි වන අලියෙකු එක් වරම මාර්ගය හරහා ගමන් කිරිමේ දී ලොරි රථය එම අලියාගේ ගැටීමෙන් පසු ලොරිය පෙරලි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සිදුකල මුලික පරික්ෂණ වල දී අනාවරණය වී තිබේ.

අනතුර හේතුවෙන් ලොරි රථයේ පිටුපස තට්ටුවේ ගමන් ගත් සූරියවැව, සිංහපුර, ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂ දේවයලාගේ දිලුක නුවන් (25) යන අය හා නාවල, ගනේවත්ත නිකදළුපොත  පදිංචි ඥානපුර හේනයලාගේ ධනන්ජය නවරත්න යන අයවලුන් බරපතල තුවාල ලබා කෝනගහවෙල රජයේ රෝහලට ඇතුලත් කිරිමේ දී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් ලොරි රථයේ ගමන් ගත් සෙසු පුද්ගලයන් තුවාල ලබා අඹන රෝහලට ඇතුලත් කල අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා බරපතල තුවාල ලැබූ දෙදෙනකු මාතලේ මහරෝහල වෙත මාරුකර යවා ඇත.

සිද්ධියෙන් පසු ලොරි රථය පැදවු පුබිබිලිය, කෝරලේගෙදර සෙරත් අසංක බණ්ඩාර යන අය පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහන ගමගේ මහතාගේ හා මාතලේ සහකාර පොලිස් අධිකාරි( 2) යු.ජි.පි.කේ. රත්නායක මහත්වරුන්ගේ උපදෙස් පරිදි නාඋල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක මහතාගේ අධීක්ෂනය යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක හේරත් මහතා ප්‍රමුඛ නිලධාරින් කණ්ඩායමක් සිද්දීය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වති.



අදහස් (2)

ලොරියක් අලියෙකුගේ ගැටී 2ක් මරුට 6ක් රෝහලට

Buddika Friday, 05 April 2024 01:17 PM

මේ අනතුරට සම්බන්ධ "අලියා" අල්ලා නීතිය හමුවට පැමිණවිය යුතුයි...

:       8       16

Bunny Preena Saturday, 06 April 2024 09:29 AM

අලින් මාරුවන ස්ථානවල පුවරු ප්‍රදර්ශනය කරනවනේ.. ඉතින් විමසිල්ලෙන් සහ අවධානයෙන් යන්න එපෑයෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site